Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි
    උණුසුම් පුවත්

    ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් වාන් දමයි

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 11, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගන, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර වැව, මහනුවර දිස්ත්‍රික්කයේ වෑ මැඩිල්ල ජලාශය, දේවහූව, නාලන්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල, යෝධ ඇල, වෙහෙරෙගල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටාආර යන ජලාශ පවතින බවය.

    රාජාංගන ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 9,300කට අධික ජල ප්‍රමාණයක් කලා ඔය වෙත නිකුත් කරමින් පවතින බව පැවසූ ඒ මහතා සොරබොර ජලාශයේ වාන් දොරටු 5ක් අඩි 2 බැගින් නිකුත් කර තත්ත්පරයකට ඝන අඩි 500කට අධික ජල ප්‍රමාණයක් මහවැලි ගඟ වෙත නිකුත් කරමින් පවතින බවද සඳහන් කළේය.

    මහනුවර නාලන්දා ජලාශයෙන්ද මේ වන විට තත්ත්පරයකට ඝන අඩි 1,000කට අධික ජල ප්‍රමාණයක්ද දේවහූව ජලාශයේ තත්පරයකට ඝන අඩි 1,300කට අධික ජල ප්‍රමාණයක් මේ වන විට නිකුත් කරමින් පවතින බවත් ඒ මහතා පැවසීය.

    එමෙන්ම ලුණුගම්වෙහෙර ජලාශයේ වාන්දොරටු 6ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 4,000කට අධික ජල ප්‍රමාණයක් මේ වන විට කිරිඳිඔය වෙත නිකුත් කරමින් පවතින බවත් පැවසූ ඒ මහතා වෙහෙරගල ජලාශයේද වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 1,900කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත නිකුත් කරමින් පවතින බවද සඳහන් කළේය.

    තවද දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 2,800කට අධික ප්‍රමාණයක් දැදුරු ඔය වෙත නිකුත් කරමින් පවතින බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ අලිකොටාආර ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 500කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔය වෙත නිකුත් කරමින් පවතින බවත්ය.

    වාන් දමන මධ්‍ය පරිමාණ ජලාශ අතරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුරුවිල, බදුල්ල දිස්ත්‍රික්කයේ බෝඹුරුඇල්ල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙබරවැව, මොනරාගල දිස්ත්‍රික්කයේ සද්ධාතිස්ස සහ මාලින්පොත, වව්නියාව දිස්ත්‍රික්කයේ මයිලන්කුලම ජලාශද පවතින බවද සඳහන් කළේය.

    වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කරනුයේ ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව මෙම වාන් දමන ප්‍රමාණයන් වෙනස් විය හැකි බැවින් එම ජලාශ අවට සහ පහත්බිම්වල වෙසෙන ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ ආයතන මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026

    “පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගිහින් තමාම ඒ වළට වැටුණු පුංචි ආණ්ඩුවේ මංත්‍රීටදවල් තරු පේන පාඩමක්

    May 11, 2026

    මන්නාරම් දිස්ත්‍රික්කයේ වැලි කැණීමේ සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි

    May 11, 2026

    සියදිවි නසා ගැනීමට හේතු වූ මානසික පීඩාවන් ඇති කළ පුද්ගලයන්ට දණ්ඩ නීති සංග්‍රහයට අනුව මරණ දඬුවම ලබා දිය හැකියි ..!

    May 11, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස…

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026

    “පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගිහින් තමාම ඒ වළට වැටුණු පුංචි ආණ්ඩුවේ මංත්‍රීටදවල් තරු පේන පාඩමක්

    May 11, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026

    “පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගිහින් තමාම ඒ වළට වැටුණු පුංචි ආණ්ඩුවේ මංත්‍රීටදවල් තරු පේන පාඩමක්

    May 11, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.