Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»තමිල්නාඩුවේ නව බලය, පැරණි ඊළාම් සිහිනය: ශ්‍රී ලංකාවට නැවත අනතුරක්ද?
    උණුසුම් පුවත්

    තමිල්නාඩුවේ නව බලය, පැරණි ඊළාම් සිහිනය: ශ්‍රී ලංකාවට නැවත අනතුරක්ද?

    Samudra MaduwnthiBy Samudra MaduwnthiMay 18, 2026Updated:May 18, 2026No Comments10 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොටි ත්‍රස්තවාදී සංවිධානය හමුදාමය ක්‍රියාමාර්ගයක් තුළින් කිසිදා පරාජය කළ නොහැකි බවට බොහෝ දේශපාලන පක්ෂ, මාධ්‍ය සහ යුද විශේෂඥයන් විශ්වාස කළහ. යුරෝපීය සහ ඉන්දීය ආණ්ඩුද ත්‍රස්තවාදී බලය පිළිගත් බව අමුතුවෙන් කිව යුතු නැත. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 2002 දී ඔස්ලෝ මැදිහත්වීමෙන් කොටි සංවිධානය සමග සටන් විරාමගිවිසුමකට ඇතුළු වූයේ එවකට ඒකාබද්ධ උතුරු සහ නැගෙනහිර පළාතේ කොටි පාලන ප්‍රදේශයක් ඇති බව පිළිගනිමිනි. උඩඟු කොටි සංවිධානය තම ශක්තිය විදහා පාමින් උමතුවෙන් මෙන් හැසිරුණ ආකාරය අපට හොඳින් මතකය. වේලුපිල්ලේ ප්‍රභාකරන් හතරවන ඊළාම් යුද්ධය 2006 අගෝස්තු මාසයේ ආරම්භ කළේ අවසන් ජයග්‍රහණය පිළිබඳව දැඩි විශ්වාසයෙනි. නමුත් වසර දෙකක් සහ මාස 10 ක් තුළ ආරක්ෂක හමුදා ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය යටතේ යුද, නාවික, ගුවන්, පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කළ කැපවීම නොවන්නට බෙදුම්වාදී ත්‍රස්තවාදය කිසිදා පරාජය කිරීමට හැකි වන්නේ නැත.

    2009 මැයි 18 ශ්‍රී ලංකා භූමිය ආරක්ෂක හමුදා යටතට නතුවූ අතර ජුනි පළමුවන සතිය වන ටිට කොටි ත්‍රස්තවාදීන් 12,000 රජයට භාර ටී සිටියහ. අප දන්නා තරමින් එකම සාමාජිකයකු හෝ සයනයිඩ් හපා ජීවිතය නැති කර ගත්තේ නැත. ත්‍රස්තවාදය පරාජය විය. ජවිපෙ ත්‍රස්තවාදයෙන් 1971 සහ 1980 දශකයේදී රට ගලවා ගත් ආරක්ෂක හමුදා සහ පොලිසිය තුන්වන වරටත් තම වගකීම දැඩි කැපකිරීමෙන් ඉටු කළේය.

    යහපාලන ආණ්ඩුව ආරක්ෂක හමුදා කළ සියලු කැපකිරීම් නොසලකා 2015 ඔක්තෝම්බර් 1 දින ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට (බටහිර ප්‍රජාවට) පාවා දුන්නේය. යහපාලන ජනාධිපති එවකට ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන සහ තවමත් එජාප නායක එවකට අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ කළ කිසිදා හැරවිය නොහැකි වැරැද්ද එම පක්ෂ දෙකටම සාපයක් ලෙස දැකීම වැරදි නැත. අද එම පක්ෂ දෙකම පාර්ලිමේන්තුව නියෝජනය නොකරයි.

    ටී. වී. කේ. (Tamilaga Vettri Kurhagam) පක්ෂයේ නායක චන්ද්‍රසේකරන් ජෝසප් විජේ, 52, තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැති ලෙස පත්වීම් ශ්‍රී ලංකාවේ සමහර දේශපාලන පක්ෂවල සහ පුද්ගලයන්ගේ අමන්දානන්දයට හේතුවිය. ඔවුන්ගේ අවශ්‍යතාවය දකුණු ඉන්දියාවේ සිටි ප්‍රධානතම නළුවෙකු වූ නව මහ ඇමැතිවරයාගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට එරෙහිව අවියක් ලෙස යොදා ගැනීමයි. විජේ 2024 පෙබරවාරි මාසයේදි සිනමාවෙන් ඉවත්විය.


    තමිල්නාඩු පාන්තයේ අනපේක්ෂිත බල පෙරළිය මීට වසර 17 කට පෙර වෙල්ලිමුල්ලිවයික්කාල් හිඳි බොඳවූ ඊළාම් සිහිනය නැවත දැකීමට අවස්ථාවක් බව විශ්වාස කරන කණ්ඩායමක් මෙහි සිටිති. පසුගිය දශක ගණනාවක් දකුණු ඉන්දියාව පාලනය කළ ඩී. එම්. කේ(DMK) සහ ඒ. අයි. ඒ. ඩි. එම්. කේ. (AIADMK) පරාජය කර ඉතාමත් තරුණ පක්ෂයක් වන ටී. වී. කේ. බලයට පැමිණීම සිදුවූයේ ශ්‍රී ලංකාව බෙදුම්වාදය පරාජය කළ 17 වැනි සංවත්සරය සැමරිමට සූදානම් වන අවස්ථාවේදිය. ශ්‍රී ලංකාව මෙන් දෙගුණයකට ආසන්න භූමි ප්‍රමාණයක් හිමි තමිල්නාඩුවේ මහා ඇමැති ලෙස කවුරු පත් වුවත් අපට ප්‍රශ්නයක් නැත. නමුත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දිය මධ්‍යම ආණ්ඩුව අනුගමනය කරන පිළිවෙතට පටහැනිව තමිල්නාඩු ආණ්ඩුව කටයුතු කළහොත් දෙරට අතර සම්බන්ධතා අස්ථාවර විය හැකිය.

    ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරිය 80 ව දශකයේ මුල ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදි ව්‍යාපෘතිය ආරම්භ කළේ අභ්‍යන්තර දේශපාලන හේතුවක් නිසා බව හිටපු ඉහළම ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයකු වන ජේ. එන්. ඩික්සිත් 2005 අවධාරණය කළේය. ඩික්සිත් මියයෑමට වසරකට පෙරඑළිදැක්වූ ඔහුගේ මතක සටහන්හි අතිශය ආන්දෝලනාත්මක හෙළිදරව්වක් විය. ඒ එම මැදිහත්වීම් නොකළා නම් බෙදුම්වාදි ව්‍යාපාරයක් ව්‍යාපෘතියක් දකුණු ඉන්දියාවේ ඇතිවිය හැකි බවට අග්‍රාම්‍යත්‍යවරිය විශ්වාස කළ බවයි. ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් ලෙස සේවය කළ ඩික්සිත්ට පෙර (1985 සිටි 1989) එවැනි පකාශයක් කිසිදු ඉහළ ඉන්දිය නිලධාරියකු ප්‍රසිද්ධියේ කර නැත. ගාන්ධි මැතිණිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගය වැරදි බිවට ඩික්සිත් ප්‍රකාශ කර ඇත.

    තමිල්නාඩු ප්‍රාන්තය තුළ රහසිගතව ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක කළ මෙහෙයුම් මධ්‍යම රජය නිල වශයෙන් භාර ගැනීමෙන් පසුව ඇතිවූ අති විනාශකාරි තත්ත්වය අපට මතකය. නව මහ ඇමැතිවරයාගේ ටී. වී. කේ. පක්ෂයත් ඩී. එම්. කේ. සහ ඒ. අයි. ඒ. ඩී. එම්. කේ. පක්ෂය මෙන් කටයුතු කළහොත් නැවතත් අර්බුදකාරි තත්ත්වයක් ඇතිවීම වැළක්විය නොහැකිය.

    නව තමිල්නාඩු මහ ඇමැති කොටි ත්‍රස්තවාදි සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පුසිද්ධියේ අගය කළ අයෙකි. නාගපට්නම්හිඳි මැතිවරණ ව්‍යාපාරයේ යෙදි සිටින අවස්ථාවක විජේ ප්‍රභාකරන් ශ්‍රී ලංකා දෙමල ජාතිකයන්ට මවකගේ ආදරය දැක්වූ බව ප්‍රකාශ කළේය. ඒ 2025 සැප්තැම්බර් මාසයේදිය. කොටි සංවිධානය දෙමළ ජාතිකයන් ඝාතනය කිරිම ඔහු අමතක කළේය. ප්‍රභාකරන්ගේ නියමයෙන් කොටි සංවිධානය කළ අපරාධ නිමක් නැත. ඒ අපරාධ පිළිබඳව විජේ නොදැන සිටීමට හේතුවක් නැත. මවක් මෙන් දෙමළ ජාතිකයන්ට ආදරය කළ ප්‍රභාකරන් පාසල යන වයසේ ගැහැණු ළමයින් බලහත්කාරයෙන් තම කණ්ඩායමට බඳවා ගත්තේය. ස්ව කැමැත්තෙන් ත්‍රස්තවාදයට යොමුවූ ගැහැණු ළමයින්ද විය. එවැනි ගැහැණු ළමයකු 1991 මැයි 21 වන දින දකුණු ඉන්දියාවේ මැතිවරණ ව්‍යාපාරය තුළදි 1987 ජුලි 29 වන දින ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවට එවූ කොංග්‍රස් පක්ෂයේ නායක රජිව් ගාන්ධි පුපුරුවා හැරියේය.

    ඒ ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවෙන් ඉවත් වීමෙන් වසරකට පමණ පසුවිය. විශේෂ ඉන්දියානු අධිකරණයක් විසින් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ප්‍රභාකරන්ට මරණ දඬුවම පැනවීය. නමුත් ඉන්දියාවට එම අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කළ නොහැකි විය.

    අවසානයේදි ප්‍රභාකරන් ශ්‍රී ලංකා යුද හමුදාව අතින් මරණයට පත්වන්නේ ත්‍රස්තවාදි බලය සහමුලින්ම විනාශ කිරීමෙන් පසුවය. ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව කළ මෙහෙයුම් 2009 මැයි 18 වන දින (අද වැනි දිනක) සාර්ථකව අවසන් වූ අතර ප්‍රභාකරන්ගේ මළ සිරුර හමුවූයේ ඊට පසු දිනය.

    ප්‍රභාකරන්ව දේවත්වයෙන් සලකන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ඉතිහාසය නැවත තමුන්ට ගැළපෙන ආකාරයට ලිවිමට උත්සහ කරති. ඔවුන්ට යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් තංගරාජා දොරේඅප්පා ප්‍රභාකරන් විසින්ම වෙඩි තබා ඝාතනය කළ බව අමතකය. ඒ 1975 ජුලි මාසයේදිය. එම ඝාතනය වන අවස්ථාවේදී චන්ද්‍රසේකරන් ජෝසප් විජේට යන්තම් අවුරුද්දකි. ඉන්දියානු මධ්‍යම රජය තම ශ්‍රී ලංකා ත්‍රස්තවාදි ව්‍යාපෘතිය ආරම්භ කරන විට ඔහු දරුවෙකි.

    ඉන්දියානු යුද හමුදා නිලධාරීන්සහ සෙබළුන් 1,500 ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේදි පරලොව යැවූ ප්‍රභාකරන් මානව හිතවාදියකු ලෙස නව තමිල්නාඩු මහ ඇමැතිවරයා දැකීම අවස්ථාවාදි දේශපාලනයේ ලක්ෂණයකි. ඒ සම්බන්ධයෙන් අප පුදුම විය යුතු නැත. අනපේක්ෂිත අනතුරක් වර්ධනය වෙමින් පවතී. තත්ත්වය බරපතළය. දකුණු ඉන්දියානු මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කළත් බලය පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රී ධුර සංඛ්‍යාව විජේට නොවීය. ඒ හේතුවෙන් අතිශය ව්‍යාකූල තත්ත්වයක් ඇතිවිය. විජේ මහ ඇමැති ධුරයට පත් කිරීමට අවශ්‍ය බලය කොංග්‍රස් පක්ෂය පිරිනැමිය. වරදක් නැත. දේශපාලනයේ සන්ධාන ගොඩනැගීම මෙන්ම කඩා බිඳ දැමීමද පුදුමයට හේතුවක් නොවේ. නමුත් විජේට අවශ්‍ය සහයෝගය ලබා දිමට නායකත්වය ලබා දුන්නේ රජීව් ගාන්ධි ගේ පුත්‍ර රාහුල් ගාන්ධිය. කොංග්‍රස් පක්ෂයේ කැපී පෙනෙන නායකයකු වූ රාහුල් ගාන්ධි තමිල්නාඩු ප්‍රාන්තයේ මහා ඇමැති ලෙස පත්කිරීමට දායකත්වය දැක්වූයේ තමන්ගේ දයාබර පියාණන් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත් කිරීමට නියෝග දුන් ප්‍රභාකරන්ගේ අනුගාමිකයෙක්ටය. සිනහමුසු මුහුණනින් රාහුල් ගාන්ධි නව දකුණු ඉන්දියානු නායකයාගේ දිව්රුම් දීමේ උත්සවයට සහභාගි විය.

