Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Bandara Senanayaka
රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධි දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත මොරටුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී නීතිවිරොධි දුම්වැටි 22,400ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස – වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක අභිබවා යාමට උනන්දු වීම තුළ මේ මොහොත වන විට බදු පරිපාලනය සහ සාපරාධි ක්‍රියා අතර සම්බන්ධතාවයක් ඇති වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ බදු පරිපාලනය සම්බන්ධ විශේෂඥවරුන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ සෙසු පාර්ශ්වකරුවන් සමග පැවැති හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මේ හේතුවෙන් රජයට කිසියම් පාර්ශ්වයක් අමතක වීම, රෝගී වීමක්, විදේශගතවීමක් වැනි හිතාමතා සිදු නොකරන නොසැලකිලිමත්භාවය නිසා බදු පරිපාලන කොන්දේසි ඉටු නොකිරීම සාපරාධි ක්‍රියාවක් ලෙස සලකා බදු පරිපාලනයක් ගෙන ඒමට රජය කටයුතු කරමින්…
අමෙරිකාවේ ගුවන් යානා සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදු තිබේ. අනතුරෙන් ජෙට් යානාවල සිටි නියමුවන් පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එරට නාවික හමුදාවට අයත් ජෙට් යානා දෙකක් බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදු කරයි.
2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි 13 වනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කරනු ලැබීය. එම අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී නොසිටි බව අද දෙරණ වාර්තාකරු පැවසීය. ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 13 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය. 2016 පෙබරවාරි 6 වනදා එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු…
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 200ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වාර්තාක සඳහන් වනුයේ මෙම නිවාස අතුරින් වැඩිම අගයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන බවය. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් අර්ධ හානි වූ නිවාස 90ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 22, ගාල්ල දිස්ත්‍රික්කයෙන් නිවාස 14, මොනරාගල දිස්ත්‍රික්කයෙන් නිවාස 04, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් නිවාස 25, කොළඹ දිස්ත්‍රික්කයෙන් නිවාස 05, යාපනය දිස්ත්‍රික්කයෙන් නිවාස 04, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නිවාස 25, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නිවාස 02, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නිවාස 02, මන්නාර දිස්ත්‍රික්කයෙන් නිවාස 05 සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්…
ජුලි මාසයේදී කොළඹ ඉන්දියානු මහ 1987කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා වූ හර්දීජ් සිං පූර් යාපනයේ දී ප්‍රභාකරන් හමුට්ටි සාකච්ඡාවක් පැවැත්වීය. මෙහිදී ඉන්දු-ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට එහිදී ප්‍රභාකරන් වෙන ආරාධනයක් ලැබිණි. කොටි නායකයා එම ඉල්ලීමට එකඟ විය. එහෙත් ඔහුට විශේෂ ඉල්ලීම් කිහිපයක් ඉන්දීය රජයට ඉදිරිපත් කිරීමට තිබිණි. ඉන්දියාව බලා යන ගමනේ දී තම දේශපාලන සහායකයන් වන යෝගි හා තිලීපන්ට අතිරේකව කායාරක්ෂක භටයන් දෙදෙනකුන් හෝ තිදෙනකුන් කැටුව යෑමට ඔහුට වුවමනා විය. මදුරාසියේ දි බාලසිංහම් තමන් හා එක්වීම ද ප්‍රභාට අවශ්‍ය විය. ඔහුට තම බිරිඳ හා දරුවන් දෙදෙනා මිදුරාසියට කැටුව යෑමට ද වුවමනා විය. එහිදි තමන්ගේ දෙමාපියන් දැක බලා ගැනීමට…
අම්පාර පොලිස් බල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. ඊයේ (17) රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව ඇති අතර එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ වැටලීම සිදුකළ අවස්ථාවේදි සැකකරු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පහරදීමට තැත් කර තිබේ. පසුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර ඇති අතර එහිදී සැකකරු රෝහලින් පලා ගොස් ඇත. එහිදී ජංගම සංචාරක නිලධාරියෙකු සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී සැකකරු නිලධාරියාගේ ගිනිඅවිය උදුරා ගැනීමට තැත්ත් කර තිබේ. එම අවස්ථාවේදි ඇතිවූ තත්ත්වය මත සැකකරුට වෙඩි වැදී ඇති අතර ඔහුව රෝහල් ගත කිරීමටද පොලීසිය පියවර ගෙන ඇත. පොලීසිය…
බගවන්තලාවේ සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථයක් ඉස්සර කර යෑමට උත්සහ කිරිමේදි පෞද්ගලික බස් රථය ලංගම බස් රථයේ ගැටී අනතුරක් සිදු වී ඇත. මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේදීය. බස් රථ දෙකම එකම දිසාවකට ධාවනය වී ඇති අතර, නෝර්වුඩ් නගරයේ සිට ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථය ඉස්සර කර යෑමට පෞද්ගලික බස් රථයේ රියදුරු උත්සහ කිරිමෙදි පෞද්ගලික බස් රථයේ ලංගම බස් රථයේ පසුපස ගැටී මෙම අනතුර සිදු වී ඇත. අනතුරින් බස් රථ දෙකේම ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, අනතුරින් බස් රථ දෙකට…
එක්සත් රාජධානියට පැමිණීමට නියමිත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර විශේෂ හමුවක් සංවිධානය කර තිබේ. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත මෙම අවස්ථාව සඳහා ආරාධනාවක් කෙරෙන අතර , මෙම හමුව 2026 මැයි 20 වන බදාදා පස්වරු 7:00 ට ස්ලාව් (Slough) හි පිහිටි ‘Crystal Grand Banqueting Hall’ හිදී පැවැත්වීමට නියමිතය. කෙසේ වුවද, මෙම හමුව සඳහා සහභාගී වන එක් අයෙකුගෙන් රාත්‍රී භෝජන සංග්‍රහය සහ ශාලා පහසුකම් වෙනුවෙන් පවුම් 25 ක ගාස්තුවක අය කිරීමට පියවර ගෙන තිබේ. මේ සඳහා වන ආරාධනා පත්‍රය මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර, අග්‍රාමාත්‍යවරිය හමුවීම…
වර්තමාන රජයේ පාලන කාලය තුළ මෙරට ආර්ථිකය දැඩි අගාධයකට ඇද දමා ඇති බවත්, මාස 16ක් වැනි කෙටි කාලයක් තුළ රටේ සමස්ත ණය බර රුපියල් ට්‍රිලියන පහකින් ඉහළ ගොස් ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. කරුණානායක මහතා පෙන්වා දෙන්නේ 2024 සැප්තැම්බර් මාසයේදී රුපියල් ට්‍රිලියන 28.3ක් ලෙස පැවති මෙරට සමස්ත ණය ප්‍රමාණය, මේ වන විට රුපියල් ට්‍රිලියන 33.2ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙය රුපියල් බිලියන 5000ක දැවැන්ත ණය වැඩිවීමක් බව ඔහු අවධාරණය කරයි. එසේම, මීට පෙර රුපියල් 290ක්ව පැවති ඇමෙරිකානු ඩොලරයක අගය මේ වන විට රුපියල් 331 දක්වා ඉහළ ගොස් ඇති බව පවසන ඒ මහතා, මහ බැංකුව සහ…
