කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල්, තානාපති කාර්යාල සහ වෙනත් කාර්යාල පරිශ්‍ර සඳහා වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
මේ අනුව කලාප 1 ස්ටැන්මෝ චන්ද්‍ර වංකය මැකෙන් සි පාර කැප්පෙටිපොළ මාවත පැජට් පාර බංගලා දොළහක් සිල්ලර වෙළඳාම (Boutique Suites) කැෆේ සහ ආපනශාලා සඳහාද තනි පරුෂදය 1 බෞද්ධාලෝක මාවත 02 (D2,D4) නිවාස සිල්ලර වෙළඳාම තානාපති කාර්යාල සහ නිවාස සඳහාද තනි පර්ෂදය 2 (ස්කෙල්ටන් පාර) 02 (E1,E2) බුටික් හෝටල් සහසිල්ලර වෙළඳාම සඳහාද කලාප දෙක විජේරාම මාවත සහකොබ්බෑකඩුව මාවත බංගලානවයක් නිවාස සානාපති කාර්යාල කාර්යාල පරිශ්‍ර සඳහා වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මෙම සංවර්ධන ව්‍යාපෘතියෙන් කෞතුකාගාර විවේකී ස්ථාන සිල්ලර වෙළඳාම අවන්හල් නවාතැන් පහසුකම් සේවා ස්ථාන සහ සමාජ ජීවිතය එකිනෙක මුසු වූ ඇවිද යා හැකි සංස්කෘතික කලාපයක් (Cultural Loop) නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරෙන බව
රජය සතු බංගලාවල ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේදී අභිලාෂ ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය වෙනුවට යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කරන ලෙස මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත
ජනාධිපති කාර්යාලය මගින් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හා තිබිලිගස්සාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ ඒකාබද්ධව සකස් කරන ලද ලැයිස්තුව අනුව ආර්ථික උපයෝජනය සඳහා යොදාගත හැකි මංගල සංඛ්‍යාව 24කි.
මෙම බංගලා නිවාස පෞද්ගලික අංශයට ප්‍රයෝජනයට ලබාදීමේදී වසර තිහක බඳු කාලයක් යටතේ රජයේ ඉඩම් අඥා පනතේ ප්‍රතිපාදන අනුව ලබාදීමට තීරණය කර ඇත
අමාත්‍ය මණ්ඩලය පත්කළ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද මිල නිවාස පිළිබඳ විස්තර ඇතුළත් ලැයිස්තුවේ කොළඹ 5 ස්ටැන්මෝ චන්ද්‍රවංකය පරිශ්‍රය (B63)සම්බන්ධ ඉඩමේ හිමිකාරීත්වය නිසි පරිදි තහවුරු කරගත නොහැකි බැවින් මෙම යෝජනා කැඳවීමට එම පරිශ්‍රය ඇතුළත් නොකිරීමටත් එම පරිශ්‍රයේ රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්ව සහයෝගීතා ආයතනයේ ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.
මෙම යෝජනා කැඳවීම් වලට අනුව තෝරාගනු ලබන ආයෝජකයන් සමඟ පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති රජයේ බංගලා නිවාස සඳහා එම දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ව්‍යුහාත්මක වෙනස්කම් නොකර එම වටිනාකම් වලට අනුගත වන ආකාරයට ආයෝජන යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවත්
රජයේ බංගලා සම්බන්ධයෙන් කරුණු සොයා බලන කමිටුව ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් නිර්දේශ දෙවනුව ඉදිරිපත් කිරීමට නියමිතය. ජනපති මන්දිර බොහොමයක් පිට පළාත්වල පිහිටා ඇති හෙයින් විශේෂ පරීක්ෂණවලට ගතවන කාලය සලකා එම තීරණය ගෙන ඇත.
ඇමැති බංගලා අමාත්‍යවරුන් වෙනුවෙන් වෙන් නොකිරීමට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන. එසේම ජනාධිපති මන්දිරද පෞද්ගලික පරිහරණය වෙනුවෙන් යොදා නොගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත

