ඉරාන රජයට එරෙහිව රට පුරාම ආරම්භ වූ මහජන විරෝධතා අඛණ්ඩව මේ වනවිට ක්‍රියාත්මකය.
ඉරානයේ නගර 180ක ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරී ඇති මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 116ක් පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන් මියගිය පිරිස අතර කුඩා ළමයින් නව දෙනෙකු සිටින බවත් 2,600කට වැඩි විරෝධතාකරුවන් පිරිසක් ආරක්ෂක අංශ සිය භාරයට ගෙන ඇති බව සදහන් ය.