    සමස්ත ඉන්දීය ත්‍රස්ත ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වූ ජීවිත සහ දේපළ විනාශය සුළුපටු නැත. ඒ විනාශය අද වනතුරු නිවැරදිව තක්සේරු කර නැත. කොටි සංවිධානයට අමතරව ඉන්දියාව ක්‍රියාත්මක කළ අනෙකුත් ත්‍රස්තවාදි සංවිධාන ශ්‍රී ලංකාවට පමණක් නොව කලාපීය ආරක්ෂාවට තර්ජනයක් විය. ප්ලොට් සංවිධානය විසින් 1983 නොවැම්බර් 3 වන දින මාල දිවයිනේ ජනාධිපති මොහමඩ් අබ්දුල් ගයුම් ඝාතනය කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වුවත් වගකීම් විරහිත ඉන්දියානු උපාය මාර්ගය ඇති කළ තත්ත්වයේ භයානකකම අවධාරණය විය.

    විජේ බලයට පත්වීම තුළ යම්කිසි ආකාරයක අර්බුදකාරි තත්ත්වයක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකාව අවබෝධ කරගත යුතුය. ඊට රටේ ප්‍රතිචාරය සාමුහික විය යුතුය. විජේ මහ ඇමැති ලෙස පත් කිරීමට ඉවහල් වූ ටී. වී. කේ. (විජේ) – කොංග්‍රස් (රාහුල් ගාන්ධි) හවුල ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දැඩි අසතුට හේතු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. විජේ මහ ඇමැති ලෙස පත් කිරිමට කොන්ග්‍රස් පක්ෂය සහයෝගය දීම බි. ජේ. පී. නායක මෝදි සමාන කළේ ඩී. එම්. කේ. පක්ෂයට කොන්ග්‍රසය විසින් පිටට ඇනීමක් ලෙසය. ඒ එම පක්ෂ දෙක සන්ධානගත වී සිටි නිසාය.

    අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විජේට සුබපැතීම ඒජාපය විසින් ප්‍රශ්න කර ඇත. ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දියානු ත්‍රස්තවාදයට මුහුණ දුන් එජාපය ජනාධිපතිවරයා එලෙස මහ ඇමැතිවරයකුට සුබ පැතීම පිළිගත් ක්‍රියාපටිපාටියට විරුද්ධ බවයි. බටහිර බෙංගාලයේ සහ ඇතැම් ප්‍රාන්තවල නව මහ ඇමැතිවරුන් නොසලකා තමිල්නාඩු මහ ඇමැතිවරයාට පමණක් සුබපැතීම එජාපය ප්‍රශ්න කළේය. දිසානායක ජනාධිපතිවරයා තමිල්නාඩු මහ ඇමැතිවරයා සමග සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට කරන උත්සාහය අගය කළ යුතුය. නව නායකත්වය සමග සමීප සම්බන්ධතාවයක් ඇති කර ගැනීම ශ්‍රී ලංකාවට යහපත්ය.

    විශ්‍රාමික අද්මිරාල් රවි විජේගුණරත්ත අවධාරණය කළේ නව තමිල්නාඩු නායකත්වය සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම ඉහළ අවශ්‍යතාවයක් බවයි. රටේ අවශ්‍යතාවය ප්රොටෝකෝලය නැතහොත් පිළිගත් ක්‍රියාපටිපාටිය නොසලකා කටයුතු කිරීම ප්‍රශ්නයක් නොවන බවට කොටි සංවිධානය විසින් මරා දැමූ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මිත්‍රයන් පෙන්වා දී ඇති බවත් කලක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කළ විජේගුණරත්න මෙම ලියුම්කරු සමග පැවසීය.

    ශ්‍රී ලංකා ආර්ථිකය දුර්වලය. දරාගත නොහැකි ගල් අඟුරු වංචාව සහ මහා භාණ්ඩාගාරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කොල්ලය ආර්ථිකය තවදුරටත් පීඩාවට පත් කර ඇත. ඊට අමතරව ස්වභාවික ව්‍යසනය ( දිට්වා සුළි කුණාටුව) සහ ඉරානයට එරෙහි විනාශකාරී ඇමෙරිකානු – ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් බොරතෙල් ඉහළ යෑම ශ්‍රී ලංකාව අසරණ කර ඇත. එවැනි පසුබිමක ඉන්දියාවේ හැසිරීම කනගාටුදායකය.

