සර 10ක් තුල මේ රටේ අල්ලපු මත්ද්‍රව්‍යවලට වඩා වැඩි ප්‍රමාණක් ගත වූ මාස 10 තුළ වත්මන් රජය අල්ලා ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා.

අමාත්‍යවරයා මෙලෙස කියා සිටියේ ඊයේ (26) නුවරඑළිය නගර සභා ශාලාවේ පැවති ලංකා වතු සේවා සංගමයේ රැස්වීම අමතමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

“දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. රටට නීතියක් ඕනද? නැද්ද? ඕන. ඒ නීතිය ඕන පොඩි එකාට විතරද? මහ එවුන්ට ඕන නැද්ද? අවුරුදු 76ක් නීතිය තිබුණා. කාටද දන්නවද? වත්තෙ එකාට, ගමේ එකාට, සාමාන්‍ය මිනිහට තිබ්බා. ලොක්කන්ට නීතිය තිබ්බේ නෑ. දැන් ලොකු පොඩි භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක වෙනවා. කෙරෙන්න ඕනද? නැද්ද? කෙරෙන්න ඕන. කෙරෙනකොට කලබල වෙනවා. කළබල වුණාට අපිට කලබලයක් නෑ. අපි ගානට අධිකරණයට කියලා තියනවා, පොලිසියට කියලා තියනවා, අදාල අල්ලස් දූෂණ එකට කියලා තියනවා. නීතිය හරියට කරන්න කියලා. අපි නීතිය ක්‍රියාත්මක කරන්න යන්නේ නෑ. ඒවා කරන ආයතන කරනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා.

දැන් නීතිය ක්‍රියාත්මක වෙනකොට ලොකු ලොකු අයට වගේම මේ රට වනසපු කුඩු ක්‍රමක්‍රමයෙන් අලල්නවද? නැද්ද ? පහුගිය අවුරුදු 10 අපි බලයට එන්න ඉස්සල්ලා අල්ලපු කුඩුවලට වඩා මාස 10ක් තුළ අපි ඇල්ලුවා. දැන් අපි අල්ලපු කුඩු ‍තොගය හදිසියේවත් අල්ලන්න බැරි වුණොත් ඔය කුඩු අපේ රටේ තරුණ තරුණියෝ බොනවද? නැද්ද? වත්තේ ඉදන්, ගමේ ඉඳන්, නගරේ ඉදන් බොනවද? නැද්ද? බොනවා. මේවා අල්ලන්න ඕනද නැද්ද? අල්ලන්න ඕන සුද්ද කරන්න ඕන. එන තිස්වැනිදා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් දැවැන්ත ජාතික ව්‍යාපාරයක් හදනවා විෂ මත්ද්‍රව්‍ය සහ පාතාලය සුද්ද කරලා දාන ව්‍යාපාරයක් හදනවා. වසර 2-3ක් යනකොට ඔක්කොම සුද්ද කරනවා.

දැන් මේ සමහර කඳවුරුවල තියෙන තරමේ අවි ආයුධ හම්බ වෙනවානේ වැව් පතුල්වලින්. දැන් මතු වෙනකොට ඒ කට්ටිය පෝෂණය කරපු කට්ටිය බය වෙනවා. ඔය පාතාලය, ඔය කුඩු මොන ගර්භාෂයෙන්ද දන්නවද ඉපදුනේ කොළ පාට ගර්භාෂයෙන්, නිල්පාට ගර්භාෂයෙන් දේශපාලන පක්ෂ ඇතුලෙ ඉපදුනේ. ඔය අපරාධ කරන්න පුලුවන්ද පාලකයාගේ හයියක් නැතුව. ඕවා පාලකයොත් එක්ක කරේ. ඔය දැවැන්ත කුඩු තොගය ගේන්න පුළුවන්ද පාලකයන්ගේ උදව්වක් නැතුව?

මෙම රැස්වීමට ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් යන අය සහභාගි වුණා.

Share.
Leave A Reply

Exit mobile version