Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කිසිදා අමතක නොකල යුතු ලෝකයේ බියජනකම ත්‍රස්ත නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් ගේ අවසානය පිළිබඳ නැවත කියවීමක්
    උණුසුම් පුවත්

    කිසිදා අමතක නොකල යුතු ලෝකයේ බියජනකම ත්‍රස්ත නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් ගේ අවසානය පිළිබඳ නැවත කියවීමක්

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 18, 2026Updated:May 18, 2026No Comments7 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජුලි මාසයේදී කොළඹ ඉන්දියානු මහ 1987කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා වූ හර්දීජ් සිං පූර් යාපනයේ දී ප්‍රභාකරන් හමුට්ටි සාකච්ඡාවක් පැවැත්වීය. මෙහිදී ඉන්දු-ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට එහිදී ප්‍රභාකරන් වෙන ආරාධනයක් ලැබිණි.

    කොටි නායකයා එම ඉල්ලීමට එකඟ විය. එහෙත් ඔහුට විශේෂ ඉල්ලීම් කිහිපයක් ඉන්දීය රජයට ඉදිරිපත් කිරීමට තිබිණි. ඉන්දියාව බලා යන ගමනේ දී තම දේශපාලන සහායකයන් වන යෝගි හා තිලීපන්ට අතිරේකව කායාරක්ෂක භටයන් දෙදෙනකුන් හෝ තිදෙනකුන් කැටුව යෑමට ඔහුට වුවමනා විය.

    මදුරාසියේ දි බාලසිංහම් තමන් හා එක්වීම ද ප්‍රභාට අවශ්‍ය විය. ඔහුට තම බිරිඳ හා දරුවන් දෙදෙනා මිදුරාසියට කැටුව යෑමට ද වුවමනා විය. එහිදි තමන්ගේ දෙමාපියන් දැක බලා ගැනීමට තම බිරිඳට හා දරුවන්ට අවස්ථාව සලසා දීමට ප්‍රභාකරන් බලාපොරොත්තු විය.

    නවදිල්ලිය බලා යෑමට කලින් තමිල්නාඩු මහ ඇමැති එම්.ජී.ආර්. බැහැදැකීමට තමන්ට වුවමනා බවද ඔහු කියා සිටියේය. ඉන්දිය රජය මේ ඉල්ලීම් වලට එකඟ වූ අතර කොළඹ ආණ්ඩුවේ අවසරය ඇතිව ඉන්දියානු හෙලිකොප්ටර් යානා දෙකක් යාපනය බිලා පියාසර කිරීමට පියවර ගනු ලැබිණි.

    ඉන්දියාවට ගොඩබැසීමෙන් පසුව මදුරාසි ගුවන් තොටුපොළෙහි වූ ඉන්දියානු ගුවන් සේවයේ මගී විවේකාගාරය තුළ ප්‍රභාකරන් විනෝදකාමි විලාසයකින් පසුවනු දක්නට ලැබිණි. එහිදී හාර්දිප් සිං පූරි හා ඔහු එක්ව දිවා ආහාර ගැනීමට ගියහ. කොටි නායකයා ඔහු කැමති දෙයක් ඇණවුම් කරතැයි කියමින් පූරි තමන්ට කුකුල් මස් ව්‍යංජනයක් සමග බත් ගෙන එන ලෙස දැනුම් දුනි.

    තිරිඟුවලින් සාදනු ලබන උතුරු ඉන්දියානු පැතලි පාත් විශේෂයක් වන චපාති වලට තමන් වඩා කැමති යයි ප්‍රභාකරන් පැවසීය. මම බත් කන්නෙ නැත්තේ කොකා ගස්සන ඇඟිල්ලට ඒක නරක විදිහට බලපාන නිසයි. ” ඔහු මැඩගත් සින භවකින් යුතුව පැවසීය. ජේ. එන්. ඩික්සිත් මහතා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සමයේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා හාදිප් සිං පූරි වර්තමාන නරේන්ද්‍ර මෝදි රජයේ ඇමැතිවරයෙකි.

    ඉහත කරුණු අඩංගු වන්නේ ” ප්‍රභාකරන් – දුරවබෝධ මනසක ඇතුළාන්තය” යන කෘතියේය. එදා කොකා ගස්සන ඇගිල්ල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් චපාති ආහාරයට ගත් මේ ත්‍රස්ත නායකයා අවසානයේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ ජීවිතයත් බිලිගත්තේය. ලංකාවේ ප්‍රශ්නයට මැදිහත් වී ඉන්දියාව හොඳ පාඩමක් ඉගෙන ගත්තේය. මෙ රටට ඉන්දීය හමුදා ගොඩබස්වා සිදු වූයේ මහත් විපතකි. ඉන්දිය සෙබළුන් 1200ක් මරණයට පත්වූ නිසාම මේ මෙහෙයුම් හඳුන්වන්නේ ඉන්දියාවේ වියට්නාම් අත්දැකීම ලෙසය.

