Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාරේ යද්දී ආස දේ ගන්න බැරිව එදා මම ඇඬුවා – ගයාත්‍රි ඩයස් –

    May 10, 2026

    පළාත් හතකට තද වැසි – අඩු පීඩන කලාපයකුත් වර්ධනය වන ලකුණු 

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»පාරේ යද්දී ආස දේ ගන්න බැරිව එදා මම ඇඬුවා – ගයාත්‍රි ඩයස් –
    උණුසුම් පුවත්

    පාරේ යද්දී ආස දේ ගන්න බැරිව එදා මම ඇඬුවා – ගයාත්‍රි ඩයස් –

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 10, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.

    ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.

    එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.

    ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.

    ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා.

    ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය.

    ඉන් එහා ගයත්‍රිත් චන්නත් ඒ කෝන්තර ගැන ප්‍රසිද්ධියේ නොකියා ඉන්නත් වග බලාගත්තා.

    රසිකයින් අත ප්‍රශ්නෝත්තර බොහෝමයක් තිබුණා වුණත් ඒ සුහදතාවයෙන් වෙන්වීම ප්‍රශ්නයක් කරගන්න එපා කියලත් ඔවුන් ඉල්ලීමක් කරලා තිබුණා.

    ඒ අතරතුර දී චන්න-ගයත්‍රි යුවළගේ දියණියන් දෙදෙනාගේ විශේෂ අවස්ථාවලත් ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණා.

    නමුත් දරුවන්ගේ සෑම වැඩ කටයුත්තකදීම ආදරණීය මවක් සහ පියෙක් විදිහට එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්නත් ඔවුන් දෙන්නා අමතක කරන්නේ නැහැ.

    තමන්ගේ අතීතයේ කටුක මතකයන් සිහිපත් කරමින් ගයාත්‍රි කළ අදහස් මේ විදිහට මුහුණු පොතේ හුවමාරු වන්නේ කාගෙත් අවධානය දිනාගනිමින්.

    “අවුරුදු 8දී මම ගෙදර අම්මා වුණා…”ඇය පවසන විදිහට ඇයගේ කුඩා කාලය හරිම අමාරු එකක්. අම්මා සහ අප්පච්චි ගෙදර නැති වෙලාවට අයියා සහ නංගි වෙනුවෙන් උයන්න පිහන්න පවා සිදු වෙලා තියෙන්නේ අවුරුදු 8ක් 9ක් වැනි ඉතාම කුඩා වයසකදීයි.”මගේ කුඩා කාලේ සුන්දර නෑ. අම්මා අප්පච්චි ගෙදර නැති නිසා අපේ ගෙදර අම්මා වෙලා හිටියේ මම. මම ඉස්කෝලේ ගිහින් ඇවිත් තනියම උයනවා .රස කෑම කෑවේ හීනෙන්…

    අද සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ඇය එදා ජීවත් වෙලා තියෙන්නේ හීන ලෝකයක. සැබෑ ජීවිතයේ අත්විඳින්න බැරි හැම දේම ඇය හීනෙන් දැකලා සතුටු වෙලා තියෙනවා.

    ඇඳුම් ගන්න වත්කමක් නැති නිසා උත්සව කාලෙට ලස්සනට ඇඳලා ඉන්න හැටි හීනෙන් දැක්කා.

    අනුන් රස කෑම කන දිහා බලාගෙන හිටපු කාලයක් ඇයට තිබිලා තියෙනවා.

    පවුලේ හැමෝම එකට ඉන්න සතුට ඇය වින්දේ හීන ලෝකයේදී පමණයි.

    “අපි අනාථ වෙයි කියලා හැමෝම හිතුවා”ගයාත්‍රි කියන විදිහට එදා ඔවුන් හිටපු තත්ත්වය අනුව සමාජය හිතුවේ මේ දරුවෝ පාරට වැටෙයි, අනාථ වෙයි කියලා. නමුත් අද ඇය ඉන්න තැන දකිද්දී ඒ දවස්වල ඇය ගැන වැරදියට හිතපු අයට ඇය නිහඬවම පිළිතුරු දීලා අවසානයි.

    “පාරේ යද්දී ආස දේවල් ගන්න බැරි වුණාම ඒ දුක මට තදින්ම දැනුණා. අද මම මේ ඉන්න තැනට එයි කියලා එදා කවුරුත් හිතුවේ නෑ.”

    ප්‍රසිද්ධ චරිතයක් වුණත් තමන් ආපු දුෂ්කර මාවත අමතක නොකර, ඒ අත්දැකීම් අනාගත පරපුරටත් පන්නරයක් වෙන්න මෙලෙස හෙළි කිරීම ගැන බොහෝ දෙනෙක් ඇයට ප්‍රශංසා කරමින් ඉන්නවා. ඇත්තටම ගයාත්‍රි කියන්නේ හීන පස්සේ හඹා ගිහින් ඒවා ජයග්‍රහණය කරපු දිරිය කාන්තාවක් කිව්වොත් නිවැරදියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    පළාත් හතකට තද වැසි – අඩු පීඩන කලාපයකුත් වර්ධනය වන ලකුණු 

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    May 9, 2026

    සියවසක් දිනූ මිනිසා

    May 9, 2026

    අනිද්දා වනවිට අඩු පීඩන කලාපයක්: වැසි තත්ත්වය තවදුරටත්

    May 9, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    පාරේ යද්දී ආස දේ ගන්න බැරිව එදා මම ඇඬුවා – ගයාත්‍රි ඩයස් –

    May 10, 2026

    අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස්…

    පළාත් හතකට තද වැසි – අඩු පීඩන කලාපයකුත් වර්ධනය වන ලකුණු 

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    පාරේ යද්දී ආස දේ ගන්න බැරිව එදා මම ඇඬුවා – ගයාත්‍රි ඩයස් –

    May 10, 2026

    පළාත් හතකට තද වැසි – අඩු පීඩන කලාපයකුත් වර්ධනය වන ලකුණු 

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    පාරේ යද්දී ආස දේ ගන්න බැරිව එදා මම ඇඬුවා – ගයාත්‍රි ඩයස් –

    May 10, 2026

    පළාත් හතකට තද වැසි – අඩු පීඩන කලාපයකුත් වර්ධනය වන ලකුණු 

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.