    මැයි මාසයේ පළමුවන සතියේ කොළඹ පැවති ඉන්දියානු මාධ්‍ය ආයතන දෙකක් විසින් සංවිධානය කර තිබූ නායකත්ව සමුළුවකදි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඍජුව සම්බන්ධ කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අවධාරණය කළේය. ආරාධිතයන් අතර සමඟි ජනබලවේගය පක්ෂයේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද විය. ඉන්දීය මහ කොමසාරිස්වරයා පහත සඳහන් අදහස ඉදිරිපත් කළේය: “මම කෙලින්ම කාරණය කියන්නම්, කොළඹ සහ චෙන්නායි අතර මුහුදු මාර්ගයේ දුර දළ වශයෙන් කිලෝමීටර් 300 කි. නමුත් අපේ රටවල් දෙකේ සමීපතම ස්ථාන වන රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම් අතර දුර කිලොමිටර් 300ක් පමණ වේ. කිලෝමීටර් තිහක් පමණි. නමුත් ඍජු මාර්ගයක් නැත. දුම්රිය මාර්ගයක් නැත. ක්‍රමවත් පරිමාණයෙන් ක්‍රියාත්මක වන තොටුපළ සේවාවක්ද නැත. බලශක්ති ජාල සම්බන්ධතාවක් ද නැත. නළ මාර්ගයක් නැත. අවංකවම, මෙය අසාමාන්‍ය තත්ත්වයකි. එය හරියට අසල්වැසි කාමර දෙකක් අතර බෙදාගත් බිත්තියේ දොරක් තැනිය හැකිව තිබියදීත්, පිටත කොරිඩෝවක් හරහා පමණක් සම්බන්ධ වී තිබීම වැනි ය. අප එම දොර විවෘත කළ යුතුය. පෝක් සමුද්‍ර සන්ධිය හරහා පාලමක් හෝ උමං මාර්ගයක් මගින් ගොඩබිම් සම්බන්ධතාවය ඇති කිරීම දශක ගණනාවක සිටි සාකච්ඡාවට බඳුන් වී ඇත.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දෙරට අතර ඍජු සම්බන්ධතාවයක් තිබිය යුතු බවට ප්‍රකාශ කර ඇත. නමුත් එවැනි තීරණයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් තනි පුද්ගලයකුට හෝ පක්ෂයකට කිසිසේත්ගත නොහැකිය. ලියුම්කරුට දැනෙන පරිදි දෙරට ඍජු මාර්ගයකින්
    සම්බන්ධ කිරීම රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමටත් වඩා බැරෑරුම් වැඩකි. ඉන්දීය මහ කොමසාරිස්වරයා කළ ප්‍රකාශය මෝදි අග්‍රාමාත්‍යවරයා දැනට ශ්‍රී ලංකාවේ කර ඇති සමස්ත ‘ආයෝජනයට අවධානය යොමු කරමින් සාකච්ජා කළ යුතුය. මෝදි බලයට පත්වූයේ 2014 මහ මැතිවරණයේදීය. එතැන් පටන් ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ. එම උපාය මාර්ගික වැඩ සටහනේ උච්ඡතම අවස්ථාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා
    බලයෙන් පහ කිරීමට ඉන්දියාව – ඇමෙරිකා එක්සත් ජනපදය සමග එක්විමයි (එවකට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බැග්ලේ 2025 ජුලි මාසයේ කළ ඍජු මැදිහත්වීම හෙළිදරව් කර ඇත).

    යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රී අර්ජුනා රාමනාතන් කවදත් ආන්දෝලනාත්මක ප්‍රකාශ හරහා තමන් වෙතට අවධානය යොමු කර ගැනීමට සමතෙකි. ඔහුට පාර්ලිමේන්තුව තුළ හෝ එයින් පිටත කියා වෙනසක් නැත. කච්චතිව් දූපත ඉන්දියාව නැවත ලබාගත යුතු බවට ප්‍රකාශ කර ඇති විජේ මහ ඇමැති ලෙස පත්වීමට සුබපතමින් රාමනාතන් කච්චතිව් පමණක් නොව යාපනය දිස්ත්‍රික්කය ද තමිල් නාඩුවට භාර දිය යුතු බවට යෝජනා කළේය. පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි අක්කර 285 ක් බිම් ප්‍රමාණයක් ඇති කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් මෝදි අග්‍රාමාත්‍යවරයා පවා කොංග්‍රස් පක්ෂයට දොස් නඟා ඇත. ඉන්දිරා ගාන්ධි මැතිණිය කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරිම් සිදු කළේ 1974 දීය.

