බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් තම බාල සොහොයුරා වන ඇන්ඩෘ කුමරු එම රජ පවුලෙන් ඉවත් කර තිබෙනවා.
ලිංගික ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු හා සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ලවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඔහු බ්‍රිතාන්‍යය රාජකීයයන් වෙසෙන ‘වින්ඩ්සර්’ මාලිගයෙන් ද නෙරපා හැරීමට තීරණය කර ඇති අතර, රාජකීයයන්ගෙන් ඔහු ඈත් කර තැබීමේ උත්සාහයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි බකිංහැම් මාලිගය සඳහන් කළේ.
සියලු තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ඇන්ඩෘ මවුන්ට්බැටන් වින්ඩ්සර් ලෙස හඳුන්වනු ඇති බවද සඳහන්.
චාල්ස් රජුගේ බාල සහෝදරයා මෙන්ම, අභාවප්‍රාප්තඑලිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වන ඇන්ඩෘ කුමරු මේ වන විට 65 වන වියේ පසුවනවා.
newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #බ්‍රිතාන්‍ය #චාල්ස්රජු #ඇන්ඩෘකුමරු #රාජකීයපවුල #වින්ඩ්සර් #බකිංහැම්මාලිගය #ලිංගිකජාවාරම් #රාජකීයඉවත්කිරීම #අභාවප්‍රාප්තඑලිසබෙත් #සමාජීයසංවාද


