Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026

    ඉරානය එකඟ නොවුවහොත් ”එපික් ෆියුරි සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

    May 6, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කච්චතිව් සිහිකරමින් තලපති විජේට ජීවන් තොන්ඩමන්ගෙන් සුබ පතුම්
    උණුසුම් පුවත්

    කච්චතිව් සිහිකරමින් තලපති විජේට ජීවන් තොන්ඩමන්ගෙන් සුබ පතුම්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 6, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේ වෙත, ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා සිය සුබ පැතුම් එක් කර තිබේ. 

    අද (06) පැවති පාර්ලිමේන්තු සභාවාරය අමතමින් ඔහු මෙම සුබ පැතුම් එක්කළේය.

    එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලට බලපාන කරුණු කිහිපයක් තලපති විජේගේ අවධානයට යොමුකර ඇති තොන්ඩමන් මහතා, කච්චතිව් දූපත සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. 

    එමෙන්ම වසර ගණනාවක සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මුහුණදෙන ප්‍රායෝගික ගැටලුවක් වන ධීවර ගැටලුව විසඳීමට වැඩි අවධානයක් යොමුකරන ලෙසත් මෙහිදී ඉල්ලා තිබේ.

    මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවන් තොන්ඩමන් මහතා,

    “තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති ලෙස දිවුරුම්දීමට නියමිතව සිටින විජේ මහතාට මම සුබ පතනවා. ඒ වගේම ප්‍රශංසා කරනවා. සාමාන්‍යයෙන් මිනිසුන් දේශපාලනයයි, සිනමාවයි වෙන් කරලා බලන්නේ නැහැ. මෙච්චර දවස් එයාව නළුවෙක් විදිහට දැක්ක මිනිසුන් දැන් නායකයෙක් විදිහට තෝරගෙන තියෙනවා. රසිකයින්ට පුළුවන් කෙනෙක්ව ඉහළ තැනකට අරන් යන්න. නමුත් ජනතාවට විතරයි පුළුවන් නායකයෙක් පත් කරගන්න. එහෙම තියෙද්දී, අද අලුත් ඉතිහාසයක් ලියැවිලා තියෙනවා. 

    මම දෙයක් කියන්න කැමැතියි. එයාගේ මැතිවරණ ප්‍රචාරණයේදී ලංකාව සම්බන්ධ දේවල් කිව්වා. විශේෂයෙන්ම කච්චතිව් සම්බන්ධයෙන්. මම ඇමතිවරයෙක් විදිහට කටයුතු කරද්දී බොහෝ අවස්ථාවලදී තමිල්නාඩුවට යන්න වුණා. 

    ඒ වෙලාවේ මම දැක්ක ලොකුම ගැටලුව කච්චතිව් නෙවෙයි. ලොකුම ගැටලුව තියෙන්නේ, එහෙ සරණාගත කඳවුරුවල ජීවත් වන අපේ දෙමළ ජනතාවට. ඒ විතරක් නෙවෙයි, අද තියෙන තත්ත්වය අනුව ධීවර ප්‍රශ්නය තවත් ලොකුවට යනවා. ඒත් දේශපාලනයට අනුව දැනුම්වත්වීමක් ඇති විය යුතුයි. 

    ධීවර ප්‍රශ්නය කියන්නේ දෙමළ ජනතාවටත්, හමුදාවටත් හෝ දෙමළ ජනතාවටත් සිංහල ජනතාවටත් ඇති ප්‍රශ්නයක් නෙවෙයි. මේක තමිල්නාඩුවේ ජීවත්වෙන දෙමළ ජනතාවටයි, ලංකාවේ ජීවත් වන දෙමළ ධීවරයින්ටයි තියෙන අර්බුදයක්. 

    මේ වෙනකම් ඒ වෙනුවෙන් විසඳුමක් දීලා නැහැ. ඒ නිසා එයාගේ නව පාලනය යටතේ ලංකාවට එයි කියලා බලාපොරොත්තු වෙනවා. නව මිත්‍රත්වයක් ආරම්භ කර එ් මාර්ගයෙන් හොඳ විසඳුමක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. 

    ඒ් වගේම මේ රටේ අවුරුදු 200කට වැඩි කාලයක ඉදන් ඉන්න මලෛයගම් ජනතාවත් ගොඩාක් ප්‍රශ්නවලට මුහුණදීලා තියෙනවා. අපි රටින් පිටතට ගියොත්, ලාංකීය දෙමළ ජනතාව ලෙසයි බලන්නේ. ඒක වැරදි නැහැ. ඒත් අපිට කියලා තනි අනන්‍යතාවක් තියෙනවා. එහෙම තියෙද්දී දෙමළ ජනතාවට අදාළ පිළිගැනීම තමිල්නාඩු රජය ලබාදෙයි කියලා විශ්වාස කරනවා” යැයි පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026

    ඉරානය එකඟ නොවුවහොත් ”එපික් ෆියුරි සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

    May 6, 2026

    අධිබලැති යතුරුපැදි සිද්ධියෙන් කුරුලු උයනේ හිමිකරු නිදහස්

    May 6, 2026

    කුරුණෑගල නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    May 6, 2026

    ඩෙංගු යළි හිස ඔසවයි, දිස්ත්‍රික්ක 6ක් අවදානම් කලාපයේ

    May 6, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026

    හිමිවරුන් දෙනමකගේ සම්බන්ධයක් ගැනත් සැක – මුදල් කැසිනෝ ගිණුම්වලට ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට…

    ඉරානය එකඟ නොවුවහොත් ”එපික් ෆියුරි සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

    May 6, 2026

    අධිබලැති යතුරුපැදි සිද්ධියෙන් කුරුලු උයනේ හිමිකරු නිදහස්

    May 6, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026

    ඉරානය එකඟ නොවුවහොත් ”එපික් ෆියුරි සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

    May 6, 2026

    අධිබලැති යතුරුපැදි සිද්ධියෙන් කුරුලු උයනේ හිමිකරු නිදහස්

    May 6, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ‘දිට්වා’ ආධාර වංචා කර කැසිනෝ ගහලා සැකකරු රිමාන්ඩ්

    May 6, 2026

    ඉරානය එකඟ නොවුවහොත් ”එපික් ෆියුරි සහ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” අවසන් කරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

    May 6, 2026

    ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති ලේකම් හමු වෙයි

    May 6, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.