Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: Samudra Maduwnthi
මාවිල්ආරු දියවර ඇපයට තැබූ සාහසිකත්වයඅවසන් කල විජයග්‍රහණයේ පියවර. සටන් විරාම ගිවිසුමේ සෙවණැලි අතරින් මතු වූ LTTE ත්රස්තවාදීන් 2002 වසරේ සිට වරින් වර කුඩා ප්‍රහාර එල්ල කළ ද, ශ්‍රී ලංකා යුද හමුදාවේ සමස්ත ශක්තිය අවදි කරමින් මහා පරිමාණ සටනක් කරා ජාතිය මෙහෙයවන්නේ එක් අමානුෂික සිදුවීමක් මුල් කරගෙන ය. ඒ මාවිල්ආරු හී ජලය ඇපයට තැබීමයි. මාවිල්ආරු: දියවර ඇපයට තැබූ සාහසිකත්වයමාවිල්ආරු සොරොව්ව වසා දැමීමට පෙර යුද හමුදාවේ නායකත්වය හිඳුවීමේ අරමුණින්, 2006 අප්‍රේල් 25 වන දා එවකට යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කෙරිණි. ඉන් එතුමා බරපතළ තුවාල ලැබුව ද ත්රස්තවාදීන්ගේ අරමුණ ඉටු වූයේ නැත. ඉන් නොනැවතුණු ඔවුහු, 2006…
කොටි ත්‍රස්තවාදී සංවිධානය හමුදාමය ක්‍රියාමාර්ගයක් තුළින් කිසිදා පරාජය කළ නොහැකි බවට බොහෝ දේශපාලන පක්ෂ, මාධ්‍ය සහ යුද විශේෂඥයන් විශ්වාස කළහ. යුරෝපීය සහ ඉන්දීය ආණ්ඩුද ත්‍රස්තවාදී බලය පිළිගත් බව අමුතුවෙන් කිව යුතු නැත. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 2002 දී ඔස්ලෝ මැදිහත්වීමෙන් කොටි සංවිධානය සමග සටන් විරාමගිවිසුමකට ඇතුළු වූයේ එවකට ඒකාබද්ධ උතුරු සහ නැගෙනහිර පළාතේ කොටි පාලන ප්‍රදේශයක් ඇති බව පිළිගනිමිනි. උඩඟු කොටි සංවිධානය තම ශක්තිය විදහා පාමින් උමතුවෙන් මෙන් හැසිරුණ ආකාරය අපට හොඳින් මතකය. වේලුපිල්ලේ ප්රභාකරන් හතරවන ඊළාම් යුද්ධය 2006 අගෝස්තු මාසයේ ආරම්භ කළේ අවසන් ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයෙනි. නමුත් වසර දෙකක් සහ මාස 10 ක් තුළ ආරක්ෂක හමුදා ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම…
Nikon Comedy Wildlife Awards හි ජනතා ප්‍රියතම (People’s Choice) සම්මානය ජයග්‍රහණය කළේ, මුහුණ පුරා තණකොළ වැසී ඇති ගැනට් පක්ෂියෙකුගේ විහිළුකාර ඡායාරූපයකි. “Now which direction is my nest?” නම් මෙම ඡායාරූපය ඡායාරූප ශිල්පිනී Alison Tuck විසින් එංගලන්තයේ Bempton Cliffs ප්‍රදේශයේදී ගන්නා ලදී. ගැන්නට් පක්ෂීන්ගේ බිත්තර දමන සමයේ, ඉතා සුළං සහිත දිනයක මෙම දර්ශනය කැමරාවට හසු වී තිබුණි. තරඟ සංවිධායකයන්ගේ ප්‍රකාශයට අනුව, අවසන් වටයට තේරුණු ඡායාරූප 41 අතරින් මෙම ඡායාරූපය ජනතා ඡන්දයෙන් විශාල ප්‍රමාණයකින් ජයග්‍රහණය කළේය. ඇලිසන් ටක් පැවසුවේ, එදින මුහුදු පැත්තෙන් දැඩි සුළඟක් පැවති නිසා බෝට්ටුවකින් ඡායාරූප ගැනීමට නොහැකි වූ බවයි. නමුත් එම සුළඟ නිසා ගැන්නට් පක්ෂීන් තණකොළ රැගෙන කඳු ගැටවලට…
බිබිල, රතුගල ආදිවාසී ගම්මානයේ වසර 21ක් පුරා නායකත්වය හෙබවූ දානිගල මහබණ්ඩලාගේ සුදාවන්නිල ඇත්තන් (62) අභාවප්‍රාප්ත වූ අතර, ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා අද (08) සහභාගී විය. පවුල් 150කට පමණ මඟ පෙන්වමින්, 2005 වසරේ සිට සිය වර්ගයා වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් ඉටුකළ සුදාවන්නිල ඇත්තන්, ගම්මානයේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ නායකයෙකි. රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍යවේදීන් සමඟ සුහදව කටයුතු කරමින් සිය ජනතාවගේ අයිතීන් දිනා දීමට කටයුතු කළ ඔහුගේ අභාවය සමස්ත ආදිවාසි ප්‍රජාවටම පිරිමැසිය නොහැකි පාඩුවකි. පෞරාණික ආදිවාසී චාරිත්රයන්ට අනුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු මැයි මස 09 වන දින රතුගල ගම්මානයේදී සිදු කිරීමට…
ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් සන්තකයේ තබාගෙන සිටි විදේශිකයන් දෙදෙනෙකු හබරාදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (07) හබරාදූව පොලිස් වසමේ, පිලල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි මෙම විදේශිකයන් දෙදෙනා, ව්‍යාපාරික ස්ථානයකට ගනුදෙනුවක් සඳහා ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 400ක මුදලක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ පිළිබඳ ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. එහිදී සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී, සංචාරක වීසා මත මෙරට රැඳී සිටි සැකකරුවන් සන්තකයේ තිබී තවත් ව්‍යාජ ඇමෙරිකානු ඩොලර් 5,200 ක මුදලක් සොයාගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26 සහ 27 යන වයස්වල පසුවන තජිකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු බවයි සඳහන් වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන්…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියම කළා. 