Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට

    May 9, 2026

    අයෝනියන් දූපතෙන් සොයා ගත් අභිරහස් මුහුදු ඩ්‍රෝන යානයක් ග්‍රීසිය පරීක්ෂා කරයි

    May 9, 2026

    පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    May 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක දීඅත්අඩංගුවට
    උණුසුම් පුවත්

    පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක දීඅත්අඩංගුවට

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 9, 2026Updated:May 9, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඊයේ (08) රාත්‍රී 11.45 ට පමණ නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකාර හිමිනම මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ පිළිබඳව අද (09) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.

    මෙම අපරාධ සම්බන්ධයෙන් බාල වයස්කාර වින්දිත දැරියගේ මවද, මෙම අපරාධයට අධාර අනුබල දීම හා දැරිය මුදලට විකිණීම සම්බන්ධව ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන තිබෙන අතර  අනතුරුව ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඊට අමතරව ඇගේ පෙම්වතා යයි කියන කොන්දොස්තර රැකියාව කරන අයෙකු හා වෙළෙන්දෙකුද අත්අඩංගුවේ පසුවේ. ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගැනීම පමාවීමෙන් පසු අධිකරණ වරෙන්තු නිකුත්වීම නිසා පොලිසිය ක්‍රියාත්මක විය. 

    මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ,  අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සසිඳු වික්‍රමරත්න මහතා ඊයේ (08) නිකුත් කළ වරෙන්තුවකට අනුවය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සහ කරුණු දැක්වීම් මත මෙම නියෝගය නිකුත් කර ඇති අතර, සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ. මේ අතර, මෙම අපරාධයට ආධාර අනුබල දීම සහ මුදලට දැරිය අලෙවි කිරීම යන චෝදනා මත ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් දැරියගේ මව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

    සමාජය තුළ දැඩි ආන්දෝලනයක් නිර්මාණය කළ මෙම අපයෝජන සිද්ධිය අනාවරණය වී ඇත්තේ පසුගිය අප්‍රේල් 27 වනදා නිට්ටඹුව ප්‍රදේශයේ ලැගුම්හලක සිය පෙම්වතා සමඟ රැඳී සිටියදී දැරිය පොලිස් භාරයට පත්වීමෙන් අනතුරුවය. ඇය ගම්පහ මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී, අවස්ථා ගණනාවකදී ඇය දූෂණයට ලක්ව ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එහිදී තමන්ව පළමුවෙන් දූෂණය කළේ අනුරාධපුර විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් බවත්, පසුව පෙම්වතා සහ ඥාති මස්සිනා අතින් ද තමන් අපයෝජනයට ලක්වූ බවත් දැරිය විසින් හෙළිදරව් කර ඇත.පසුගිය අප්‍රේල් 04 වනදා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙන්ම ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හරහා ද මෙම අපරාධය පිළිබඳ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය විය. මූලික පොලිස් විමර්ශන හරහා හෙළි වී ඇති වඩාත් බරපතළ කරුණ වන්නේ, දැරියගේ මව්පියන් විසින් වරින් වර විශාල වශයෙන් මුදල් ලබාගනිමින් සිය පහළොස් හැවිරිදි දියණියව අදාළ විහාරාධිපතිවරයා වෙත ලබා දී ඇති බවයි. අපරාධයට අදාළ තවත් ප්‍රබල සාක්ෂියක් ලෙස, විහාරාධිපති හිමියන් අතින් පළමු අපයෝජනය සිදුවූ අවස්ථාවේ දැරිය හැඳ සිටි රුධිරය තැවරුණු ඇඳුම් ඇයගේ නිවස ආසන්නයේ වළදමා තිබියදී සොයාගැනීමට පොලිසිය සමත් විය. එම ඇඳුම් සහ අදාළ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස ද අධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.

    මෙම සිද්ධියේ පළමු අපරාධය අනුරාධපුරයේදී සිදුවී ඇති බැවින්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි මේ වන විට විමර්ශන කටයුතු ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය වෙත පවරා තිබේ. ඊට පෙර, සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමක් අනුරාධපුරයට ගොස් අටමස්ථානාධිපති හිමියන්ගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, වින්දිත දැරිය ද අදාළ විහාරස්ථානය වෙත රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් ද සිදු කර ඇත. මේ වන විට නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට

    May 9, 2026

    අයෝනියන් දූපතෙන් සොයා ගත් අභිරහස් මුහුදු ඩ්‍රෝන යානයක් ග්‍රීසිය පරීක්ෂා කරයි

    May 9, 2026

    පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    May 9, 2026

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට

    May 9, 2026

    පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (09) පෙරවරුවේ…

    අයෝනියන් දූපතෙන් සොයා ගත් අභිරහස් මුහුදු ඩ්‍රෝන යානයක් ග්‍රීසිය පරීක්ෂා කරයි

    May 9, 2026

    පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    May 9, 2026

    පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක දීඅත්අඩංගුවට

    May 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට

    May 9, 2026

    අයෝනියන් දූපතෙන් සොයා ගත් අභිරහස් මුහුදු ඩ්‍රෝන යානයක් ග්‍රීසිය පරීක්ෂා කරයි

    May 9, 2026

    පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    May 9, 2026

    පල්ලේගම හේමරතන හිමි කොළඹ පෞද්ගලික රෝහලක දීඅත්අඩංගුවට

    May 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය ගැන ප්‍රකාශයක් දෙන්න ගම්මන්පිල කුලියාපිටිය පොලිසියට

    May 9, 2026

    අයෝනියන් දූපතෙන් සොයා ගත් අභිරහස් මුහුදු ඩ්‍රෝන යානයක් ග්‍රීසිය පරීක්ෂා කරයි

    May 9, 2026

    පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

    May 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.