Author: Bandara Senanayaka

කුරුණෑගල මහ නගර සභාවේ අංක 01, ගංගොඩ කොට්ඨාසය නියෝජනය කරන නාගරික මන්ත්‍රී බී.ඩබ්ලිව්. ප්‍රේමචන්ද්‍ර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ලිපියක් මගින් ඔහු කුරුණෑගල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා වෙත මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ (05) දිනයේ දියි. නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි ඔහු සිය අත්සනින් යොමු කළ ලිපියෙහි දක්වා ඇත්තේ.

Read More

දිවයින පුරා ඩෙංගු රෝගය යළි හිස එසවීමේ දැඩි අවදානමක් පවතින බවත්, මේ වසරේ ගතවූ කාලය තුළ ජාත්‍යන්තර පාසලක දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකු ඩෙංගු රෝගයෙන් මියගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ පසුගිය (04) වැනිදා දිනය වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,071ක් වාර්තා වී ඇති බවයි. සංඛ්‍යාලේඛනවලට අනුව, මාර්තු මාසයේ රෝගීන් 6,013ක්, අප්‍රේල් මාසයේ: රෝගීන් 5,662ක් සහ මැයි 04 වනදා දක්වා රෝගීන් 809ක් වශයෙන් වාර්තා වී ඇතැයි වැඩබලන අධ්‍යක්ෂවරයා පවසනවා. දැනට පවතින තත්ත්වය අනුව පළාත් හතරක රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර…

Read More

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය එකඟතාවයකට පැමිණෙමින් සිටින බවට පැතිර යන ආරංචිත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. දේශීය වේලාවෙන් පස්වරු 5.00 වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97.11 ක් ලෙස සටහන් වූ අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 88.94 ක් දක්වා පහත වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

Read More

විදේශ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් පවතින විවිධ සැකසංකා දුරු කිරීම සඳහා වහාම මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) පවත්වන ලෙස “දිනන දකුණ” දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමුහිකය රජයෙන් ඉල්ලා සිටිනවා. අද (06) දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් එම සාමුහිකය පෙන්වා දෙන්නේ මෙම මරණය මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති බවයි. මෙම මරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමු, පාර්ලිමේන්තු විවාද සහ සමාජ මාධ්‍ය හරහා විවිධ පරස්පර අදහස් සහ සැකයන් මතු වී ඇති අතර අතිශය සංවේදී ඡායාරූපද සංසරණය වෙමින් පවතින බවයි එම සාමුහිකය පවසන්නේ. ඉතිහාසයේ සිදු වූ විසඳුම් නොලැබුණු වසිම් තාජුඩීන් ඝාතන…

Read More

තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේ වෙත, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. අද (06) පැවති පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු මෙම සුබ පැතුම් එක්කළේය. එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලට බලපාන කරුණු කිහිපයක් තලපති විජේගේ අවධානයට යොමුකර ඇති තොන්ඩමන් මහතා, කච්චතිව් දූපත සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. එමෙන්ම වසර ගණනාවක සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුහුණදෙන ප්‍රායෝගික ගැටලුවක් වන ධීවර ගැටලුව විසඳීමට වැඩි අවධානයක් යොමුකරන ලෙසත් මෙහිදී ඉල්ලා තිබේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවන් තොන්ඩමන් මහතා, “තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති ලෙස දිවුරුම්දීමට නියමිතව සිටින විජේ මහතාට මම සුබ…

Read More

තැපැල් දෙපාර්තමේන්තුව විසින් US Post වෙත ගෙවූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් එම දෙපාර්තමේන්තුව වෙත නොලැබීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක විමර්ශන ඒකකය අද (6) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දී තිබෙනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි පරිඝණක සංසදය CERT ලවා ස්ථානීය පරීක්ෂාවක් සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එම ආයතනයට නියෝග කර ඇති බව සඳහන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා. අවස්ථා දෙකක දී මෙම මුදල් බැර කර ඇති බවත් ඊට අදාළව ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරීන්ගේ සහ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ ප්‍රකාශ සටහන් කර ගත් බවත් මෙතෙක් සැකකරුවෙක් අනාවරණය වී නැති බවත්…

Read More

බහාලුම් 323ක් ආන්දෝලනාත්මකව රේගුවෙන් පිට කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (05) පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ, මෙම සිද්ධියනේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පත් කර ඇති කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදීම සඳහාය. හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුව හමුවේ තමන් ප්‍රකාශ ලබා දුන් බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි වගකීමක් ඇති ජනාධිපතිවරයාගෙන් සහ වරාය කටයුතු අමාත්‍යවරයාගෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට කමිටුව තීරණය කර නොමැති බව උදය ගම්මන්පිල මහතා පැවසීය. ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා නොගැනීම හේතුවෙන් ඔවුන්ට අසාධාරණයක් වන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Read More

තමන් රාජකාරි බහුලත්වය හේතුවෙන් දැඩි මානසික පීඩනයකට පත්ව ඇති බවට දෛනික සටහන් පොතේ (IB) සටහනක් තබා, පයාගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය නිල ඇඳුම් ද පොලිස් ස්ථානයේ දමා පිටව ගොස් ඇතැයි වාර්තා වෙනවා. මෙසේ සේවය හැර ගොස් ඇත්තේ අංක 107821 දරන කොස්තාපල් මළිඳු දිල්හාර නමැති නිලධාරියෙක්. ඔහු ඊයේ (05) දින පොලිස් ස්ථානයේ දෛනික සටහන් පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, රාජකාරි කටයුතු අධික වීම නිසා තමන් දැඩි මානසික පීඩනයකින් පසුවන බවයි. අනතුරුව තමන් සතු නිල ඇඳුම් සහ එහි අනෙකුත් කොටස් පොලිස් ස්ථානය තුළම දමා ඔහු පිටව ගොස් ඇතැයි පයාගල පොලිසිය පවසනවා. පිටිගල, ඉදිපලේගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි…

Read More

රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ, පාතකඩ හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ රිය අනතුරකින් මව සහ පුතා මියගොස් තිබෙනවා. මිය ගිය මව 49 හැවිරිදි වියේ පසුවන අතර, පුත්‍රයා 28 හැවිරිදි වියේ පසුවන හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු මේ වනවිට රත්නපුරය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ රිය සහයක පැල්මඩුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

2024 වසරේ සිට 2026 පළමු කාර්තුව දක්වා කාලය තුළ NDB බැංකුව තුළ සිදුව ඇති රුපියල් බිලියන 13.2ක (මිලියන 13,200ක) දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගෙන් වහාම ප්‍රකාශයක් බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා. පාර්ලිමේතුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියේ. එසේම වසර තුනකට වැඩි කාලයක් තිස්සේ සිදු වූ බව කියන අක්‍රමිකතා අනාවරණය කර ගැනීමට බලධාරීන් අපොහොසත් වූයේ කෙසේදැයි ඔහු එහිදී ප්‍රශ්න කළා. තවද, මෙම වංචාව අනාවරණය වීමට මාස 16කට පෙර අවම වශයෙන් බැංකු දෙකක් සැකසහිත ගනුදෙනු පිළිබඳව වාර්තා කර තිබියදීත්, ඒ පිළිබඳව ක්‍රියා කිරීමට අපොහොසත් වූයේ ඇයිදැයි ඔහු ප්‍රශ්න කරනවා. එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා,…

Read More