Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»අවුරුදු 16ට අඩු පිරිසට ඕස්ට්‍රේලියාවේ සමාජමාධ්‍ය තහනම්.
    උණුසුම් පුවත්

    අවුරුදු 16ට අඩු පිරිසට ඕස්ට්‍රේලියාවේ සමාජමාධ්‍ය තහනම්.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiNovember 20, 2025No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වීමට නියමිත වයස අවුරුදු 16 ට අඩු සමාජ මාධ්‍ය තහනමට පෙර එම වයස් වල පරිශිලකයින්ගේ සමාජ ගිණුම් වසා දැමීට Instagram, Facebook සහ Threads යන සමාජ මාධ්‍ය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

    මෙම සමාජ මාධ්‍ය නාම තුනම හිමි Meta සමාගම විසින්, වයස අවුරුදු 13 ත් 15 ත් අතර යැයි විශ්වාස කරන පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් දෙසැම්බර් 4 වන දින සිට අක්‍රිය කිරීම ආරම්භ කරන බවට කෙටි පණිවුඩ, විද්‍යුත් තැපෑල සහ යෙදුම තුළ පණිවිඩ මගින් දැනුම් දීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

    ඕස්ට්‍රේලියාවේ තහනම දෙසැම්බර් 10 වන දින සිට බලාත්මක වීමට නියමිතව ඇත.

    එය TikTok, YouTube, X සහ Reddit ඇතුළු වේදිකා ගණනාවකට බලපාන බවද සඳහන් වේ.

    “ලෝක ප්‍රමුඛ” තහනම “ළමයින්ට ළමයින් වීමට ඉඩ දීම” අරමුණු කරගත් බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසීය.

    මෙටා සහ අනෙකුත් සමාගම් මෙම පියවරට විරුද්ධ වුවද ඔවුන් එයට අනුකූල වන බව සඳහන් වේ.

    ඕස්ට්‍රේලියාව විසින් ඇස්තමේන්තු කර ඇත්තේ වයස අවුරුදු 13-15 අතර වයස් කාණ්ඩයේ ෆේස්බුක් පරිශීලකයින් 150,000 ක් සහ ඉන්ස්ටග්‍රෑම් හි යෞවනයන් 350,000 ක් සිටින බවටය.

    දෙසැම්බර් 4 වන දින සිට, වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට Meta හි සමාජ මාධ්‍ය වේදිකාවල ගිණුම් නිර්මාණය කිරීමට නොහැකි වනු ඇති.

    ගිණුමක් විවෘත කිරීමට සුදුසුකම් ලැබූ විට ඔවුන්ට දැනුම් දිය හැකි වන පරිදි තරුණ පරිශීලකයින්ට ඔවුන්ගේ සම්බන්ධතා තොරතුරු යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටින බව සමාගම නිවේදනය කර ඇත.

    ඔවුන්ගේ ගිණුම් වසා දැමීමට පෙර ඔවුන්ට ඔවුන්ගේ සටහන්, වීඩියෝ සහ පණිවිඩ බාගත කර සුරැකිව තබා ගැනීමේ හැකියාවක් පවති.

    කෙසේ වෙතත් මෙම අක්‍රිය කිරීම් හමුවේ Instagram, Facebook සහ Threads භාවිතා කිරීමට තරම් නිසි වයසින් සිටින යෞවනයන් සිටීනම් එයට තමන්ගේ මුහුණු ස්කෑන් කිරීමේ ක්‍රියාවලියක් ඒ සඳහා භාවිතා කිරීම හැකි අතර ඒ සඳහා “වීඩියෝ සෙල්ෆියක්” ගෙන ඒ සඳහා යොමු කිරීමෙන් හැකියව පවතින බව Meta සමාගම පවසා තිබේ.

    ඒමෙන්ම ඔවුන්ට රියදුරු බලපත්‍රයක් හෝ රජය විසින් නිකුත් කරන ලද වෙනත් හැඳුනුම්පතක් ද ලබා දිය හැකිය.

    මෙම සියලු සත්‍යාපන ක්‍රම මෙම වසර මුලදී එක්සත් රාජධානිය පදනම් කරගත් වයස් පරීක්ෂා සහතික කිරීමේ යෝජනා ක්‍රමය (ACCS) විසින් ඕස්ට්‍රේලියානු රාජ්‍යය විසින් පත් කරන ලද වාර්තාවක පරීක්ෂා කර ඇති බව ඳසහන් වේ.

    වයස අවුරුදු 16 ට අඩු අය අවහිර කිරීමට “සාධාරණ පියවර” ගැනීමට අපොහොසත් වන සමාජ මාධ්‍ය වේදිකා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 (£25m) දක්වා දඩයකට යටත් වේ.

    වයස අවුරුදු 16 ට අඩු අය සමාජ මාධ්‍ය යෙදුමක් බාගත කිරීමට පෙර දෙමාපියන්ගේ අනුමැතිය ලබා ගත යුතු නීතියක් දැකීමට මෙටා සමාගමට අවශ්‍යව ඇති බව ඳසහන් වේ.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #Australia #SocialMediaBan #Meta #Instagram #Facebook #Threads #YouthSafety #DigitalWellbeing #OnlinePrivacy #SocialMediaPolicy

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.