Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙතොල් හැඩ කරන විෂ තට්ටුව ,ලිප්ස්ටික් මෙතරම් දරුණු බව ඔබ දන්නවද?

    May 11, 2026

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»“පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගිහින් තමාම ඒ වළට වැටුණු පුංචි ආණ්ඩුවේ මංත්‍රීටදවල් තරු පේන පාඩමක්
    උණුසුම් පුවත්

    “පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගිහින් තමාම ඒ වළට වැටුණු පුංචි ආණ්ඩුවේ මංත්‍රීටදවල් තරු පේන පාඩමක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 11, 2026Updated:May 11, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතනයක සභික ධූරයක් දරන පුද්ගලයකු මන්ත්‍රී පට්ටමේ “හයිය” පෙන්නා විරුද්ධ පාක්ෂිකයකු මට්ටු කරන්නට ගොස් අමතක නොවන පාඩමක් ඉගෙන ගෙන ඇති පුවතක් ගැන දකුණු පළාතේ සංචාරක පුරවරයකින් පසුගියදා අසන්නට ලැබුණි.

    මෙම තැනැත්තා සංචාරකයන්ට මග පෙන්වන්නකු ලෙසකටයුතු කළ අයෙකි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ජනප්‍රිය දේශපාලන පක්ෂයකින් නාම යෝජනා ලබාගෙන මන්ත්‍රී ධූරයක්ද ලබා ගැනීමට හෙතෙම සමත් වන්නේය. දැන් ඔහු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙකි.

    ඔහු සභිකධූරය දරන පළාත් පාලන ආයතනය මගින් ප්‍රදේශයේ අතුරු මාර්ගයක සෝලා විදුලි පහන් සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය.

    එහි පළමු පියවර ලෙස පළාත් පාලන ආයතනයේ සේවකයෝ අදාළ මාර්ගය දෙපස එළිපෙහෙළි කිරීම ආරම්භ කළහ. මෙම ස්ථානයට ආ මෙම මන්ත්‍රීවරයා මෙය තමාගේ ව්‍යාපෘතියක් බව ගම්මුන්ට හඟවමින් කම්කරුවන්ට උපදෙස් දෙන්නට පටන් ගත්තේය. මේ මාර්ගයේ ඔහුගේ විරුද්ධවාදියකුගේ කෙසෙල් වගාවක්ද තිබුණි. එම කෙසෙල් ගස්ද කපා දමන්නැයි ඔහු සේවකයන්ට උපදෙස් දුන්නේය. ඔවුන් මාර්ගයට නැමී තිබුණු කෙසෙල් අතු කපා දැමීය. නෑ නෑ ගස් පිටින්ම බිම දමන්නැයි” ඔහු අණ කළේය.

    අපට නීතිවිරෝධී වැඩ කරන්න නොහැකි බව කියමින් සේවකයෝ එය ප්‍රතික්ෂේප කළෝය. උඹලට බැරි නම් මම කපන්නම්” කියමින් කැත්තක් ඉල්ලාගෙන කෙසෙල් කොරටුවට වැදුණු මන්ත්‍රීවරයා කැන් සහිත කෙසෙල් ගස් සමග ගස් රැසක් තපා බිම හෙළීය.

    සිද්ධිය ආරංචි වී අයිතිකරු පැමිණෙන විට කෙසෙල් ගස් බිම හෙළා අවසන් ය. ඔහු ඇතුළු ප්‍රදේශවාසීහු සිද්ධියෙන් මහත්සේ කම්පාවී සිටි අතර බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අයිතිකරු සිදුකර ඇති විපත ගැන පොලිසියට පැමිණිලි කළේය.

