රුසියාව ආසියානු BRICS සාමාජික රටක් වන ඉන්දුනීසියාව සමඟ බොර තෙල් සහ ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු (LPG) සැපයීම සම්බන්ධයෙන් ප්‍රධාන ශක්ති ගිවිසුමක් අත්සන් කර ඇත.
ව්ලැඩිමීර් පුටින් මොස්කව්හි ක්‍රෙම්ලින් මන්දිරයේදී ප්‍රබෝවෝ සුබියන්ටෝ ( Prabowo Subianto) සමඟ දිගු සාකච්ඡාවක් පැවැත්වූ අතර, අනතුරුව දෙරටේ ශක්ති අමාත්‍යවරුන් වන (Sergey Tsivilev) සහ (Bahlil Lahadalia) අතර හමුවක්ද පැවැත්වුණි ,දෙරට අතර ශක්ති සහයෝගිතාව තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.
ඉදිරියට, දිගුකාලීන තෙල් සහ LPG සැපයුම්, න්‍යෂ්ටික ශක්තිය සහ ඛනිජ ක්ෂේත්රයන්හි සහයෝගිතාව ව්‍යාප්ත කිරීමටද ඉන්දුනීසියාව උත්සාහ දරන බව වාර්තා වේ.
මෙම සාකච්ඡාවන් අනතුරුව අදහස් දක්වමින් Bahlil Lahadalia පවසා ඇත්තේ, “අපට අපගේ බොර තෙල් සංචිත වැඩි කර ගැනීමට ඉඩ සලසන යහපත් ප්‍රතිඵල ලබා ගත්තා. එසේම LPG ලබා ගැනීමටද හැකි වේ” යනුවෙනි.
රුසියානු තෙල්, රටේ දුරස්ථ නැගෙනහිර ප්‍රදේශවලින් පිහිටි පැසිෆික් වරායන් හරහා නෞකා මගින් දකුණු චීන මුහුද සහ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ආසියානු වෙළඳපොළ වෙත ප්‍රවාහනය කළ හැකි බවද වාර්තා වේ.
යුරෝපීය සංගමය සහ එක්සත් ජනපදය විසින් පනවන ලද වලින් පසු රුසියාව තම ශක්ති අපනයන විශාල කොටසක් ආසියාව වෙත හරවා යවා ඇති අතර, මෙම ගිවිසුම එම ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මෙම එකඟතාව ගෝලීය ශක්ති සැපයුම් අවුල්වීම් මධ්‍යයේ ඉන්දුනීසියාවේ ශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇති බව එරට බලධාරීන් සඳහන් කරයි.
#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical #newsforcesportnews

