Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    May 9, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»සියවසක් දිනූ මිනිසා
    උණුසුම් පුවත්

    සියවසක් දිනූ මිනිසා

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 9, 2026No Comments3 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉංග්‍රීසි ජාතික, සර් ඩේවිඩ් ෆෙඩ්රික් ඇටෙන්බරෝ ඉදිරිපත් කරන රූපවාහිනී වාර්තා වැඩ සටහනක් නොබැලූ අයෙකු ලොවේ කොතැනකවත් නැති තරම්.

    එලෙස ම පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා ඔහු ගේ පහස නො ලද එකදු ස්වාභාවික පරිසරයක් නැති තරම්.

    ඔහු BBC ආයතනය වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ , ශ්‍රව්‍ය දෘශ්‍ය සන්නිවේදකයකු මෙන් ම, ස්වාභාවික ඉතිහාසඥයකු ද වනවා.

    මිහිතලය මත වෙසෙන සත්ත්ව හා ශාක ජීවිතය පිළිබඳ ඔහුගේ ගවේෂණයන් ඇතුළත් මාතෘකා 8 කින් යුත්, DVD තැටි 24 ක එකතුවක් BBC ස්වාභාවික ඉතිහාසය පිළිබඳ ඒකකයේ “Life collection” නම් එකතුවට අයත් කර තිබෙනවා.

    2018 සහ 2019 වසර දෙකේ දී ම විශිෂ්ඨතම වැඩසටහන් ඉදිරිපත් කරන්නා වෙනුවෙන් වසරකට එකක් බැගින් ප්‍රදානය කෙරෙන

    “Primetime Emmy සම්මානය” ඔහු දිනා ගන්නවා.

    කළු සුදු, වර්ණ, HD, 3D 4K යන සෑම ආකාරයකින් ම BAFTA සම්මානයන් තම වැඩ සටහන් සඳහා දිනා ගෙන ඇති එක ම තැනැත්තා ඔහුයි.

    සර් ඩේවිඩ් ඇටෙන්බරෝ එක්සත් රාජධානියේ ජාතික සම්පතක් ලෙසයි

    පිළිගැනෙන්නේ.

    2002 වසරේ දී විශිෂ්ඨතම බ්‍රිතාන්‍යයන් 100 දෙනා අතරට ඔහුගේ නම ද, ඇතුළත් කෙරෙනවා.

    1926 වසරේ මැයි මස 8 වෙනි දින බටහිර ලන්ඩනයට අයත්, මිඩ්ල්සෙක්ස්හි අයිස්ල්වර්ත්හි උපත ලබන ඩේවිඩ් ඇටෙන්බරෝ, සුප්‍රකට සිනමාකරු හා රංගන ශිල්පි , සර් රිචඩ් ඇටෙන්බරෝ සහ පවුලේ බාලයා වන ජෝන් ඇටෙන්බරෝගේත් මද්දුම සොහොයුරායි.

    තම ළමා වියේ දී ම ෆොසිල හා විවිධ පාෂාණ රැස් කිරීමෙන් ආස්වාදයක් ලබන ඩේවිඩ්, ලීසෙස්ටර්හි වයිජෙස්ටන් ව්‍යාකරණ පාසලේ ඉගෙනුම ලබා ශිෂ්‍යත්වයක් ලැබ කේම්බ්‍රිජ් සරසවියේ, ක්ලෙයාර් විද්‍යාලයට ඇතුළු වනවා. එහි භූ විද්‍යාව හා සත්ත්ව විද්‍යාව හදාරන ඔහු ස්වාභාවික විද්‍යා පිළිබඳ උපාධිය දිනා ගන්නවා.

    1950 වසරේ දී ජේන් එළිසබෙත් ඔරියෙල් සමග විවාහ වන ඔහුට දාව පුතෙකු හා දියණියක බිහි වනවා. ඔහුගේ බිරිඳ 1997 වසරේ දී මිය යනවා. BBC ආයතනයේ පූර්ණ කාලීනයකු ලෙස ඔහු එහි සේවයට එක් වන්නේ, 1952 වසරේ දීයි.

    සතුන් අතර පවතින වේශාන්තරණයන් සහ යුගල බන්ධන චර්යාවන් ආදිය ඇතුළත් “Animal Patterns” නම් කොටස් තුනක වැඩ සටහනක් සඳහා ඔහු ලන්ඩන් සත්ත්වෝද්‍යානයේ සතුන් මෙන් ම සර් ජුලියන් හක්ස්ලිගේ සහාය ලබා ගන්නවා.

    1960 දශකයේ ආරම්භයේ දී BBC හි ස්ථිර කාර්ය මඬුල්ලෙන් ඉල්ලා අස්වන ඔහු , ලන්ඩන් ආර්ථික විද්‍යා පාසලේ සමාජ මානව විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයනයක යෙදෙනවා.