    අතීත මතක කෙසේ වෙතත් හරියටම මිටි වසර 17 කට පෙර ප්‍රභාකරන්ගේ දේහය නන්දිකඩාල් කලපු තීරයේදි හමුවිය. රට විනාශ කළ ත්‍රස්ත නායකයා ලංකා හමුදාවේ විජයබා බල ඇණියේ සෙබළකුගේ වෙඩි ප්‍රහාරයට ගොදුරුව අවසන් ගමන් ගොස් තිබිණි. මහා වීරත්වයට පත්කර සිටි කොටි නායක ප්‍රභා කිසි විටක සිය බ්ලොග් පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගත්තේ නැත.

    ළමා සොල්දාදුවන්ට් පවා සයනයිඩ් පැලඳී මේ ඊනියා ත්‍රස්ත නායකයා සිය සයනයිඩ් කරල හපා කෑවේ ද නැත.ප්‍රභාකරන්ට් සිය මරණීය උණ්ඩය වැදි තිබුණේ නළලේ වම් පැත්තට වන්නටය.

    යුද හමුදාව මැයි 19 වැනිදා උදාවන විටත් සොයමින් සිටියේ ප්‍රභාකරන්ගේ මළසිරුර ය. ඒ අතරේ අළුයම නන්දිකඩාල් කඩොලාන කැලේ දෙසට මුත්‍රා කිරිමට ගිය විජයබා පාබල රෙජිමේන්තු සෙබළකු විශේෂ යමක් දුටුවේය. ඒ යම් පිරිසක් කඩොලාන කැලේ සැඟව සිටින බවයි. අළුයම එකට පමණ අහේතුකව ඇසුණු වෙඩි හඬක් ගැන ඒ වන විටත් හමුදා නිලධාරියෝ විමසිලිමත් වීම් අරඹා සිටියහ.

    විජයබා පාබල රෙජිමේන්තු ලුතිනන් ජි.එච්.ඩී. නාලකගේ නායකත්වයෙන් සැරයන්වරුන් වන ටී.එම්. මුතු බණ්ඩා සහ එච්.පී. විජේසිංහ ඇතුළු සෙබළ කණ්ඩායම් දෙක සැඟව සිටින පිරිසට එල්ල කරන්නට පටන්ගත් අතර එය පැය කිහිපයක් පැවතිණි. සතුරු පාර්ශ්වයෙන් ප්‍රහාර එල්ලවීම ක්‍රමයෙන් නතර විය. ඒ වන විට උදෑසන 9.45 පමණ වී තිබිණි. ඇත්තෙන්ම හමුදා ප්‍රහාරය හමුවේ ප්‍රභාකරන් වටා සිටි ආරක්ෂකයන්ගේ උණ්ඩ අවසන් වී තිබිණි. එවැනි සටනකට අවි ආයුධ හෝ පතුරොම් සැපයීම සඳහා එල්ටීටීඊ සැපයුම් අංශයක් ද ඒ වන විට ඉතිරිව නොතිබිණ.

    ඉදිරියට ඇදුනු විජයබා සෙබළු සටන් පැවති ප්‍රදේශයේ එකිනෙක මළ සිරුරු ඔසවා බැලූහ. කලපුවේ දිය මතට මුණින් අතට එබී තිබූ හැඩි දැඩි මළ සිරුරක් ඒ අතර විය. ඔහුගේ හිසට සහ නළලට වෙඩි වැදි තිබුණි. ප්‍රභාකරන් සොයමින් සිටි සෙබළෙක් මළ සිරුරේ මුහුණ ඔසවා බැලුවේ මේ අතරය. ඒ පෙරවරු 10.03ට පමණය. රැවුල සහිත මළ සිරුර ප්‍රභාකරන්ගේ බවට එහි වට වූ කුඩා සෙබළ කණ්ඩායම බැලු බැල්මටම හඳුනා ගත්හ. ඒ වන විටත් මරණාසන්න තුවාල සිදු වූ හිසෙන් ලේ ගලමින් තිබුණි. සියලු හඳුනා ගැනීම් වලින් පසු දහනම වැනි දා මැදියම් රැය උදා වන විට හමුදා සෙබළු ප්‍රභාකරන්ගේ අළු මුලතිව් මුහුදේ දිය කොට හැරියහ. මේ 19 වැනිදා සිදු වූ කතාව කෙටියෙනි.