2022 වසරේ මැයි මස 09 වැනිදා අරගලයට පහර දීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්රචණ්ඩ ක්‍රියාවලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන්, නීතියට පටහැනි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස ඔහු නම් කර තිබෙනවා. අදාළ වන්දි ගෙවීම් නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවයි සඳහන් වන්නේ.
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා අද (8) පෙරවරුවේ පැමිණීමට නියමිතව තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසා සිටියේ, මෙලෙස විදෙස් රාජ්‍ය නායකයෙකු මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත්තේ වසර 11කට පසුව බවය. අවසන්වරට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2015 වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතූ බව ඇය සඳහන් කළාය. මේ අතර වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ දී පාර්ලිමේන්තු උත්සවයකදී රාජ්‍ය නායකයෙකුට පිරිනමන සියලු ගෞරවාචාර ලබාදීමට කටයුතු සලසා ඇති බවත් පාර්ලිමේන්තු මහලේකම්වරිය මෙහිදි පැවසුවාය. ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වනු ලබන වීථි පෙළපාලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඉන් අනතුරුව…
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතාව පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (8) පෙරවරුවේ පැවැත්විණි. මෙහිදී වියට්නාම ජනාධිපතිවරයාව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පිළිගනු ලැබීය. ඉන් අනතුරුව හමුදා උත්තමාචාර සහිතව සම්මාන වෙඩිමුර 21කින් වියට්නාම ජනාධිපතිවරයාට ආචාර්ය දැක්වීමට කටයුතු කළේය.
අමෙරිකානු ප්‍රහාරක නෞකා 3ක් ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාරයක් එල්ලකළ බවට චෝදනා කරමින්, අමෙරිකාවද ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාරයක් එල්ලකර තිබේ. විදෙස් වාර්තා සඳහන් කර සිටින්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ USS Truxtun, USS Rafael Peralta සහ USS Mason යන අමෙරිකානු ප්‍රහාරක නෞකා ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල වී ඇති බවය. එම ප්‍රහාරය තහවුරු කරමින් අමෙරිකානු හමුදාව ප්‍රකාශ කර ඇත්තේ, තම ‘ආත්ම ආරක්ෂාව’ උදෙසා තමන්ද ඉරානය වෙත ප්‍රතිප්‍රහාර දියත්කළ බවය. එහෙත් එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් අමෙරිකානු යුද නැව්වලට කිසිදු හානියක් සිදුව නොමැති බව විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ. අමෙරිකානු ආරක්ෂකද වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය…
තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීමට වරද පිළිගත් ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පැනවීමට එක්සත් රාජධානියේ අධිකරණයක් ඊයේ (20) තීරණය කර තිබේ. මෙසේ සිරදඬුවම් පනවා ඇත්තේ තිසර වේරගලගේ නම් ඇත්තේ 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක්ටය. ඝාතනය වූ කාන්තාව වෙනත් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් පසුගිය වසරේ අගෝස්තු 21 වනදා කාඩිෆ් හි රථගාලකදී ඔහු විසින් ඇයව තියුණු ආයුධයකින් පහරදී රථගාලකදී ඝාතනය කර තිබුණි. එලෙස ඝාතනය වූයේ නිරෝධා නිවුන්හැල්ල නම් අවුරුදු 32ක කාන්තාවක් වන අතර, ඇය ඔහුගේ විවාහක බිරිඳ වුවත් කලක සිට ඔවුනොවුන් වෙන් වෙන්ව ජීවත්ව ඇත. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ආරම්භයේ දී ඔහු මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප…
