පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්, සිය ආත්මාරක්ෂාව වෙනුවෙන්, “ගම්මිරිස් කුඩු විදින අවි” කිහිපයක් ළඟ තබා ගැනීම සදහා අවසර ඉල්ලා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

දැනටමත් මන්ත්‍රීවරයා අදාල අවි විදෙස් රටකින් ගෙන්වා ඇති අතර, එම අවි රේගුවෙන් නිදහස් කර ගැනීමේ ගැටළුවකට ඔහු මුහුණ දී සිටින බවයි පුවත්පත වාර්තා කර තිබෙන්නේ.

අදාල අවි රේගුවෙන් නිශ්කාශනය කර ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරයා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර ඇතත්, ඊට අවසර ලැබී නැති බව පැවසේ.

Share.
Leave A Reply

Exit mobile version