    ඇත්තෙන්ම වෙඩි වඳින අවස්ථාවේ ප්‍රභාකරන් සිටියේ සිය සුපුරුදු කොටි ඇඳුමින් සැරසී නම් නොවේ. මැයි 17 වැනිදා වන විට නන්දිකඩාල් කලපුව තුළ කණ්ඩායම් තුනක් ලෙසට එල්. ටී. ටී. ඊ. නායකයෝ ස්ථානගත වී සිටියහ. බාබු හා සුසෙයි එක් කණ්ඩායමක් ලෙසත් පොට්ටු අම්මාන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් පුභා කරන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් කලපුව අවධි ස්ථානගත වී සිටියහ.

    19 වැනිදා පෙරවරුවේ නන්දිකඩාල් කලපුව අසල වැටී තිබූ ප්‍රභාකරන්ගේ සිරුර පමණක් නොව බිරිඳ මෙන්ම දියණිය ද්වාරකාගේ සිරුරුත් පසුව සොයා ගැනීමට හැකි විය. චාල්ස් ඇන්තනීගේ දේහයත් මැයි 17 වනවිටම සොයාගෙන තිබිණ. හිට්ලර්ගේ මරණය සේම ප්‍රභාකරන්ගේ මරණය ද විශ්වාස නොකරන පිරිසක් කොටි හිතවාදීන් අතර විය. ඒ 2009 මැයි මාසයේදී ය. නමුත් දැත් නම් එවන් කණ්ඩායම් ගැන අසන්නට නොලැබේ.

    ප්‍රභාකරන් උපත ලැබුවේ 1954 නොවැම්බර් මස 26 වැනිදාවකය. පිරිමි දරුවන් දෙදෙනකුගෙන් හා ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාලයා වූයේ ඔහුය. කුඩා කාලයේ අදරයට ඔහු හැඳින් වූයේ තම්බි (මල්ලි) යන සුරතල් නමිනි. ළමාවියේ ප්‍රභාකරන්ගේ ප්‍රියතම ක්‍රීඩා වූයේ පාපන්දු, වොලිබෝල් හා බයිසිකල් පැදිමිය. එහෙත් ඔහු ක්‍රීඩාවේ දක්ෂයකු නොවූ හෙයින් පොතපත කියවීමට හා ක්‍රියාදාම චිත්‍රපටි නැරඹීමට යොමු වූයේය.

    කුඩා අවධියේ පටින් ඔහු සත්ව හිංසකයෙක් විය. ලේනුන්, කටුස්සන්, කුඩා පක්ෂීන් ඔහුගේ කැටපෝල පහරින් ගැලවුණේ නැත. ඔහුට පැහැදිලි මතකයක් තිබිණි. ඔහුගේ දෙනෙත නිතර දිදුළමින් තිබූ අතර කථාබ කරන විට නිරතුරුව අවර බලමින් විමසිලිමත් ලෙස කථා කළේය. කොටි සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1976 මැයි 5 වැනි දිනය.

    යාපනය දිස්ත්‍රික්කයේ එක්තරා රහසිගත ස්ථානයකට රැස්වූ 40ක් 50ක් පමණ වූ තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළහ. එහි නායකයා වූයේ උමා මහේෂ්වරන්ය. සන්නද්ධ නායකයා වූයේ ප්‍රභාකරන්ය. කොටි සංවිධානය ආරම්භ කර වසර තිස්තුනකට පසුව එළඹුණු මැයි මාසයකම එය නැවත නොනැගිටින ලෙස විනාශයට පත්විය.

    මිටි වසර 21 කට පෙර එනම් 2005 වසරේ නොවැම්බරයේදී කොටි නායක ප්‍රභාකරන් සිය 51 වැනි උපන් දිනය සැමරුවේ නිරාහාරවය. එය ආගමික විශ්වාසයක් මත සිදු කළා ද එසේ නොවේ නම් සිය මියගිය සටන් සඟයන් සිහි කිරීම වෙනුවෙන් සිදු කළ උපහාරයක් දැයි අපි නොදනිමු. ඒ ගැන නිවැරදිව කියත්ත දන්නා කිසිවෙක් වර්තමානයේ ජිවතුන් අතර ද නැත. කෙසේ නමුත් ඒ කාලයේදී ප්‍රභාකරන් වන්නි කැලයේ සැඟවී සිටිමින් සිදු කරන මහා විරු ප්‍රකාශය ගැන නම් උතුර පමණක් නොව දකුණේ ජනතාව ද අවධානය යොමු කළේ එය රටේ පමණක් නොව තමන්ගේ මනුෂ්‍ය ජිවිතයට කෙළින්ම බලපාන බැවිනි. මේ ත්‍රස්ත නායකයා රටේ කොතැනක කවර වේලාවක කවර විනාශයක් සිදු කරයි ද නැද්ද යන්න පිළිබඳ විශ්වාසයක් නැති නිසා මහ විරු ප්‍රකාශයෙන් කියන්නේ කුමක්දැයි යන්න දැන ගැනීම වැදගත් විය.

