අමෙරිකාවේ මිනියාපෝලිස්හි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ඒ එම ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමට විරුද්ධවය.

අමෙරිකානු ආගමන විගමන නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ කාන්තාවක් මියගොස් තිබුණි.

අදාළ කාන්තාව පැමිණි මෝටර් රථය පරික්ෂා කිරීමට යාමේදී ඇය විසින් එම රථය එකවර ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගත යුතු බව පවසමින් මිනියාපෝලිස් ජනතාව විරෝධතාවයේ නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version