Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අටමස්ථානාධිපති පල්ලේගම හේමරත හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග කරයි.
    උණුසුම් පුවත්

    අටමස්ථානාධිපති පල්ලේගම හේමරත හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග කරයි.

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 8, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න නිට්ටඹුව පොලිසියට අද ( 08) නියෝග කළේ ය.

    සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද එහිදී නිකුත් කෙරිණ.

    ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ, හිමිනමක හා තවත් සැකකරුවන් දෙදෙනෙකු 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 22424/2026 බී දරන නඩුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහගේ උපදෙස් මත එම අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් පසුව ය.

    ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජිවනී අබේරත්න පැවසුවේ, මෙම අපරාධයට සම්බන්ධ බවට සැකකෙරෙන පල්ලේගම හේමරතන නමැති හිමිනම මෙතෙක් අත්අඩංගුවට නොගත්තේ මන්දැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය අවස්ථා කිහිපයකදී ලිඛිතව සහ වාචිකව පොලිසියෙන් විමසීම් කළ බව ය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන පිළිබඳව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිරන්තර විමසිල්ලෙන් පසුවූ බව ද නීතීඥවරිය පැවසුවා ය.

    ජාතික ළමාරක්ෂක අධිකාරිය කළ එම විමසීම්වලට පොලිසිය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා අගතියට පත් දැරියට යුක්තිය ඉටුකරවා දීම පිණිස මෝසමක් මගින් මෙම නඩුව කැඳවා කරුණු දැක්වීමට තීරණය කළ බව ද ඇය සඳහන් කළා ය.

    මෙම අපරාධයේ සැකකරුවෙකු ලෙස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව සැකකාරියක ලෙස නම් කිරීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙස ද ඉල්ලා සිටි අධ්‍යක්ෂවරිය ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියා ය.

    සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතීඥවරිය ඉල්ලීමක් කළා ය.

    ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව මෙම අපරාධයේ සැකකරුවන් ලෙස නම් කරන ලෙස නිට්ටඹුව පොලිසියට නියෝග කළේ ය. ඊට අධිකරණයේ අවසරය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබා දුන්නේය.

    ඒ අනුව, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් සහ දැරියගේ මව වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නිට්ටඹුව පොලිසියට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පල්ලේගම හේමරතන හිමියන් විදෙස්ගතවීම වළක්වාලමින් ආගමන විගමන පාලකවරයාට තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.

    පැමිණිල්ල වෙනුවෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ, එම අධිකාරියේ නීතීය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ නීතීඥ සජීවනී අබේරත්න සහ සහකාර අධ්‍යක්ෂ නීතීඥ හංසි හලංගොඩ යන අය පෙනී සිටියහ.

    මෙම අපරාධය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සිය මුල් බී වාර්තාව මගින් කරුණු දැක්වූයේ ද එම නඩුව මෝසමක් මගින් යළි කැදවා කරුණු දැක්වූයේ ද ජාතික ළමාරක්ෂක අධිකාරිය අද මෝසමක් මගින් යළි කැඳවා කරුණු දැක්වූයේ ද විවෘත අධිකරණයේ නොව මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළදී ය.

    මූලාශ්‍රය – BBC Sinhala

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026

    කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 9, 2026

    විශේෂ විදුලි ගාස්තු සංශෝධනයට අදාළ තීරණය අද

    May 9, 2026

    යාපනය රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    වැලිකන්ද දුම්රිය පොළ අසල ප්‍රයෝජනයට ගතහැකි ඉන්ධන ටැංකි පහක් වගකිව යුතු කිසිම ආයතනයක අවධානයට යොමු…

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026

    කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026

    කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද

    May 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    වැලිකන්දේ තෙල් සංස්ථාවේ ඉන්ධන ටැංකි 05ක් වසර 40ක් තිස්සේ දිරාපත් වෙයි.

    May 9, 2026

    රුසියා-යුක්රේන යුද්ධයේදී ට්‍රම්ප්ගෙන් දින තුනක සටන් විරාමයක්

    May 9, 2026

    දැදුරුඔය, ලුණුගම්වෙහෙර හා රාජාංගනය ජලාශයන්හි වාන් දොරටු විවෘත කෙරේ

    May 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.