Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන රාත්‍රී මුර සංචාර සේවාකටයුතු නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවත් එම සේවාවාර වහාම නැවත යෙදවීමට කටයුතු කරන්න
    උණුසුම් පුවත්

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන රාත්‍රී මුර සංචාර සේවාකටයුතු නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවත් එම සේවාවාර වහාම නැවත යෙදවීමට කටයුතු කරන්න

    Bandara SenanayakaBy Bandara SenanayakaMay 17, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන රාත්‍රී මුර සංචාර සේවා කටයුතු මේවන විට නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවත් එම සේවාවාර වහාම නැවත යෙදවීමට කටයුතු කරන ලෙසත් ලොකෝමෝටිව් ඉංජිනේරු සංගම‍ය ඉල්ලීමක් කර ඇත.

    එම සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා සඳහන් කළේ රාත්‍රී මුර සංචාර සේවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඉදිරියේදී මෙවැනි අනතුරු සිදු වීම වළක්වා ගැනීමට හැකි වනු ඇති බවය.

    එමෙන්ම දුම්රිය ධාවනයේදී රියදුරා විසින් නිරීක්ෂණය කර දක්වන කරුණු මත පාලක මැදිරිය හෝ වෙනත් අංශ සඳහා සිදු කරනු ලබන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කරන මෙන් ඒ මහතා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර සිටී.

    ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පිලී පැනීමට ලක්වූ දුම්රිය ධාවනය වීමට ප්‍රථම එම මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරු විසින් වනවාසල අසල තිබෙන පාලන සංඥාවේ යම්කිසි දෝෂ තත්ත්වයක් ඇති බවට දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමක් කර ඇති බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා,

    ”පිලී පැනීමට ලක්වූ දුම්රිය ධාවනය වීමට ප්‍රථමයෙන් දුම්රියන් දෙකක් එතනින් ධාවනය වුණා.. එතකොට ඊට ප්‍රථමයෙන්ම එතනින් ධාවනය වුණා අංක 84 දරන දුම්රිය. ඒ කියන්නේ, ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය. එම දුම්රියේ රියදුරු මහතාට වනවාසල අසල තිබෙන පාලන සංඥාවේ යම්කිසි දෝෂ තත්ත්වයක් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ සමඟ එයා එතන දුම්රිය නවත්වලා ඒ පිළිබඳව දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමට කටයුතු කරලා තියෙනවා.

    ඒ වගේම ඒ දැනුම් දීමට කටයුතු කිරීමෙන් පසුව, එතනින් ලැබුණු උපදෙස් මත තමයි ඉදිරියට දුම්රිය ධාවනය කරලා තියෙන්නේ. ඊට පසුව කන්කසන්තුරේ සිට පැමිණි රාත්‍රී තැපැල් දුම්රියත්, අර දුම්රියේ ප්‍රමාදය මත වනවාසල දුම්රිය ස්ථානය අසල පාලන සංඥාවේ නතර කරලා තමයි ධාවනය කරලා තිබෙන්නේ. ඊට පසුව පැමිණි අංක 507 දරන දුම්රිය තමයි මේ අනතුරට ලක්වුණේ. එතකොට ඒ දුම්රියත් එම දුම්රිය ස්ථානයේ නවත්තලා තමා ධාවනය කරලා තියෙන්නේ.

    ඇත්තටම මේ සිද්ධ වෙලා තියෙන්නේ කසළංගනයට යොදා තිබෙන ප්‍රධාන මාර්ගය සමඟ යොදා තිබෙන පයින්ටුව (Point) යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා සිද්ධ වෙච්ච දෝෂයක් හේතුවෙන්. මෙහිදී ඇත්තටම අපිට සංගමයක් විදිහට ඉල්ලන්න තියෙන්නේ, මීට කලින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී මුර සංචාරය සඳහා යොදවා තිබුණු, මාර්ග කර්මාන්ත අංශයෙන් යොදවා තිබුණු ඒ මුර සංචාර සේවා කටයුතු දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. ඉදිරියේදී මේ වැනි අනතුරු වළක්වා ගැනීමට එම සේවා වාර වහාම යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.

    ඒ වගේම මෙම දුම්රිය ධාවනයේදී දුම්රිය රියදුරා විසින් දකින සහ එයා නිරීක්ෂණය කරලා දක්වන කරුණු සහ ඒ නිරීක්ෂණය කරන දේවල් මත දුම්රිය පාලක මැදිරිය හෝ වෙනත් අංශ කරන දැනුවත් කිරීම් පිළිබඳව නිසි බරකින් යුතුව කටයුතු කරන්න කියන ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Bandara Senanayaka

    Related Posts

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    අගමැතිනිය අන්තරේට දුන් පොරොන්දුව

    May 18, 2026

    රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට අධිකරණ ක්‍රියාමාර්ග

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට…

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026

    නදුන් චින්තක නොහොත් හරක් කටා විවෘත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලයි

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    රණවිරු සැමරුමට හිටපු ජනපති මහින්දට ආරාධනාවක් ලැබී නෑ – නීතිඥ මනෝජ් ගමගේ

    May 18, 2026

    රුපියල අවප්‍රමාණය වීමට හේතුව මහ බැංකු අධිපති පහදයි

    May 18, 2026

    දොස්තරව මහත්තයාව බය කරලා ලක්ෂ හැටක් කප්පම් ගත් නර්ස් නෝනාටත් ඇගේ සැමියාටත් වැඩ වරදී

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.