ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකයිචි අද වෙළෙඳ සහ දුර්ලභ ඛනිජ ගිවිසුමකට අත්සන් තැබුවා.

ජපානයේ නිල සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ජපාන නව අග්‍රාමාත්‍ය සනායි ටකයිචි හමු වුණා. ඒ ටෝකියෝහි අකාසකා මන්දිරයේදී.

මෙම හමුවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකයිචි වෙළෙඳ ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

ජපාන සහ ඇමරිකානු නායකයින්ගේ මෙම හමුව නව ස්වර්ණමය යුගයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. දුර්ලභ ඛනිජ සැපයුම සුරක්ෂිත කිරීම සඳහා නායකයින් අද ගිවිසුම්ගත වුණා.

දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ දුර්ලභ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් චීන ආධිපත්‍යයට එරෙහි පියවරක් බවයි. මීට පෙර ජපානය එකඟ වූ ඇමරිකාවේ ඇමරිකාවේ ඩොලර් බිලියන 550ක ආයෝජන සහ ඇමරිකානු භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතු සම්බන්ධයෙන්ද දෙරටේ නායකයින් සාකච්ඡා කිරීමට නියමිතයි.

ඊයේ ජපානයට පැමිණි ඇමරිකානු ජනාධිපතිවරයා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යවරයාද හමු වුණා.

Share.
Leave A Reply

Exit mobile version