Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බන්ධනාගාරයේ නිලධාරියකු අවසන් කරන්න ආ කල්ලිය මහඋළුගෙදරට වෙඩික්කරු සක්‍රීය යුද හමුදා සෙබළෙක්

    May 7, 2026

    අස්වැසුම අප්‍රේල් ද්වීත්ව ගෙවීම මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු සැළසුම්

    May 7, 2026

    හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    May 7, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අස්වැසුම අප්‍රේල් ද්වීත්ව ගෙවීම මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු සැළසුම්
    උණුසුම් පුවත්

    අස්වැසුම අප්‍රේල් ද්වීත්ව ගෙවීම මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු සැළසුම්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 7, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, අප්‍රේල් මස අස්වැසුම ප්‍රතිලාභ දීමනා සිංහල හා දෙමළ අවුරුදු සැමරුමට පෙර ගෙවීම සිය අරමුණ වූ බවය. 

    ඒ අනුව පළමු අදියර සහ දෙවන අදියර අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා එම දීමනාව 2026.04.10 දින ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කළ බව සඳහන්ය. 

    මෙම දීමනාවලට අමතරව මැද පෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් අන්ත දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 7,500ක් ද දුප්පත් කාණ්ඩයේ පවුලක් සඳහා රුපියල් 5,000ක් ද අවධානමට ලක්වූ කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද ගෙවීමට නියමිතව තිබුණි.

    කෙසේ වෙතත් ඒකාබද්ධ සුබසාධන ප්‍රතිලාභ තොරතුරු පද්ධතිය මඟින් මසකට දෙවරක් ගෙවීම සිදු කිරීමට අවස්ථාවක් නොමැති බවත් ඒ හේතුවෙන් මෙම විශේෂ අලුත් අවුරුදු සහන දීමනාව පද්ධතියෙන් බාහිරව සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර ගෙවී කටයුතු කිරීම මණ්ඩලයේ ප්‍රමුඛ වගකීම වූ බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි. 

    ඒ හේතුවෙන් සේවයේ අවශ්‍යතා මත විශේෂ දීමනා ගෙවීමට අදාළ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 17කට ආසන්න ලේඛනයක් සකස් කර SLIP ලිපිගොනු 90,000ක ධාරිතා මට්ටමින් කාණ්ඩ කර සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ බැංකු ගිණුම් ක්‍රියාත්මක වන ලංකා බැංකුවට උඩුගත කර ඇති අතර එහිදී අතපසුවීමකින් Slip ලිපිගොනුවක් දෙවරක් උඩුගතවී තිබේ.

    එහිදී දුප්පත් ප්‍රතිලාභී කාණ්ඩයේ ද්වීත්ව ගෙවීමක් සිදුවී ඇති බවට අනාවරණවීමත් සමඟ අදාළ ගෙවීම අත්හිටුවීමට සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන ඇති අතර එම මුදල් මණ්ඩලයේ බැංකු ගිණුමට නැවත බැර කරන ලෙසට බැංකු වෙත දන්වා ඇත. 

    කෙසේවෙතත් අප්‍රේල් ද්වීත්ව ගෙවීම අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් විසින් ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් ලබාගැනීම හේතුවෙන් අය කරගැනීම නොහැකි වූ ප්‍රතිලාභීන් 49,759කගේ රුපියල් 248,795,000ක මුදල් මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු සැළසුම් කර ඇත.

    මෙම ක්ෂණික ක්‍රියාමාර්ග හේතුවෙන් රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදු නොවූ බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි. 

    සේවා අවශ්‍යතාව මත කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට සිදුවීම හේතුවෙනුත් මසකට දෙවරක් ගෙවීම් කිරීමේ ඉඩ පහසුකම් පද්ධතිය තුළ නොමැති බැවින් මෙය පද්ධතියට බාහිර Slip ගොනු ආකෘතියෙන් ගෙවීම සිදු කිරීම හේතුවෙනුත් මෙම සිදුවීම වූ බවට තහවුරු කරන අතර එම ගෙවීම ඉතා කඩිනමින් නැවත අයකර ගැනීමට කටයුතු කර ඇති බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි. 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    බන්ධනාගාරයේ නිලධාරියකු අවසන් කරන්න ආ කල්ලිය මහඋළුගෙදරට වෙඩික්කරු සක්‍රීය යුද හමුදා සෙබළෙක්

    May 7, 2026

    හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    May 7, 2026

    6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    මුදල් ඉල්ලමින් මවට, පියාට සහ මිත්තණියට පරුෂ වචනයෙන් බැණ වැදුණු අයියා වැලිගම්පිටි යැවූ මල්ලී පොලිසියට ඇවිත් භාරවෙයි

    May 7, 2026

    පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගයක්

    May 7, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    බන්ධනාගාරයේ නිලධාරියකු අවසන් කරන්න ආ කල්ලිය මහඋළුගෙදරට වෙඩික්කරු සක්‍රීය යුද හමුදා සෙබළෙක්

    May 7, 2026

    හෝමාගම හඳයා සහ ලලිත් කන්නංගර නමැති පාතාල නායකයන්ගේ නියෝග මත කුරුවිට බන්ධනාගාරයේ විනය අංශයේ නිලධාරියකු…

    අස්වැසුම අප්‍රේල් ද්වීත්ව ගෙවීම මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු සැළසුම්

    May 7, 2026

    හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    May 7, 2026

    6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට

    May 7, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    බන්ධනාගාරයේ නිලධාරියකු අවසන් කරන්න ආ කල්ලිය මහඋළුගෙදරට වෙඩික්කරු සක්‍රීය යුද හමුදා සෙබළෙක්

    May 7, 2026

    අස්වැසුම අප්‍රේල් ද්වීත්ව ගෙවීම මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු සැළසුම්

    May 7, 2026

    හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    May 7, 2026

    6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට

    May 7, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    බන්ධනාගාරයේ නිලධාරියකු අවසන් කරන්න ආ කල්ලිය මහඋළුගෙදරට වෙඩික්කරු සක්‍රීය යුද හමුදා සෙබළෙක්

    May 7, 2026

    අස්වැසුම අප්‍රේල් ද්වීත්ව ගෙවීම මැයි මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට කටයුතු සැළසුම්

    May 7, 2026

    හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

    May 7, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.