Author: Bandara Senanayaka

පසුගිය 29 දා කඩවත පොලිස් බල ප්‍රදේශයට අයත් පාසලක පාසල් වාර විභාගය පැවැත්වෙමින් තිබියදී ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියමින් සිටි කඩවත ප්‍රදේශයේ මිශ්‍ර පාසලක 10 වැනි ශ්‍රේණියේ සිසුන්ගේ හිසකෙස් පිළිතුරු පත්‍රය මතට කපා දම්මින් දරුවන්ගේ මානසිකත්වය බිඳහෙළමින් කටයුතු කළ පාසලේ විනය භාර ආචාර්යවරියක පිළිබඳව තොරතුරු වාර්තාවී ඇත. මෙම සිදුවීමෙන් සිසුන් දැඩි මානසික අපහසුතාවකට පත්ව ඇතැයි දෙමාපියන් කැළණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර ඇත. මෙම පාසලේ 10 වැනි ශ්‍රේණියේ පංති හතරක් ඇති අතර මෙම පංති හතරේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් දෙදෙනකු හැර අන් සියලුම සිසුන්ගේ හිසකෙස් මෙලෙස විනය භාර ගුරුවරිය විසින් කපා දමා ඇත. සිසුන් නිවසට පැමිණ…

Read More

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි වියට්නාම සහ චීන ජාතිකයින් පිරිසක් බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස හසු වී තිබෙනවා. හිදී අත්අඩංගුවට ගත් පිරිස අතර වියට්නාම ජාතිකයින් 48 දෙනෙකු සහ චීන ජාතිකයින් දෙදෙනෙකු සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Read More

තම නාවික හමුදා නෞකාවකට ප්‍රහාර එල්ල කළ බවට ඉරානය විසින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බව ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිල වශයෙන් නිවේදනය කරනවා. එක්සත් ජනපද නාවික හමුදාවට අයත් කිසිදු නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී නොමැති බව ඔවුන් අවධාරණය කරන්නේ. ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් පනවා ඇති නාවික අවහිර කිරීම් තවදුරටත් දැඩිව බලාත්මක කරන බව ද මධ්‍යම විධානය සඳහන් කර සිටියා. එමෙන්ම, කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක වන “Project Freedom” (නිදහස ව්‍යාපෘතිය) සඳහා තම හමුදාවන් අඛණ්ඩව දායකත්වය ලබා දෙන බවයි ඇමරිකාව වැඩිදුරටත් දන්වා සිටියේ.

Read More

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වත්මන් මහඇමති එම්.කේ ස්ටාලීන් මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වී තිබේ. ඔහු මෙවර කොලතූර් මැතිවරණ ආසනයෙන් තරග කළේය. එම්.කේ ස්ටාලීන් පාලක පක්ෂයේ සිට පරාජයට පත් වූ සිව්වන මහඇමතිවරයා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔහු 2011 වසරේ සිට අඛණ්ඩව මෙම ආසනය ජයගෙන තිබීමත් විශේෂත්වයකි. මෙවර මහඇමතිවරයා පරාජයට පත් වූයේ තමිලග වෙට්ට්‍රි කළගම් පක්ෂය නියෝජනය කරමින් තරග කළ වී.එස්. බාබු හමුවේය. ඔහු එම්.කේ ස්ටාලීන්ගේ පක්ෂයේ සභාපතිවරයාගේ සමීපතමයෙකු වන අතර එම පක්ෂය නියෝජනය කරමින් 2006 වසරේදී පුරසවල්කම් ආසනය ජයගත්තේය.