    2005 මහවිරු ප්‍රකාශය සිදු කරමින් ප්‍රභාකරන් සිංහලයන්ගේ මහාවංශ මානසිකත්වය නිග්‍රහයට ලක් කළේය. සිංහලයන්, ශ්‍රී ලංකාව තමන්ට පමණක් වෙන්කර ගැනීම මේ දෙමළ නාසිවාදි ත්‍රස්ත නායකයාගේ දැඩි විවේචනයට ලක් විය. 2006 මහවිරු ප්‍රකාශය සිදුකරමින් ප්‍රභාකරන් පැවසුවේ කුමක්ද? තමන්ට ඊළම පිහිටුවීම හැර අන් විකල්පයක් නොමැති බවයි. එදා ඊළම පිහිටුවනවා යැයි පුභාකරන් වහසි බස් දෙඩුවේ දකුණේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න. ප්‍රභාකරන්ගේ ඊළාම් ප්‍රකාශ උපුටා දක්වමින් දකුණේ ඊනියා කොටි ඒ ජන්තයෝ ද සිංහල ජනයා බිත්තියට හේත්තු කරන්නට උත්සාහ ගත්හ. යුද්ධයෙන් කොටි පැරදිය නොහැකි බවට මරහඬ තලන්නට වූහ.

    2008 නොවැම්බර් මාසයේදී පුභාකරන් සිය අවසන් මහ විරු ප්‍රකාශය සිදු කරමින් සඳහන් කර සිටියේ කුමක්ද? කිළිනොච්චියට ඇතුළුවීම රාජපක්ෂ ආණ්ඩුවේ දවල් හීනයක්ම පමණක් වන බවයි. නමුත් එම ප්‍රකාශයෙන් දින 140 කට පසුව හිටිපු ජනපති මහින්ද රාජපක්ෂ ජයග්‍රාහී විලාසයෙන් කිළිනොච්චියේ සංචාරය කරනු දක්නට ලැබිණි. එවිට ප්‍රභාකරන් පුදුමාතලන් වල සැඟවී සිටියේය. දෙමළ ජනතාව ලක්ෂ ගණනින් හමුදාව දෙසට පැමිණෙමින් සිටියේ මිටි වසර 17කට් පෙර අප්‍රේල් මාසයේ දෙවැනි සතියේදීය.

    පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි, දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමා විය. එහෙත් දෙමළ ඊළමක් සඳහා වූ ත්‍රස්ත යුද්ධිය වසර 33ක් ඇදි ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්විම වැනි විෂම චක්‍රයක කොටස්කරුවෝ බවට පත්වූහ. එහි අවාසනාවන්තම ප්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රට හැර යෑමය. උතුරු – නැගෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහනයෙන් 480ක් වැනි ප්‍රමාණයකි.

    කොටි නායකයා සුදු අන්තුවකු පරිද්දෙන් දෙමළ ඊළමක් සඳහා සමස්ත දෙමළ ජනතාවගේ ජිවිත උගසට තැබිමට ක්‍රියා කළේය. ඔහු හැසිරුණේ තම අනුගාමිකයින්ට යුද කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිදිය. මේ වසර තිහක ඛේදය නිසා බොහෝ දේ විනාශ වූයේ සිංහලයන්ටත් වඩා දෙමළ ජනතාවට බව පැහැදිලි කරුණකි. ඇත්තෙන්ම ප්‍රභාකරන් විසින් දෙමළ ජනතාවට සිදු කළ මහා ව්‍යසනය බොහෝ කාලයක් ගතවන තෙක් නොමැකී පවතිනු ඇත. සමහරුන්ට 2009 පෙර පැවති කාලය අමතක වී ඇති නිසාම මේ සහන ලියන්නට සිත් විය. ත්‍රස්තවාදයෙන් මවුබිම බේරාගත් විරුවන් කිසිලෙසකවත් අමතක කළ යුතු නැත.

    • චතුර පමුණුව-
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    රු. කෝටි 14කට වැඩි කුෂ් සමඟ දෙදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

    May 18, 2026

    කාලගුණයෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    නිසි සුදුසුකම් නොමැතිව මධ්‍යම පලාත් සභාවේ නිලධාරින් විසින් හිතුවක්කාර ලෙස කාර්මික නිලධාරී තනතුරු සඳහා ,උසස්…

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.