    උපාධිය සම්පූර්ණ කිරීමට පෙර ඔහු නැවත BBC ආයතනයේ ඇරයුම පිළිගෙන එහි BBC Two හි පාලක පදවියට පත් වනවා.

    1965 වසරේ දී ටැන්සානියාවේ අලි ඇතුන් රූප ගත කරන ඔහු 1969 වසරේදී බාලි දූපතේ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ තුන් ඈඳුතු වැඩ සටහනක් නිෂ්පාදනය කරනවා.

    1971 වසරේ දී නිව් ගිනියාවේ කඳුකර නිම්නය පිළිබඳ පළමු බටහිර ගවේෂණයට එකතු වන ඔහු, එහි හුදෙකලා ගෝත්‍රිකයන් ගැන “A Blank on the Map” වාර්තා චිත්‍රපටය නිර්මාණය කරනවා.

    ඔහු ලොව පුරා සත්ත්ව හා ශාක ජීවිතය ගැන නිමවූ රූපවාහිනී වාර්තා චිත්‍රපට මාලා රැසක් අදටත් ඒ පිළිබඳව වටිනා අත්පොත් බඳුයි.

    Fabulous Animals ( 1975 ), Life on Earth ( 1979 ), The Living Planet (1984), The Trials of Life ( 1990 ) The Private Life of Plants ( 1994 ), The Life of Birds ( 1998 ), The Life of Mammals ( 2002 ), Life in the Undergrowth ( 2005 ), Life in Cold Blood ( 2007 ) ඒවායින් කිහිපයක්.

    පසුගිය වසරේ Apple tv ඔස්සේ නිකුත් වූ Prehistoric Planet වාර්තාමය වැඩසටහනේ ද පූරක වශයෙන් කටයුතු කළේ ඔහුයි.

    Discovering Life on Earth (1981) වැනි ග්‍රන්ථ රැසක් ද ඔහු පෘථිවියේ ජීවය සම්බන්ධව ලියා තිබෙනවා.

    රූපවාහිනී කැමරාව, මෙන් ම පෑන ද එක සේ යොදා ගනිමින් සොබා දහමට ලැදි ප්‍රේක්ෂකයා මෙන් ම පාඨකයා ද තම අපූර්ව කෘති තුළින් මනරම් චාරිකාවක කැඳවාගෙන යාමට ඔහු තුළ ඇත්තේ නිසග කුසලතාවක්.

    ඔහුට ගෞරවයක් ලෙසින් සත්ව හා ශාක විශේෂ රැසක් ඔහුගේ නමින් නම් කර තිබෙනවා. ඉන් කීපයක් මෙසේයි.

    * 𝑇𝑟𝑖𝑔𝑜𝑛𝑜𝑝𝑡𝑒𝑟𝑢𝑠 𝑎𝑡𝑡𝑒𝑛𝑏𝑜𝑟𝑜𝑢𝑔ℎ𝑖 (කෘමි විශේෂයක්)

    * 𝑆𝑖𝑡𝑎𝑛𝑎 𝑎𝑡𝑡𝑒𝑛𝑏𝑜𝑟𝑜𝑢𝑔ℎ𝑖 (කටුසු විශේෂයක්)

    * 𝑁𝑒𝑝𝑒𝑛𝑡ℎ𝑒𝑠 𝑎𝑡𝑡𝑒𝑛𝑏𝑜𝑟𝑜𝑢𝑔ℎ𝑖𝑖 (විශාල බාඳුරා විශේෂයක්)

    මැවුම් වාදය එකහෙළාම ප්‍රතික්ෂේප කරන ඩේවිඩ් ඇටෙන්බරෝ ජෛව පරිණාමය පිළිබඳව පළමු පෙළේ සාක්ෂ්‍ය කරුවෙක්.

    අද දින 100 වියට පා තබන ඔහුට සුබ උපන්දිනයක්!

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    May 9, 2026

    අනිද්දා වනවිට අඩු පීඩන කලාපයක්: වැසි තත්ත්වය තවදුරටත්

    May 9, 2026

    රුපියල් ලක්ෂ 30ක මුදලක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදලක් අල්ලස් ලෙස ඉල්ලුකුරුණෑගල නි. නගරාධිපති රිමාන්ඩ්

    May 9, 2026

    ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළට

    May 9, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    May 9, 2026

    සියවසක් දිනූ මිනිසා

    May 9, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    May 9, 2026

    සියවසක් දිනූ මිනිසා

    May 9, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    කොළඹ ඇමති බංගලා විසි හතරක් සිල්ලර වෙළඳාම කැෆේ ආපන ශාලා කුඩා හෝටල් වලට

    May 9, 2026

    විහිළුකාර ගැන්නට් පක්ෂියා – ජනතාවගේ ප්‍රියතම ඡායාරූපයේ කතාව.

    May 9, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.