Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට

    May 9, 2026

    අයෝනියන් දූපතෙන් සොයා ගත් අභිරහස් මුහුදු ඩ්‍රෝන යානයක් ග්‍රීසිය පරීක්ෂා කරයි

    May 9, 2026

    පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    May 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
    උණුසුම් පුවත්

    පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 9, 2026No Comments4 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනතාවගේ ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    ජනතාවගේ වත්මන් අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනතාවට ප්‍රමාණවත් පානීය ජල සැපයුමක් සහතික කිරීමට නොහැකි වීමෙන් ගැටලු රැසක් මතු වන බවද පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික පානීය ජල, ප්‍රජා ජලසම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, අයවැය ප්‍රතිපාදනවල ප්‍රගතිය සහ අවශ්‍යතා මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට අදාළ නිලධාරීන් සමඟ අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

    අදාළ ව්‍යාපෘති කඩිනමින් හඳුනා ගනිමින් ඒවා ආරම්භ කළ හැකි දිනය, අවශ්‍ය ප්‍රතිපාදන සහ අවසන් කෙරෙන දිනය පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා එහිදී කිසිසේත් මුදල් ගැටලුවක් කර නොගන්නා ලෙසත් ව්‍යාපෘති සැලසුම් කර අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් දුන්නේය.

    එමෙන්ම, මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි විදේශ ණය පිළිබඳ බලා නොසිට හැකිතරම් දේශීය අරමුදල්වලින් ව්‍යාපෘති නිම කිරීමට අවධානය යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘති සැලසුම් කිරිම සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩල බඳවා ගැනීමටද උපදෙස් දුන්නේය. 

    එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන මුදල් එම වසරේදීම අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එසේ නොමැති වූ විට ව්‍යාපෘති සඳහා අමතර වියදමක් දැරීමට සිදු වීම,  වැය කරන මුදලෙහි ප්‍රතිලාභ අහිමි වීම සහ එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිරි වසරේද ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවීම වැනි අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බවද පෙන්වා දුන්නේය. 

    කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල, මහනුවර, ගම්පොළ, අනුරාධපුර, වවුනියාව, යාපනය, අම්පාර, මඩකළපුව, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීමට ක්‍රියාත්මක සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති, එහි ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී වෙන් වෙන්ව විමසා බැලීය. 

    ප්‍රධාන ජල නළ අබලන් වීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රමාණවත් ජල ධාරිතාවක් නොලැබීමේ ගැටලු මතුව තිබෙන බවත්, එම ගැටලු මඟහරවා ගැනීමේ සැලසුම් පිළිබඳවත් මෙහිදී නිලධාරීන් කරුණු ඉදිරිපත් කළ අතර, එම කටයුතුවලදී මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජලසම්පාදන මණ්ඩලය මනා සම්බන්ධීකරණයකින් සහ සැලසුම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


    එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සහ පානීය ජල අවශ්‍යතාව සැපිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වී ඔය ජලාශ ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. 

    උතුරුමැද මහ ඇළ සහ වයඹ ඇළ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර වැලිකන්ද, මැදිරිගිරිය සහ ලංකාපුර ප්‍රදේශවල ජනතාව මුහුණ දී සිටින උග්‍ර පානීය ජල හිඟයට විසදුම් සෙවීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බලමින් වැඩි පිරිවැයක් දැරීමට සිදු නොවන ව්‍යාපෘති දේශීය අරමුදල් යොදා ගනිමින් කඩිනමින් අවසන් කිරීමටද උපදෙස් දුන්නේය. 

    අත්‍යවශ්‍ය ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබා දීම හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති අතරමග නැවතුණද සියලු ව්‍යාපෘති ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ක්‍රියාත්මක කෙරෙන ඒවා බැවින් ඉතා සැලසුම් සහගතව සහ විධිමත්ව ක්‍රියාත්මක කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර,  මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සුබසිංහ, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලාන් කුමරන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ජෙගදීෂ්වරන් සහ එස්. තිලකනාදන්, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද,  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් එල්.බී. කුමුදුලාල්,  ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ.එම්.පී.සී.පී බණ්ඩාර, ජල සම්පත් මණ්ඩලයේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාර, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ. හේරත් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට

    May 9, 2026

    අයෝනියන් දූපතෙන් සොයා ගත් අභිරහස් මුහුදු ඩ්‍රෝන යානයක් ග්‍රීසිය පරීක්ෂා කරයි

    May 9, 2026

    පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක දීඅත්අඩංගුවට

    May 9, 2026

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට

    May 9, 2026

    පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (09) පෙරවරුවේ…

    අයෝනියන් දූපතෙන් සොයා ගත් අභිරහස් මුහුදු ඩ්‍රෝන යානයක් ග්‍රීසිය පරීක්ෂා කරයි

    May 9, 2026

    පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    May 9, 2026

    පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක දීඅත්අඩංගුවට

    May 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට

    May 9, 2026

    අයෝනියන් දූපතෙන් සොයා ගත් අභිරහස් මුහුදු ඩ්‍රෝන යානයක් ග්‍රීසිය පරීක්ෂා කරයි

    May 9, 2026

    පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    May 9, 2026

    පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක දීඅත්අඩංගුවට

    May 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට

    May 9, 2026

    අයෝනියන් දූපතෙන් සොයා ගත් අභිරහස් මුහුදු ඩ්‍රෝන යානයක් ග්‍රීසිය පරීක්ෂා කරයි

    May 9, 2026

    පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    May 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.