Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගන, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර වැව, මහනුවර දිස්ත්‍රික්කයේ වෑ මැඩිල්ල ජලාශය, දේවහූව, නාලන්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල, යෝධ ඇල, වෙහෙරෙගල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටාආර යන ජලාශ පවතින බවය. රාජාංගන ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 9,300කට අධික ජල ප්‍රමාණයක් කලා ඔය වෙත නිකුත් කරමින් පවතින බව පැවසූ ඒ මහතා…
මෙරට නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපට ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් නිෂ්පාදිත චිත්‍රපට 87ක් ප්‍රදර්ශනය නොකර පොරොත්තු ලේඛනයක පෙළගස්වා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. මෙරට දී නිපදවනු ලබන චිත්‍රපට සඳහා ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත ඉල්ලූම සහ ‘චිත්‍රපට වෙළෙඳාම’ ප්‍රවර්ධනය කිරීම සඳහා චිත්‍රපටි සංස්ථාව විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන හොතිබූ බවද විගණනය මගින් අනාවරණය කර ඇත. පනතේ විධිවිධානවලට අනුකූලව චිත්‍රපට ප්‍රවර්ධනය කිර්ම සඳහා කඩිනම් පියවර ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.ජාතික චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව නව…
වැඩි මිලට පොහොර ආනයනය කර වාර්ෂිකව රුපියල් කෝටි අසූ දහසක බරක් වත්මන් ආණ්ඩුව ගොවියාගේ හිස මත පට්වා ගල් අඟුරු වංචාවට වඩා බරපතල ගසාකෑමක් සිදු කිරීම ආරම්භ කර ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා චෝදනා කරයි. ඇමරිකන් ඩොලර් දෙසිය අනූවට පොහොර මෙට්‍රික් ටොන් එකක් කොළඹ වරායට ආනයනය කිරීමට ලෝකයේ පොහොර නිෂ්පාදනය කෙරෙන රුසියාව, කසකස්ථානය එකගත්වයට පැමිණි ගිවිසුම් තමන් සතුව තිඛෙන බව හෙතෙම පැවැසීය.මැද පෙරදිග යුදමය වාතාවරණය පවතින රටවලින් පොහොර මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් අටසියයට ආනයනය කර අවම වශයෙන් ඩොලර් පන්සියයක වැඩිපුර ගෙවා එම මුදල ගොවියාගේ කරමත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා තිබෙන බව ද සභාපති වරයා කියයි. වී. තේ,…
පසුගිය මාස දෙකක කාලය තුළ, බොරතෙල් බැරල් බිලියනයක පමණ ප්‍රමාණයක් ලෝක වෙළෙඳපොළට සැපයීමට තිබූ අවස්ථාව අහිමි වී ඇති බව Saudi Aramco සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමීන් නසාර් පවසයි. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින නාවික ගමනාගමන බාධාවන් හේතුවෙන් බලශක්ති වෙළෙඳපොළ දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි. අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් අමීන් නසාර් සඳහන් කළේ, තෙල් සැපයුම් මාර්ග යළි විවෘත කළද, අඩාල වූ වෙළෙඳපොළ යථා තත්ත්වයට පත්වීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවය.අමෙරිකා – ඊශ්‍රායල යුද්ධයත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම දැඩි ලෙස සීමා වී තිබේ. මෙහි…
මෙම වසරේ දෙවන සහ තුන්වන කාර්තුවලට අදාළ විදුලි ගාස්තු සංශෝධනය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. 2026 වසරේ දෙවන කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රෙල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගියදා අනුමැතිය ලබා දුන්නේය. එහිදී සියයට 8ත් – සියයට 14.4ත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු ඉහල දැමීමට පියවර ගැනුණි. මෙවන් පසුබිමක යළිත් වරක් මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුවක්, නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබුණේ පසුගිය අප්‍රේල් 27 වැනිදාය. ඒ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වැයවන…
පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, ඉදිරි පැය 36 තුලදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි අතර ඒ අනුව, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
‘හන්ටා’ වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට උපකාර කිරීම සඳහා එරට හමුදා වෛද්‍යවරු කණ්ඩායමක් ට්‍රිස්ටන් ඩා කුන්හා නම් දූපත වෙත පිටත්ව ගොස් තිබේ. මිනිසුන් 200ක් පමණ සිටින අත්ලාන්තික් දූපතක් වන ට්‍රිස්ටන් ඩා කුන්හා, බ්‍රිතාන්‍යයට අයත් එරටට දුරින්ම පිහිටි දූපතක් ලෙස සැලකේ. ‘හන්ටා’ වෛරසය ගැන කතාබහක් ඇතිකළ ‘MV Hondius’ නෞකාවේ සිටි මගියෙකු වන මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා, ඉකුත් අප්‍රේල් 14 වනදා ට්‍රිස්ටන් ඩා කුන්හා දූපත වෙත ගොඩබැස තිබේ. කෙසේ නමුත් යාත්‍රාවෙන් පිටව ගොස් සති දෙකකට පසු ඔහුට මූලික රෝග ලක්ෂණ වාර්තා වී ඇත. ඒ අනුව ඔහුටද වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු, වෛද්‍යවරුන් සහ වෛද්‍ය සැපයුම් සමග පැරෂුට්…
සාම සාකච්ඡා සඳහා වන එක්සත් ජනපද යෝජනාවකට ඉරානය ලබා දුන් ප්‍රතිචාරය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය [10] ඉරිදා දින ප්‍රතික්ෂේප කළේය. මේ හරහා ඉරානයට සහ ලෙබනනයට පුළුල් හානි සිදු කරමින්, හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික ගමනාගමනය අඩපණ කරමින් සහ ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ නංවමින් සති 10ක් පුරා පවතින ගැටුම ඉක්මනින් අවසන් වනු ඇතැයි පැවති බලාපොරොත්තු සුන් වී ගියේය. සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් එක්සත් ජනපදය යෝජනාවක් ඉදිරිපත් කර දින කිහිපයකට පසු, ඉරානය සිය ප්‍රතිචාරය ඉරිදා ප්‍රකාශයට පත් කළ බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය පැවසීය. එම ප්‍රතිචාරය මගින් විශේෂයෙන්ම ලෙබනනය ඇතුළු සියලු පෙරමුණුවල යුද්ධය අවසන් කිරීම සහ අවහිර කර ඇති…
අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා. ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා. එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ. ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා. ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා. ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය. ඉන් එහා ගයත්‍රිත් චන්නත් ඒ කෝන්තර ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්නත් වග බලාගත්තා. රසිකයින් අත ප්‍රශ්නෝත්තර බොහෝමයක් තිබුණා වුණත් ඒ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. දිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 දින පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වනු ඇති බවට ඔවුන් අපේක්ෂා කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වන බවය.
