බිබිල, රතුගල ආදිවාසී ගම්මානයේ වසර 21ක් පුරා නායකත්වය හෙබවූ දානිගල මහබණ්ඩලාගේ සුදාවන්නිල ඇත්තන් (62) අභාවප්‍රාප්ත වූ අතර, ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා අද (08) සහභාගී විය.
පවුල් 150කට පමණ මඟ පෙන්වමින්, 2005 වසරේ සිට සිය වර්ගයා වෙනුවෙන් කැපී පෙනෙන සේවාවක් ඉටුකළ සුදාවන්නිල ඇත්තන්, ගම්මානයේ උන්නතිය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ නායකයෙකි.
රාජ්‍ය නිලධාරීන් හා මාධ්‍යවේදීන් සමඟ සුහදව කටයුතු කරමින් සිය ජනතාවගේ අයිතීන් දිනා දීමට කටයුතු කළ ඔහුගේ අභාවය සමස්ත ආදිවාසි ප්‍රජාවටම පිරිමැසිය නොහැකි පාඩුවකි.
පෞරාණික ආදිවාසී චාරිත්‍රයන්ට අනුකූලව දේහය පිළිබඳ අවසන් කටයුතු මැයි මස 09 වන දින රතුගල ගම්මානයේදී සිදු කිරීමට නියමිතය.

