ලොව ප්‍රකට අමෙරිකානු කඳු නගින්නෙකු වන ඇලෙක්ස් හොනෝල්ඩ් විසින් තායිවානයේ උසම ගොඩනැගිල්ල වන Taipei 101 (තායිපේ වන් ඕ වන්) ගොඩනැගිල්ල තරණය කර වාර්තාවක් තබා තිබෙනවා.
ඒ, මීටර් 508ක් උසැති එම ගොඩනැගිල්ල කිසිදු ලණුවක් හෝ ආරක්ෂිත ආම්පන්නයක් නොමැතිව තරණය කළ ප්‍රථම පුද්ගලයා ලෙසයි.
ගොඩනැගිල්ලේ ඇති වානේ බාල්ක සහ වීදුරු මතුපිට උපයෝගී කරගනිමින් ඔහු තම දෑත් සහ දෙපා ආධාරයෙන් ඉහළට නැග තිබූ අතර ඇතැම් අවස්ථාවල ගොඩනැගිල්ලේ ඉහළම කොටසේදී දැඩි සුළං තත්ත්වයකට මුහුණ දීමට ද ඔහුට සිදුවුණා.
මේ සඳහා ඇලෙක්ස්ට ගතවූ කාලය පැය 1යි විනාඩි 31යි තත්පර 35 ක් වන අතර, මෙම තරණය Netflix හරහා සජීවීව විකාශය කිරීම ද විශේෂත්වයක්.