Read More

අධිකරණයේ ස්වාධීනත්වයට රජය විසින් එල්ල කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව සර්වජන බලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහලේකම් නීතිඥ රන්ජන් සෙනෙවිරත්න මහතා අවධාරණය කර ඇත්තේ, අදාළ ප්‍රකාශ නිර්ලජ්ජිත, ප්‍රකෝපාකාරී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ආරක්ෂා කළ නොහැකි ඒවා වන බවය. අධිකරණය විධායකයේ අභිමතයට නතු කර ගැනීමට සිතාමතා කරන ලද උත්සාහයක් බව ද එහි සඳහන්ය. මෙය හුදු දේශපාලන විවරණයක් නොව මෙය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එල්ල කරන ලද ප්‍රහාරයක් බව සර්වජන බලය අවධාරණය කරයි. ආණ්ඩු බලයට පත්වී බිඳ වැටෙයි, දේශපාලන බහුතරයන් ඇතිවී නැති වූව ද පරම්පරා ගණනාවක් පුරා ගොඩනැගූ යුක්තියේ ආයතනය වරක් බිඳ වැටුණු පසු ඒ්වා යථා තත්ත්වයට පත් කිරීමට පහසු…

Read More

පසුගිය 2022 වසරේ ජූලි මස 25 වනදා අරගලකරුවන්ට පහරදුන් බව කියන සිද්ධියේ හිටපු ඇමැති සනත් නිශාන්ත ඇතුලු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ ඇප නොදෙන ලෙස ඉල්ලමින් කොටුව අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළ බවට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුලු අයවළුන්ට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා අගෝස්තු මස 17 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (04) නියෝග කළා. නඩුව කැඳවූ අවස්ථාවේදී කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති උපදෙස් සදහා යොමු කර ඇතැයි දන්වා සිටියා. පසුගිය නඩු දින අධිකරණය හමුවේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ වෛද්‍ය…

Read More

දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මරදාන සිට දකුණු කළුතර සහ කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වන දුම්රිය ගමන් වාර ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Read More

මෙරට මත්පැන් පරිභෝජනය ඉහළ යමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි. 2025 වසරේ දත්තවලට අනුව බියර් නිෂ්පාදනය 5%න් සහ මධ්‍යසාර නිෂ්පාදනය 17%න් ඉහළ ගොස් ඇති අතර ඒ හරහා මධ්‍යසාර පරිභෝජනය ඉහළ ගොස් ඇති බවට නිරීක්ෂණය වන බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි. 2024 වසර ආරම්භයේ සිදුවූ සංශෝධනයෙන් පසු මේ දක්වා මධ්‍යසාර මිලෙහි සංශෝධනයක් සිදු නොවීම මෙම තත්ත්වයට බලපාන ප්‍රධානතම සාධකය වී ඇති බව මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය පවසයි. උද්ධමනය සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව මධ්‍යසාර මිල ස්ථාවරව පැවතීම හේතුවෙන් මධ්‍යසාර මිලදී ගැනීමේ හැකියාවේ විශාල වර්ධනයක් සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි. මෙම කාලය…

Read More

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩි වැදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීව නමැත්තාගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යැයි සැලකෙන හිටපු යුද හමුදා සෙබළෙකු වන මහේෂ් ඔබේසේකර ලබන 7 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(4) නියෝග කළා. සිද්ධියට අදාල වැඩිදුර වාර්තාවක් අධිකරණට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස නියෝග කලා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම සැකකරු මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවයි. එහිදී අනාවරණය වූ කරුණු අනුව මෙම සැකකරු පාතාල කල්ලි නායකයන් බොහෝ දෙනකු සමඟ සබඳතා පවත්වා ඇති බවත් ඔහු පදිංචි නිවසේ තිබි යුධ…

Read More

හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සිය වාර්තා කරනවා. දේශීය මූලාශ්‍ර උපුටා දක්වමින් ඉරානය පවසන්නේ, ජස්ක් (Jask) දූපත ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවට ගමන් නවත්වන ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guard) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බවයි. එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව එම විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්. මෙම වාර්තාගත ප්‍රහාරය එල්ල වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකාවන්ට ආරක්ෂිතව පිටතට පැමිණීම සඳහා මඟ පෙන්වීමට ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ නමින් විශේෂ මෙහෙයුමක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව…

Read More