Author: Bandara Senanayaka

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ආයතනයකට සිදුකළ මුදල් ගෙවීම සහ සමාගමේ චෙන්නායි කාර්යාලයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පළවන වාර්තාවන් ගැන ශ්‍රීලංකන් ගුවන් සමාගම කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත. නිවේදනයක් නිතුත්කරමින් එම සමාගම අද (16) දන්වා සිටියේ, ඩුබායි හි පිහිටි සේවා සපයන ආයතනයක නිල ඊමේල් (Email) ගිණුම තෙවන පාර්ශවයක් විසින් වෙනස් කර ඇති බවය. ඒ හේතුවෙන් එම වංචනික ඊමේල් පණිවිඩ මඟින් ලබාදුන් බැංකු ගිණුම් තොරතුරු මත, තම සමාගම ඩිරාම් 974,000ක මුදලක් එම වැරදි ගිණුමකට ගෙවූ බව එහි දැක්වේ. කෙසේ නමුත් මෙම වංචාව හඳුනාගත් වහාම එම ගිණුමට තවදුරටත් මුදල් ප්‍රේෂණය කිරීම අත්හිටුවීමට පියවර ගෙන ඇත. මේ පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට…

Read More

ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අහස වලාකුළින් බරව පවතී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. කන්කසන්තුරය සිට පුත්තලම,…

Read More

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වැසි ඇද හැලෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල මාපක දත්ත විශ්ලේෂණයට අනුව ඉදිරි පැය 48ක කාලය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත. අනතුරු ඇඟවීමේ වර්ණය: (Amber) මෙය හෙට (17) පෙ.ව 8.00 දක්වා වලංගු වෙයි. අවදානමට ලක්විය හැකි ප්‍රදේශ – බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය – පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඉහත ප්‍රදේශවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව සඳහන් වෙයි. මේ අතර කුඩා…

Read More

ගම්පහ මල්වානේ පිහිටි නිවසකට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පාර්ශවයක් අනවසරෙන් ඇතුළු වී එය අත්පත් කරගෙන සිටීම සම්බන්ධයෙන් දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. රජයට අයත් භූමියකට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව දොම්පේ පොලීසිය වෙත ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. මල්වානේ පිහිටි හිමිකරුවෙකු නොමැති මෙම නිවස සහ ඉඩම සීමිත විශ්වවිද්‍යාල සඳහා ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ පිරිසක් පසුගිය 14 වනදා එහි නවාතැන් ගනිමින් විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබීය. මේ අතර, එම ක්‍රියාමාර්ගයට එරෙහිව නව ජනතා පෙරමුණද අද (16) දොම්පේ පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකළ අතර එහිදී එම…

Read More

යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික ආයතනවලට ඉඩ ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය. ඒ අනුව මේ සතිය තුළදී පොහොර ගැටලුව විසඳෙනු ඇති බවත් ගොවීන් සංවේදී බැවින් බොරුවට රට තුළ පොහොර හිඟයක් මවා නොපාන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය. රට තුළ පොහොර මේ වනවිට ප්‍රමාණවත් තරම් පවතින බවත් මහ කන්නයට පවා පොහොර ගෙන ඒමට රජය වැඩසටහනක් මේ වනවිටත් සකස් කර අවසන් බවද තුෂාර වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයෙකු ලෙස මීට පෙර කටයුතු කළ විලී ගමගේ අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා. ඒ එම කොමිසම විසින් විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැඳවීමකට අනුවයි එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විමර්ශනයට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්නට හා විලී ගමගේ නැමති අයගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඔවුන් අල්ලස් කොමිසම වෙත කැඳවීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම පසුගිය 05 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබුණා

