කුරුණෑගල මහ නගර සභාවේ අංක 01, ගංගොඩ කොට්ඨාසය නියෝජනය කරන නාගරික මන්ත්‍රී බී.ඩබ්ලිව්. ප්‍රේමචන්ද්‍ර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ලිපියක් මගින් ඔහු කුරුණෑගල මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා වෙත මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ (05) දිනයේ දියි.
නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි ඔහු සිය අත්සනින් යොමු කළ ලිපියෙහි දක්වා ඇත්තේ.

