Author: Bandara Senanayaka

2026 මැයි 17 වන දින චෙන්නායි හි පෝස් ගාඩ්න් (Poes Garden) නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රවීණ දෙමළ සිනමා තරුවක් වන රජිනිකාන්ත්, නළුවෙකු වී පසුව දේශපාලනයට පිවිසි තලපති විජේ (C. Joseph Vijay) තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස පත්වීම පිළිබඳව සිය අදහස් දැක්වීය. දශක හතකට ආසන්න කාලයක් පුරා පැවති ඩී.එම්.කේ (DMK) සහ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ (AIADMK) පක්ෂවල ආධිපත්‍යය බිඳ දමමින් 2026 අප්‍රේල් මාසයේ පැවති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් විජේගේ TVK පක්ෂය ආසන 108 කට වඩා ලබා ගනිමින් ආණ්ඩුවක් පිහිටුවන ලදී. යොවුන් කැබිනට් මණ්ඩලයක් සමඟින් මැයි 10 වන දින චෙන්නායි හි ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී විජේ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, මෙම ඓතිහාසික සිදුවීම…

Read More

විදේශ කටයුතු අමාත්‍යාංශයේ විද්‍යුත් ලේඛන සහතික කිරීමේ පද්ධතියේ (e-DAS) ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, ලේඛන සහතික කිරීමේ සියලුම සේවාවන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයේ ප්‍රධාන කාර්යාලය මෙන්ම යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සේවාවන් ද මෙලෙස අත්හිටුවා ඇති බවය. අදාළ තාක්ෂණික සේවා සපයන්නන් සමඟ සම්බන්ධ වී හැකි ඉක්මනින් e-DAS පද්ධතිය යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය පවසයි. දැනටමත් මාර්ගගතව (Online) වේලාවන් වෙන්කරගෙන ඇති අයදුම්කරුවන්ට, ඉදිරි යාවත්කාලීන කිරීම් සහ දැනුම්දීම් සඳහා ‘e-Channeling’ පද්ධතිය…

Read More

‍දශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වන නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටි.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් විය. 1975 වර්ෂයේ ජුලි 27 වනදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ. ත්‍රස්තවාදය මෙරට දෙකඩ කිරීමේ මූලික පියවර තබනු ලැබීය. මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රහාර එල්ල කරමින් ත්‍රස්තවාදීන් ජීවිත රැසක් විනාශ කිරීමටයි කටයුතු කරනු ලැබුවේය. ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ගුවන්තොටුපල වැනි මෙරට ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරමින් රට අර්බුදයකට ඇද දැමීමට ද ඔවුන් උත්සාහ ගනු ලැබීය. ජය…

Read More

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 1.44 කින් හෙවත් 1.32% කින් ඉහළ ගොස් ඩොලර් 110.70 ලෙස සටහන් වී ඇත. එය මැයි 5 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙස ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම WTI තෙල් මිල ද මැයි 4 වැනිදායින් පසු එහි ඉහළම මට්ටමට පැමිණ ඇති අතර එහි බැරලයක් ඩොලර් 1.84 කින් හෙවත් 1.75% කින් ඉහළ ගොස් ඩොලර් 107.26ක් ලෙස සටහන්ව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයට එරෙහි එක්සත් ජනපද – ඊශ්‍රායල යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් ඇණහිට තිබීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එල්ල වීම යන…

Read More

ඉරාන නායකත්වය වහාම ක්‍රියාත්මක වීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට බරපතල ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තමාට අයත් ‘ටෘත් සෝෂල්’ (Truth Social) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා ඉරානය වෙත මෙම සෘජු නිවේදනය නිකුත් කර තිබෙනවා. “ඉරානය වෙනුවෙන් වෙන්වූ කාලය වේගයෙන් ගෙවී යමින් පවතිනවා (Clock is Ticking). ඔවුන් ඉතා ඉක්මනින්, වහාම ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොමැති වුවහොත් ඔවුන්ගෙන් කිසිවක් ඉතිරි වන්නේ නැහැ. මේ මොහොතේ කාලය අතිශය තීරණාත්මකයි!” යනුවෙන් අමෙරිකානු ජනපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකියි. කාලගුණවිද්‍යා…

Read More

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැනුම් දී තිබේ. ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පවතින වගකීම්, විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත ලෙස පැවරී ඇති කාර්යයන් සහ පවුලේ වගකීම් සමබරව පවත්වාගෙන යාමේදී ඇති වී තිබෙන දැඩි අභියෝගාත්මක තත්ත්වය හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවය. අදාළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Read More

කැලණිය දුම්රිය මාර්ගයේ රේල්පීලිවල යකඩ කොටස් ගලවා සොරකම් කර ‍රුපියල් කෝටි ගණනක අනර්ථයක් කර ධාවනය වූ දුම්රිය පීලිපැනීට සලස්වා පුද්ගලයන් දස දෙනකුට මරණීය තුවාල සිදුකිරීමට තැත්කළැයි කියන සිද්ධියට අදාලව පෑලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් දෙදෙනෙකු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (17) නියෝග කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජම්බුවත්ත, වනවාසල, කැලණිය පදිංචි රාජපක්ෂ පතිරණලාගේ ගිහාන් කණිෂ්ක (25) සහ වෙරලපත්තන, දුමාවත්ත, මඩොල්සිම පදිංචි සුබ්‍රමනියම් රමේෂ් කුමාර (31) නමැත්තන්. මෙහි පළමු සැකකරු, රජයේ දේපල සොරකම් කිරීම, සොරබඩු බැහැර කිරීම, රජයේ දේපලවලට කෝටි ගණනක අලාභයක් සිදුකිරීම, රේල් පීලිවල යකඩ කොටස් ගලවා දුම්රිය පිළී…

Read More

ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ. අද (17) සවස 2ට පමණ දුංහේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ 8 හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇල්පිටිය මුලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කැබ් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. අනතුරට පත් කැබ් රථය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර ඇත.

Read More

මෑත කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දිය නෑමට ගොස් ඉතා අවාසනාවන්ත ලෙස වටිනා මිනිස් ජීවිත අහිමි වීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවත්, මෙම අනතුරු අවම කරගැනීම සඳහා මහජනතාව වඩාත් සැලකිලිමත් සහ දැනුවත් විය යුතුව ඇති බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. මෙලෙස දිය අනතුරු සිදුවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ පුද්ගලයින්ගේ පවතින නොසැලකිලිමත්භාවය සහ අවබෝධයකින් තොරව කටයුතු කිරීම බව ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ‍පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙනවා. “දිය නෑමට ගොස් ඉතා අවාසනාවන්ත ලෙස වටිනා මිනිස් ජිවිත අහිමි වීමේ සිද්ධීන් ගණනාවක් මෑත කාලයේ වාර්තා වූ තොරතුරු අනුව නිරීක්ෂණය වී ඇත.…

Read More