Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

    May 4, 2026

    කටුගස්තොට වෙඩි තැබීමකින් මහනුවර රෝහලේ සේවකයෙකුට තුවාල

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»මූල්‍ය සේවා මත වැට් බද්ද 20.5%දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යංශයෙන් යෝජනා
    උණුසුම් පුවත්

    මූල්‍ය සේවා මත වැට් බද්ද 20.5%දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යංශයෙන් යෝජනා

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 4, 2026Updated:May 4, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු හෙවත් වැට් පනත සංශෝධනය කිරීම සඳහා වන නව කෙටුම්පතක් මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    එමගින් මේ වසරේ ජූලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වැට් බදු කිහිපයක් පැනවීමට යෝජිතයි.

    ඒ අනුව මූල්‍ය සේවා මත වැට් බදු 18% සිට 20.5%ක් දක්වා වැඩි කිරීමට කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.

    එමෙන්ම ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සපයනු ලබන සේවා එනම් අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ගෙන් 18%ක වැට් අය කිරීම ද මෙම වසරේ ජූලි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීම ද එමගින් යෝජිතයි.

    මෙය පසුගිය වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද එය මේ වසර දක්වා කල්දැමුණා.

    සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහය සහ කළමණාකරණය කළ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙම වැට් අය කිරීමට යටත් වනවා.

    නව කෙටුම්පතින් නිර්වාසික තැනැත්තෙකු එනම් විදේශයක සිටින තැනැත්තෙකු විසින් ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා මාර්ගගත පාඨමාලා, සම්මන්ත්‍රණ, පුහුණු, ඩිජිටල් අධ්‍යාපන වේදිකා, අතථ්‍ය පන්ති කාමර, වෙළෙඳපොළවල් හි ඇති ඉගෙනුම් කළමනාකරණ පද්ධති සහ පාඨමාලා ඇතුළු අධ්‍යාපන සේවා සැපයීමේදී ද වැට් අය කිරීමට යෝජිතයි.

    එමෙන්ම මාර්ගගත උපදේශනය, ඩිජිටල් බෙහෙත් වට්ටෝරු, කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත රෝග විනිශ්චයන්, ඩිජිටල් සෞඛ්‍ය නිරීක්ෂණ සහ දුරස්ථ වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ සේවා ද ඊට ඇතුළත් කිරීමට කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මගින් සේවා සපයනු ලබන නිර්වාසික තැනැත්තකුගේ,

    2026 ජූලි මස 01 වන දින හෝ එදිනට පසු එවකට අවසන් වන මාස 12ක කාල සීමාව තුල එම සේවා සැපයුම්වල සමස්ත වටිනාකම, රුපියල් මිලියන තිස් හයක් හෝ වෙනත් යම් ව්‍යවහාර මුදලකින් ඊට සමාන මුදලක් ඉක්මවා ඇත්නම් එම තැනැත්තා මෙම පනත් කෙටුම්පත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු බව ද සඳහන්.

    මේ අතර වැට් බදු සඳහා තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා වන සීමාව අඩු කිරීම ද මේ වසරේ ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට මෙම කෙටුම්පතින් යෝජිතයි.

    ඒ අනුව 2026 වසරේ ජූලි මස පළමු වැනි දින හෝ එදිනට පසු ශ්‍රී ලංකාව තුළ යම් බදු අය කළ හැකි ක්‍රියාකාරකමක් කරන හෝ කරගෙන යනු ලබන සෑම තැනැත්තෙකුම,

    (අ) යම් බදු අය කළ හැකි කාලසීමාවක් අවසානයේදී එම තැනැත්තාගේ එම බදු අය කළ හැකි කාලසීමාව තුළදී, ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හෝ සේවා හෝ භාණ්ඩ සහ සේවාවල බදු අයකළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 9 ඉක්මවා ඇත්නම් එම තැනැත්තා මෙම පනත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු බව කෙටුම්පතේ දක්වා තිබෙනවා.

    (ආ) එමෙන්ම එවකට අවසන් වන මාස 12ක කාලසීමාව තුළදී එම තැනැත්තාගේ භාණ්ඩ හෝ සේවා හෝ භාණ්ඩ සහ සේවාවල බදු අයකළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 36ක් ඉක්මවා ඇත්නම් එම තැනැත්තා ද මෙම පනත යටතේ ලියාපදිංචි කරනු ලැබීමට යටත් විය යුතු බව කෙටුම්පතේ සඳහන්.

    එම පනත් කෙටුම්පත පහතින්

    31-2026_SDownload
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

    May 4, 2026

    කටුගස්තොට වෙඩි තැබීමකින් මහනුවර රෝහලේ සේවකයෙකුට තුවාල

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026

    සයිබර් අපරාධ චෝදනා එල්ල වූ රාජගිරියේ දී අත්අඩංගුවට පත් විදේශිකයන් මැයි 6 දක්වා රිමාන්ඩ්

    May 4, 2026

    හෝමූස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නැව් නිදහස් කිරීමට ජනපති ට්‍රම්ප්ගේ project freedom අද ඇරඹේ

    May 4, 2026

    හෝමූස් ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

    May 4, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

    May 4, 2026

    මුලතිව්, කල්ලප්පාඩු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. අදාළ ධීවරයින් දෙදෙනා…

    කටුගස්තොට වෙඩි තැබීමකින් මහනුවර රෝහලේ සේවකයෙකුට තුවාල

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026

    සයිබර් අපරාධ චෝදනා එල්ල වූ රාජගිරියේ දී අත්අඩංගුවට පත් විදේශිකයන් මැයි 6 දක්වා රිමාන්ඩ්

    May 4, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

    May 4, 2026

    කටුගස්තොට වෙඩි තැබීමකින් මහනුවර රෝහලේ සේවකයෙකුට තුවාල

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026

    සයිබර් අපරාධ චෝදනා එල්ල වූ රාජගිරියේ දී අත්අඩංගුවට පත් විදේශිකයන් මැයි 6 දක්වා රිමාන්ඩ්

    May 4, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    මුලතිව් ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්

    May 4, 2026

    කටුගස්තොට වෙඩි තැබීමකින් මහනුවර රෝහලේ සේවකයෙකුට තුවාල

    May 4, 2026

    ලොකු පැටීගේ ගෝලයින් දෙදෙනෙකු පිස්තෝලයක් සමග අත්අඩංගුවට

    May 4, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.