Author: Bandara Senanayaka

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී අද (08) උදෑසන කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර පොලීසිය විසින් සොයා ගැණිනි. අදාළ නිවසේ කාමරයක ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමු වූ බව පොලිසිය පැවසීය. අදාළ ස්ථානයට අද පෙරවරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද පැමිණ තිබණි. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, සැකකටයුතු මරණයක් ලෙස සලකා සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවය. මේ අතර ස්ථානීය පරීක්ෂණය සිදුකිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ද…

Read More

වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. එමෙන්ම වියට්නාමයෙන් පොහොර ලබාගැනීමට කළ ඉල්ලීමට එරට රජය විසින් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාදී ඇති බව ඒ මහතා කිව්වේය. “වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මැතිතුමනි. වියට්නාම් දූත මණ්ඩලයේ සාමාජිකයින් ලෙස පැමිණි සම්භාවනිය මහත්ම මහත්මියනි. අනෙකුත් සම්භාවනිය නියෝජිතවරුනි. මාධ්‍ය හිතවතුනි. ආයුබෝවන්, ප්‍රථමයෙන් ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලාංකීක ජනතාව වෙනුවෙන් වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ…

Read More

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින වියට්නාම් ජනාධිපති ටෝ ලාම් පිළිගැනීමේ නිල රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් රැසකට එළැඹුණි. ඒ අනුව එහිදී හුවමාරු කරගත් අවබෝධතා ගිවිසුම් සංඛ්‍යාව 05කි. මෙරට පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම, මෙරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ අතර විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හී සහයෝගීතාව පිළිබඳව වන අවබෝධතා ගිවිසුම, මෙරට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම ජනවාර්ගික හා ආගමික කටයුතු අමාත්‍යාංශය අතර ආගමික ක්ෂේත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය සුබසාධනය, ආගමික විශ්වාස, සිරිත්විරිත් ප්‍රචාරණය සහ ආරක්ෂා…

Read More

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඩුබායි සුද්දාගේ’ මත්ද්‍රව්‍ය ජාවාරමේ බණ්ඩාරගම ප්‍රදේශයේ ප්‍රධාන බෙදුම්කරු ඇතුළු සැකකරුවන් 7ක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය පැකට් කරන තිප්පොළක් වැටලූ අවස්ථාවේදී මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. එහිදී රුපියල් ලක්‍ෂ 15කට අධික හෙරොයින් ග්‍රෑම් 50ක් හා අයිස් ග්‍රෑම් 25ක්, එම මත්ද්‍රව‍ය පැකට් කිරීමට උපයෝගී කරගන්නා විශේෂිත කඩදාසි, ඉටිකොල, ජංගම දුරකථන 4ක්, මෝටර් රථයක්, මත්ද්‍රව්‍ය පැකට් කිරීමට යොදාගන්නා අනෙකුත් උපකරණද මෙහිදී සිය භාරයට ගැනීමට පොලිසියට හැකිව තිබේ. බණ්ඩාරගම, වැල්මිල්ල අලෝතියාව ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාට ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදුකර ඇත. සැකකරුවන්…

Read More

අනුරාධපුරයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක අවස්ථා කිහිපයකදී දූෂණය කළ බව කියන අපරාධමය සිද්ධියට අදාළව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි ව්‍යාපාරිකයකු ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකාර අතරමැදි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ තමන්ව දෙවැනුව දූෂණය කළේ මෙම අතරමැදි ව්‍යාපාරිකයා බවට පොලිස් විමර්ශන කණ්ඩායමකට ලබාදී ඇති ප්‍රකාශයක් ඔස්සේ සිදුකළ මූලික විමර්ශන වලින් අනතුරුවය. දූෂණයට ලක්ව ඇතැයි කියන 15 හැවිරිදි බාලවයස්කාර දැරිය ගම්පහ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයාට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇතැයි පැවසෙන්නේ තමන්ව මුලින්ම දූෂණය කළේ අනුරාධපුර විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බවයි. අදාළ විහාරාධිපති හිමිනම පිළිබඳව දැරිය සිය ප්‍රකාශය සිදුකර ඇත්තේ එම හිමිනමගේ නම සඳහන් කරමින්…

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටියේ පිහිටි නිවසකදී හමුවී තිබේ. ඔහු ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියදී යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ අධිකරණය නියෝග කර තිබුණි

Read More

හෝමාගම හඳයා සහ ලලිත් කන්නංගර නමැති පාතාල නායකයන්ගේ නියෝග මත කුරුවිට බන්ධනාගාරයේ විනය අංශයේ නිලධාරියකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි යුද හමුදා සක්‍රීය සේවයේ නියුතු කල්ලියක් අවස්සාවේල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිව් දෙනකුගෙන් සමන්විත මෙම පාතාල කල්ලිය අවිස්සාවේල්ලඅධිකරණය වෙත ඉදිරිපත්කිරීමෙන් පසු ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙම පාතාල කල්ලිය බන්ධනාගාර නිලධාරියා ඝාතනය කිරීමේ සැලසුමට යොදාගත් මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.බන්ධනාගාර නිලධාරියා සිය රාජකාරි නිමවා බස් රථයෙන් නිවස බලා පැමිණෙද්දී ඇහැළියගොඩ නගරයට ආසන්න ස්ථානයකදී බස් රථයට ගොඩ වී ඔහුට වෙඩි තබා ඝාතනය කිරිමට පාතාල කල්ලිය සැලසුම් කරගෙන සිට ඇත. මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ…

Read More

අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, අප්‍රේල් මස අස්වැසුම ප්‍රතිලාභ දීමනා සිංහල හා දෙමළ අවුරුදු සැමරුමට පෙර ගෙවීම සිය අරමුණ වූ බවය. ඒ අනුව පළමු අදියර සහ දෙවන අදියර අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා එම දීමනාව 2026.04.10 දින ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කළ බව සඳහන්ය. මෙම දීමනාවලට අමතරව මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අන්ත දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 7,500ක් ද දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 5,000ක් ද අවධානමට ලක්වූ කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද ගෙවීමට නියමිතව…

Read More

මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම යෝජනා සම්මතයට අදාළව අද (07) පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 139කින් සම්මත වුණා. ඒ අනුව, පක්ෂව ඡන්ද 145ක් ලැබී තිබෙනවා. විපක්ෂව ලැබුණේ ඡන්ද 6ක්.

Read More

2025 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දෙවන වටයේ අභියාචනා අයදුම්පත් කැඳවීම හෙට (08) දින සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කෙරෙන බව සඳහන්. අයදුම්පත් කැඳවන කාලය 2026 මැයි මස 08 දින සිට 2026 මැයි මස 29 දින දක්වා පවතිනු ඇති.

Read More