උඩරට සහ පහතරට එළවළු මිල මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
මෙම මාසයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම හමුවේ මෙලෙස එළවළු මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඒ අනුව, බෝංචි කිලෝවක් රුපියල් 500ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 300ක්, කැරට් කිලෝවක් රුපියල් 450ක්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400ක් සහ ගෝවා කිලෝවක් රුපියල් 200 ක් වැනි වැනි සිල්ලර මිලකට අලෙවි වන බව ගොවීන් පැවසුවා.

