මේ වසර සඳහා නියමිත සියලුම මූල්‍ය ඉලක්ක ඉක්මවීමට හැකි බවට දැඩි විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එවැන්නක් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ.

ඒ අනූව ආදායම, වියදම, ප්‍රාථමික අතිරික්තය සහ සමස්ත මූල්‍ය හිඟය ඇතුළුව මේ කටයුතු සිදුවනු ඇති බවයි සඳහන්.

වාහන ආනයන බදු ආදායම මෙහි ප්‍රධාන සාධකය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ, රජය සිය මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමේදී වාහන ආනයනය සහ එමගින් ලැබුණු බදු ආදායම සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ බවයි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version