Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
කටුගස්තොට පොලිස් වසමේ මාවිල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු නිවසේ ආරක්ෂක වැටක ඉදිකිරීම් කටයුත්තක් සිදු කරමින් සිටියදී ග්‍රයින්ඩරයකට ගෙල කැපීමෙන් මියගොස් තිබේ. ඊයේ (05) උදෑසන කාලයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු තම නිවසේ ඉදිරි ආරක්ෂක වැට පිළිසකර කර ගැනීම සඳහා යොදා ගත් ග්‍රයින්ඩරයට ගෙල කැපී එම ස්ථානයේම මියගොස් සිට ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
තම දියණිය කෲ-ර ලෙස අපයෝ*ජනයට ලක් කිරීමේ පළිය ගැනීමට දේශපාලනයට පිවිසි මේ කාන්තාව 2026 බටහිර බෙංගාල මැතිවරණ සමයේ පුවත් මවන්නියක වුණා. ඇය නමින් රත්නා දේබ්නාත්. ඇගේ දියණිය පුහුණු වෛද්‍යවරියක ලෙස කල්කටාවේ රෝහලක රාත්‍රී සේවා මුරයේ නියුතුව සිටියදී සමූ*හ අප*යෝජනයට ලක් කොට ම*රා දැමුණා. 2024 දී සිදුවූ මෙය ඉන්දියාව සසල කළ පුවතක් වූ අතර මේ සම්බන්ධව යුක්තිය ඉල්ලා විශාල පරිමාණයෙන් මහජන උද්ඝෝෂණ පැවැත්වුණා. ජාතික මට්ටමෙන්ම මැදිහත් වී සිදුවීම සම්බන්ධ පරීක්ෂණ කටයුතු සිදු කොට ප්‍රධාන වැරදිකරු ලෙස හඳුනාගත් පුද්ගලයා ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට යටත් කරනු ලැබුවා. එහෙත් රත්නා මෙවර දේශපාලනයට පිවිසෙන්නේ සිය දියණියට නිසි පරිදි යුක්තිය ඉටු නොවුණු බව කියමින්. එක් පුද්ගලයෙකුට…
කීව් — රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ නගර කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීන් පවසයි. මෙම ප්‍රහාර, කීව් පාලනය විසින් ප්‍රකාශයට පත් කළ නව සටන් නවතාදැමීමකට (ceasefire) පෙර සිදු වී ඇත. ඉලක්ක වූ නගර අතර ක්‍රාමටෝර්ස්ක් (Kramatorsk),සැපොරීෂියා (Zaporizhzhia),චර්නිහිව් (Chernihiv),ද්නිප්‍රෝ (Dnipro),පොල්ටාවා (Poltava) සහ කාර්කිව් (Kharkiv) ඇතුළත් බව වාර්තා වේ. ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි හා යටිතල පහසුකම් දැඩි ලෙස හානිවී ඇති අතර, තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇතැයි ද සඳහන් වේ. යුක්‍රේන පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ, මෙම ප්‍රහාරවලින් පසු සටන් නවතාදැමීම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සැක සහිත තත්ත්වයක් පවතින බවයි. එම අතර, රුසියානු පාර්ශ්වයෙන් මෙම ප්‍රහාර පිළිබඳ වහාම ප්‍රතිචාරයක් නිකුත් වී…
විමල් වීරවංශ, පියංකර ජයරත්න, රාජිත සේනාරත්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සජින් වාස් ගුණවර්ධන, චාමර සම්පත්, සරණ ගුණවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මර්වින් සිල්වා, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චම්පික රණවක, කෙහෙළිය රඹුක්වැල්ල, යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසකගේ නඩු තීන්දු ඉදිරියේ දී ඒමට හැකි බව කැබිනට් ප්‍රකාශක ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. “සමහර නඩු කල් යන්නත් පුළුවන්. සරණ ගුණවර්ධනගේ නඩුව අප්‍රේල් 30 ද කොහේද තිබුණා මැයි 25ට කල් ගියා. පොඩ්ඩක් බලන් හිටියොත්, මතක තියන් හිටියොත් නඩු දින මතක තියා ගන්න පුළුවන්. එය සාමාන්‍ය දැනීමයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (06) දෙවන දිනටත් පහළ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය නිමා කිරීම සඳහා සාම ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ ලෙසෙ බොරතෙල් මිල පහළ වැටී ඇත. මැදපෙරදිග කලාපයෙන් යළිත් බාධාවකින් තොරව තෙල් සැපයුම ආරම්භ වනු ඇතැයි පවතින බලාපොරොත්තු මීට ප්‍රධාන හේතුව වී ඇත. ඒ අනුව, බ්‍රෙන්ට් වාර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.52 කින් (1.38% කින්) පහත වැටී ඩොලර් 108.35 ක් ලෙස සටහන් විය. අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) මිල බැරලයකට ඩොලර් 1.50 කින් (1.47% කින්) පහත වැටී ඇති අතර එහි නව මිල දැක්වුණේ අමෙරිකානු…
2025 වසරේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පදනම් කරගෙන 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් කැඳවීම මැයි මස 19 වන දින දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි අලෙවිසැල් වලින් ලබා ගත හැකි බවත් එහි මෘදු පිටපත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය හරහාද මාර්ගගතව මිලදී ගත හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ අයදුම්පත් භාරගැනීම පසුගිය 28 වැනිදා ආරම්භ වූ අතර එම වසරේ උසස් පෙළ ප්‍රතිපළ අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන තිබුණි.
2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (06) පැවැත්වෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මේ සම්බන්ධයෙන් වාචික අදහස් ලබාගැනීම සිදු කරනු ඇත. 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය සහ 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතයේ 29(10) වගන්තිය (සංශෝධිත) ප්‍රකාරව මෙම මහජන උපදේශනය සිදු කරනු ලබයි. නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම විසින් මේ වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා මෙම අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය යෝජනා කරන ලදී
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකොට සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (05) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ විය. කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යොහාන් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වශයෙන් නම් කර සිටි ගයාන් විනෝදක අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ සිද්ධිය වූ දින තමා මිතුරෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඉදිරියේ දුමක් වැනි දෙයක් දුටු බවත් එම ස්ථානයේ අනතුරක්…
ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබා දීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. කෙසේ වෙතත්, ඉරාන වරායන් වෙත පනවා ඇති අවහිර කිරීම් දිගටම ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළේය. අමෙරිකානු ජනාධිපතිවරයා සිය ටෘෘත් සෝෂල් (Truth Social) හි සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, පාකිස්තානය ඇතුළු මැදිහත්කාර රටවල ඉල්ලීම් සහ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එකඟතාවල ප්‍රගතිය සලකා මෙම තීරණය ගත් බවය. “ගිවිසුම අවසන් කර අත්සන් කළ හැකිදැයි බැලීමට අපි කෙටි කාලයකට මෙහෙයුම නවතා දැමීමට එකඟ වුණා,” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා…
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම සහ, ඒ අශ්‍රිතව දිවයින ආසන්නයේ පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් අද (06) දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුළින් බරව පවතින අතර උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී…