    ආරවුල බේරන්න දෙපාර්ශ්වයම පොලීසියට කැඳවිය. සිද්ධියෙන් මහත්සේ බියට පත්ව සිටි මන්ත්‍රීවරයා “මං අලාබෙ ගෙවන්නම් සර්. මේක සමතයට පත් කරමු” යැයි නඩුව විභාග කළ නිලධාරියාට ආයාචනා කළේය “අලාභය කියදැයි” නිලධාරියා පැමිණිලිකරුගෙන් විමසීය. මම අද මුට හොඳ පාඩමක් උගන්වනවා යැයි සිතූ පැමිණිලිකරු අලාභය “රුපියල් ලක්ෂයක්” යැයි කීවේය.

    මන්ත්‍රීවරයාට හීන් දාඩිය දැමීය. හීන් දාඩිය ටික ටික ලොකුවී කලිසම ද තෙත් කරමින් පහළට වැගිරෙන අතරේ “එච්චර අලාභයක් වෙලා නෑ සර්” යැයි හැඬුම් ස්වරයෙන් තෙපලීය. අලාභය ගෙවනවා නම් ඉල්ලන මුදල දෙන්න වෙන බවත්, ඊට අකමැති නම් එය උසාවියේ දී බේරාගත හැකි බවත්, උසාවියට ඉදිරිපත් කරන තෙක් පොලිස් කුඩුවේ ගත කරන්නට සිදුවන බවත් නිලධාරියා පැහැදිලි කළේය. ඉන්පසු ඔහු රුපියල් ලක්ෂයක අලාභය සතියක් ඇතුළත පැමිණිලිකරුට ලබා දෙන බව පවසමින් පොලිසියෙන් පිටව ගොස් ඇත.

    “පට්ටමේ” හයියෙන් අහිංසක ගම්වැසියකුට වළ කපන්න ගොස් තමාම ඒ වළට වැටුණු මේ පොඩි ආණ්ඩු මන්ත්‍රීවරයාගේ හපන්කම දකුණු පළාතේ පමණක් නොව ලොව පුරාම ප්‍රසිද්ධ වී ඇතැයි තතු දත්තෝ පවසති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දෙතොල් හැඩ කරන විෂ තට්ටුව ,ලිප්ස්ටික් මෙතරම් දරුණු බව ඔබ දන්නවද?

    May 11, 2026

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026

    මන්නාරම් දිස්ත්‍රික්කයේ වැලි කැණීමේ සියලු බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි

    May 11, 2026

    සියදිවි නසා ගැනීමට හේතු වූ මානසික පීඩාවන් ඇති කළ පුද්ගලයන්ට දණ්ඩ නීති සංග්‍රහයට අනුව මරණ දඬුවම ලබා දිය හැකියි ..!

    May 11, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දෙතොල් හැඩ කරන විෂ තට්ටුව ,ලිප්ස්ටික් මෙතරම් දරුණු බව ඔබ දන්නවද?

    May 11, 2026

    ලෝකයේ ඕනෑම රටක ඕනෑම සංස්කෘතියක කාන්තාවකගේ රූපලාවන්‍ය බෑගය තුළ නැතිවම බැරි අංගයක් වන්නේ ලිප්ස්ටික්ය. රතු,…

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දෙතොල් හැඩ කරන විෂ තට්ටුව ,ලිප්ස්ටික් මෙතරම් දරුණු බව ඔබ දන්නවද?

    May 11, 2026

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026

    රජයේ රෝහලේ සැත්කම පසෙකලා පෞද්ගලික රෝහලක සැත්කමකට ගිහින්කිරිකැටි බිළිඳා මිය යයි ත්‍රිමලේ දොස්තරලා දෙදෙනාගේ වැඩ තහනම් කරන්න හේතුව

    May 11, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දෙතොල් හැඩ කරන විෂ තට්ටුව ,ලිප්ස්ටික් මෙතරම් දරුණු බව ඔබ දන්නවද?

    May 11, 2026

    දුරදිග ගිය ආරවුලක් ඛේදනීය පුවතක් ඇඹිලිපිටිය, කොඩිකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙකුගේ දිවි අහිමි වේ

    May 11, 2026

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

    May 11, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.