    ඉන්දියානු ධීවර ප්‍රජාව ඉවක් බවක් නොමැතිව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශය ආක්‍රමණය කිරීම තවදුරටත් වර්ධනය වෙමින් පවතින ප්‍රශ්නයකි. විජේට පෙර සිටි මහ ඇමැතිවරුන් මෙන්ම ඔහුටද අවශ්‍ය තමිල්නාඩු ධීවර ප්‍රජාවට රිසි ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමේ අවස්ථාවයි. මහා ඇමැති ධුරය භාර ගත් විගස ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින දකුණු ඉන්දීය ධීවරයන් වෙනුවෙන් විජේ මධ්‍යම රජයට මැදිහත් වීමක් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    තමිල්නාඩු ධීවර යාත්‍රා කොටි සංවිධානය විසින් ආයුධ ප්‍රවාහනයට යොදා ගැනීම යුද සමයේදී සිදුවිය. යම් අවස්ථාවල කොටි ත්‍රස්තවාදීන් තමිල්නාඩු ධීවර යාත්‍රා බලහත්කාරයෙන් අවි ආයුධ ප්‍රවාහනයට යොදා ගත්තේය. හතරවන ඊළාම් යුද්ධය සමයේදි කොටි ත්‍රස්තවාදීන් විසින් 2007 මාර්තු මාසයේදී ‘ශ්‍රී ක්‍රිෂ්ණා’ නමැති ඉන්දිය ධීවර යාත්‍රාව පැහැර ගනු ලැබූ අතර එය මාලදිවයින මුහුදේදී මාලදිවයින වෙරළාරක්ෂක බළකාය විසින් පහරදී විනාශ කිරීම නිසා කොටි ඉන්දීය ධීවර යාත්‍රා යොදා ගනු ලඛන ආකාරය හෙළිදරව් විය. අවශ්‍ය නම් නව මහා අමාත්‍යවරයාට ‘ශ්‍රි ක්‍රිෂ්ණා’ සිද්ධිය පිළිබඳව දැනුවත් විය හැකිය. තමන්ව මහ අමාත්‍ය ධුරයට පත් කළ රාහුල් ගාන්ධිගේ පියා වූ රජිවි ගාන්ධි හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කළේ දකුණු ඉන්දියාවේ බව විජේට කිසිසේත් අමතක කළ නොහැකිය. රාහුල් ගාන්ධිටත් කීමට ඇත්තේ එයමය.

    කොටි සංවිධානය අතින් මරුමුවට පත්වූ තමිල්නාඩු ප්‍රාන්තයේ නිලධාරීන් සහ සෙබළුන් සම්බන්ධයෙන් නව මහා
    ඇමැතිට අවබෝධයක් තිබේද? දෙමළ ත්‍රස්තවාදයේ කතාව අලුතින් ලිවීමට ඉඩ නොදෙමු.

    සටහන: ශමින්ද්‍ර ෆර්ඩිනෑන්ඩු

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    රු. කෝටි 14කට වැඩි කුෂ් සමඟ දෙදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

    May 18, 2026

    කාලගුණයෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි

    May 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    නිසි සුදුසුකම් නොමැතිව මධ්‍යම පලාත් සභාවේ නිලධාරින් විසින් හිතුවක්කාර ලෙස කාර්මික නිලධාරී තනතුරු සඳහා ,උසස්…

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026

    කොටිකාවත්තේ විහාරස්ථානයක ධාතු මන්දිරය බිඳ රන් භාණ්ඩ සොරා ගත් අය සොයා පොලිස් විමර්ශන

    May 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    වෘත්තීය නිපුණතාවය නැති උසස් පෙළ සමතුන් මධ්‍යම පලාතේ කාර්මික නිලධාරී තනතුරට බඳවා ගැනීමට විරෝධය පා කාර්මික නිලධාරින් පලාත් සභාව වටලති..

    May 18, 2026

    2026 ආර්ථික වර්ධන වේගය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    May 18, 2026

    දන්සැල් වලට ජනතාව යොමු කරගන්න බෞද්ද කොඩි වනන්න එපා කහ කොඩියක් වනන්න

    May 18, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.