Read More

ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ තරුණියන් තිදෙනෙකුගේ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබු අතර, පසුව මෙම සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය සහ සැකකාරියන් තිදෙනා අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වී තිබේ. පසුව බුත්තල පොලීසිය විසින් සිද්ධියට සම්බන්ධ යතුරුපැදිය ධාවනය කළ තරුණිය සහ අදාළ යතුරුපැදිය අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, යතුරුපැදිය හිමිකාරියට ද නඩු පවරා ඇත. එම සැකකාරියන් හිදිකිවුල, උනාවටුන සහ මොනරාගල යන ප්‍රදේශවල පදිංචිකාරියන් තිදෙ‍ෙනකු වන අතර යතුරුපැදිය පැදවූ තැනැත්තියට රියදුරු බලපත්‍රයක් පවා නොමැති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් යතුරුපැදිය ධාවනය කළ තරුණිය අද (11) වැල්ලවාය…

Read More

පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ කොත්මලේ ගැරඬිඇල්ල බස් අනතුර සිදු වී අදට (11) වසරක් ගත වී තිබේ. කතරගම සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදු වූ අනතුරට වසරක් ගත වීම නිමිත්තෙන් මියගිය අයට සහ තුවාල ලබා සිටින අයට සෙත්පතා අනතුරු සිදු වු ස්ථානයේ අද සෙත්පතා සර්ව ආගමික වතාවන් සහිත පිංකමක් පවත්වා තිබේ. කොත්මලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිළධාරීන් සහ කොත්මලේ ප්‍රදේශවාසීන් එක්ව මෙම පිංකම සංවිධානය කර තිබුණි. කොත්මලේ ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ අන්‍යආගමික් නායකයින්ද එම ස්ථානයට කැඳවා ආගමානුකූලව පින්අනුමෝදන් කර අනතුරින් මියගිය සියලු දෙනාට පැන් වැඩීමක්ද සිදු කර තිබේ. කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා…

Read More

තායිලන්තයේ දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රබල චරිතයක් වන හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා (Thaksin Shinawatra) මාස අටක සිරදඬුවමකින් පසු නිදහස ලබා තිබෙනවා. දණ්ඩන නියමයෙන් වැළකී සිටීම සඳහා වංචනික ලෙස රෝහල්ගතව සිටි බවට අධිකරණය මගින් චෝදනා එල්ල වීමෙන් පසු ඔහුට මෙම සිරදඬුවම විඳීමට සිදු වුණා. අද පෙරවරු 7:40 ට පමණ බැංකොක්හි ක්ලෝන්ග් ප්‍රෙම් (Klong Prem) මධ්‍යම බන්ධනාගාරයෙන් පිටතට පැමිණි 76 හැවිරිදි තක්ෂින් ශිනවත්‍රා පිළිගැනීමට ඔහුගේ දියණිය වන පැටොන්ග්ටාර්න් ශිනවත්‍රා ඇතුළු පවුලේ සාමාජිකයන් සහ විශාල ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වෙන්නේ. “අපි තක්ෂින්ට ආදරෙයි” යනුවෙන් හඬ නගමින් ආධාරකරුවන් ඔහුව පිළිගත් අතර, ඔහු සිය දඬුවම් කාලයෙන් තුනෙන් දෙකක් ගෙවා අවසන් කිරීම හේතුවෙන් මෙලෙස…

Read More

තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දුන් සී. ජෝසප් විජේ හට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක් කර තිබේ. X සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ තමිල්නාඩුව වෙනුවෙන් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක් කරන බවය. කෝපය සහ පැරණි තුවාල මත පමණක් ගොඩනැඟුණු සමාජ අවසානයේ හුදකලා වන බවත්, සාධාරණත්වය සහ සහජීවනය මත ගොඩනැඟුණු සමාජ මිනිසුන් සැබෑ ලෙසම අපේක්ෂා කරන අනාගතයක් නිර්මාණය කරන බවත් ඉතිහාසය විසින් පෙන්වා දී ඇති බවද එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත. ලෝකය තුළ මේ වනවිට විශාල වශයෙන් බෙදීම් පවතින බවත් භාෂාව, ආගම හෝ අනන්‍යතාවය කුමක් වුවත්, කලාපය පුරා සිටින මිනිසුන් සැබවින්ම අපේක්ෂා…

Read More