Author: Bandara Senanayaka

ජනතාවගේ ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනතාවගේ වත්මන් අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනතාවට ප්‍රමාණවත් පානීය ජල සැපයුමක් සහතික කිරීමට නොහැකි වීමෙන් ගැටලු රැසක් මතු වන බවද පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික පානීය ජල, ප්‍රජා ජලසම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, අයවැය ප්‍රතිපාදනවල ප්‍රගතිය සහ අවශ්‍යතා මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට අදාළ නිලධාරීන් සමඟ අද…

Read More

බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඊයේ (08) රාත්‍රී 11.45 ට පමණ නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකාර හිමිනම මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ පිළිබඳව අද (09) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත. මෙම අපරාධ සම්බන්ධයෙන් බාල වයස්කාර වින්දිත දැරියගේ මවද, මෙම අපරාධයට අධාර අනුබල දීම හා දැරිය මුදලට විකිණීම සම්බන්ධව ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනතුරුව ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඊට අමතරව ඇගේ පෙම්වතා යයි කියන කොන්දොස්තර රැකියාව කරන අයෙකු හා වෙළෙන්දෙකුද අත්අඩංගුවේ පසුවේ.…

Read More

වැලිකන්ද දුම්රිය පොළ අසල ප්‍රයෝජනයට ගතහැකි ඉන්ධන ටැංකි පහක් වගකිව යුතු කිසිම ආයතනයක අවධානයට යොමු නොවී ජරාවාස වෙමින් දිරාපත් වෙමින් පවතී. වැලිකන්ද නාගස්තැන්න පදිංචි ගොවියෙකු වන චාමර ප්‍රදීප් සේනානායක මහතා පවසන්නේ, “මහවැලි බී කලාපයේ ගොවීන් අලි කරදරවලට මුහුණ දෙමින් අස්වනු ගෙට ගන්න විශාල දුකක් විඳිනවා. පසුගිය දිනවල ගොවිතැන් කරගැනීමට ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල ඉන්න සිදුවුණා. වැලිකන්ද දුම්රිය පොළ ආසන්නයේ වසර 40කට ආසන්න කාලයක් ඉන්ධන ටැංකි පහක් දිරාපත්වීම ජාතික අපරාධයක්. කොටි ත්‍රස්තවාදී කලබල කාලයේ දුම්රිය මගින් ඉන්ධන ගෙනැවිත් ආරක්ෂාකාරී ලෙස ඉන්ධන ලබාදීමට කටයුතු කළත්, ඉන්පසු කිසිම ප්‍රයෝජනයට ගන්නේ නැතිව මෙම ඉන්ධන ටැංකි පහ දිරාපත් වෙමින් තිබෙනවා. මේවා කාට අයිතිද කියන්න දන්නේ…

Read More

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේදී දින තුනක සටන් විරාමයක් ක්‍රියාත්මක වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ‘Truth Social’ හි සටහනක් තබමින් අමෙරිකානු ජනපති කියා සිටියේ, මෙම සටන් විරාමය සෙනසුරාදා සිට සඳුදා දක්වා පවතින බවයි. “රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේදී දින තුනක සටන් විරාමයක් (මැයි 9, 10 සහ 11 යන දිනවල) පවතින බව මම සතුටින් දන්වා සිටිමි,” යනුවෙන් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා. ඊට සුළු මොහොතකට පසු, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ද ‘X’ පණිවුඩයක් නිකුත් කරමින් තහවුරු කළේ, වසර හතරකට වඩා වැඩි කාලයක් පවතින මෙම යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව දරන උත්සාහයේ කොටසක් ලෙස මෙම තෙදින සටන් විරාමය සංවිධානය කර…

Read More

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු අද (9) පෙරවරුවේ සිට විවෘත කිරීමට පියවරගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිවේදනයක් නිකුත්කරමින් දන්වා සිටියේ, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක්, අඩි 3 බැගින් විවෘත කිරීමට පියවර ගත් බවය. ඒ අනුව තත්පරයට ඝන අඩි 8,400 බැගින් දැදුරුඔයට ජලය මුදාහැරෙන බව එහි සඳහන් විය. එමෙන්ම ලුණුගම්වෙහෙර ජලාශයේද වාන් දොරටු 6ක් විවෘත කර ඇත. ඉන් දොරටු 2ක් අඩි 4 බැගින්ද, අනෙක් දොරටු 6 අඩි 8 බැගින්ද විවෘත කර ඇති අතර, ඉන් තත්පරයට ඝන අඩි 2,915ක් මුදාහැරෙන බව සඳහන්ය. ඒ හේතුවෙන් කිරිඳි ඔය භාවිතා කරන්නන් අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව…

Read More

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොල්ලුපිටිය පොලිසිය සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබුණේ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත් කරන 05 දෙනෙකුගෙන් යුත් අධිකරණ වෛද්‍ය මණ්ඩලය මගින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ලබන 12 වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළසිරුර කොල්ලුපිටිය, පේද්‍රිස් මාවත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී ඊයේ (08) උදෑසන සොයාගනු ලැබීය.

Read More

2026 වසරට අදාළ යෝජිත විශේෂ විදුලි ගාස්තු සංශෝධනය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සිය සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත පසුගියදා ඉදිරිපත් කර තිබුණි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන පිරිවැය ඉහළ යාම මෙම විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ඉල්ලීමට හේතුව වී ඇති බව සඳහන් ය. ඊට අදාළ වාචික අදහස් දැක්වීමේ අවස්ථාව ද පසුගියදා නිමාවට පත්වුණි. කෙසේවෙතත් බාල ගල්අඟුරු හේතුවෙන් සිදුවන අලාභය විදුලි ගාස්තුවට එකතු කිරිමට පියවර නොගන්නා බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය…

Read More

අද (09) අලුයම් කාලයේදී යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ රෝහලේ ඖෂධ ගබඩාව තුළ බව වාර්තා වෙයි. ගින්න මැඩපැවැත්වීම සඳහා යාපනය මහා නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, රෝහල් සේවකයින්, ආරක්ෂක අංශ සහ පොලිසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා තිබුණි. ගින්නට හේතුව හෝ ඉන් සිදුවූ අලාභ හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.

Read More

අධිකරණයට සිදුකරන විධායකයේ බලපෑම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂය සිදුකළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මේ පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 36 දෙනෙකු අත්සනින් යුතුව අදාළ ඉල්ලීම කථානායකවරයාට ඉදිරිපත් කළ බවය. කෙසේ නමුත් එළැඹෙන පාර්ලිමේන්තු සතියේදී මෙම විවාදය ලබාදීම රජය විසින් ප්‍රතික්ෂේප කළ බව ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ බලවත් පහරක් බව ඔහු සඳහන් කළේය. පසුගිය සතියේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මුදල් අමාත්‍යාංශයේ සිදුවී ඇති බව පැවසෙන ආන්දෝලනාත්මක ගනුදෙනුව පිළිබඳව විවාදයක් ලබාදෙන ලෙස ඉල්ලූ යෝජනාවද ආණ්ඩු පක්ෂය ඉවත දැමූ…

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දෙවර්ෂ පූර්ණ පිංකම පසුගියදා මතුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි. ඒ මහතාගේ 67 වන ජන්ම දිනය වෙනුවෙන් මහා සංඝරත්නය උදෙසා දහවල් දානමය පිංකමක්ද සංවිධානය කර තිබුණි. මේ සඳහා පූර්ණ දායකත්වය සහ සංවිධානය FIVE STAR පුද්ගලික සමුහ ව්‍යාපාරයේ සභාපති ප්‍රසාද් ගුණසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් සිදුකර තිබුණි.

Read More