පාදුක්ක වටරැක – බෙරුකැටිය මාර්ගයේ බෙරුකැටියට ආසන්නව පාළු ප්‍රදේශයක රාත්‍රී කාලයේදී මාර්ගය හරහා කම්බි ඇද, එම ස්ථානයෙන් ගමන් ගන්නා යතුරුපැදි වට්ටවා කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයින් දෙදෙනෙකු අද (18) ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.
පෙර දිනයක එලෙස මාර්ගය හරහා ඇද තිබූ කම්බියක පැටලී තරුණයකුගේ ගෙල ප්‍රදේශය ද කැපී තුවාල සිදුව ඇති බව ප්‍රදේශවාසීන් පැවසීය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

