ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය තවමත් ක්‍රියාත්මක මට්ටමේ පවතින බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.
ආරක්ෂක ලේකම්වරයා මේ බව අවධාරණය කළේ කලාපීය ආරක්ෂාව සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) වර්තමාන තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙග්සෙත් පෙන්වා දුන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදුවන ක්‍රියාන්විතයන් සටන් විරාමයට අදාළ නොවන, “වෙනම සහ පැහැදිලි” මෙහෙයුමක් ලෙස සලකන බවයි.

