2024 අගභාගයේදී ඉරානය රහසිගතව චීන ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් ලබාගෙන ඇති බවත්, එමඟින් දැනට පවතින යුද්ධය අතරතුර මැදපෙරදිග පුරා පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කිරීමට ඔවුන්ට හැකි වී ඇති බවත් ෆිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත වාර්තා කරන බව රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

කෙසේ වෙතත්, බීජිං පාලනය මෙම පුවත අසත්‍යයක් ලෙස ප්‍රතික්ෂේප කර ඇති බවයි එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

චීන සමාගමක් වන අර්ත් අයි (Earth Eye Co) විසින් නිෂ්පාදනය කර අභ්‍යවකාශගත කරන ලද ‘TEE-01B’ චන්ද්‍රිකාව, චීනයේ සිට දියත් කිරීමෙන් පසුව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අභ්‍යවකාශ බලකාය විසින් අත්පත් කර ගත් බව රහසිගතව නිකුත් වූ ඉරාන හමුදා ලේඛන උපුටා දක්වමින් එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කාලසටහන්ගත කරන ලද පිහිටුම් ලැයිස්තු, චන්ද්‍රිකා ඡායාරූප සහ කක්ෂීය විශ්ලේෂණයන් උපුටා දක්වමින් එම පුවත් වාර්තා පවසන්නේ, ප්‍රධාන අමෙරිකානු හමුදා මධ්‍යස්ථාන නිරීක්ෂණය කරන ලෙස ඉරාන හමුදා අණදෙන නිලධාරීන් මෙම චන්ද්‍රිකාවට උපදෙස් දී ඇති බවයි.

අදාළ ස්ථානවලට එල්ල වූ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලට පෙර සහ පසුව මාර්තු මාසයේදී මෙම ඡායාරූප ලබාගෙන ඇති බවත් ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාව වැඩිදුරටත් පවසන බවයි රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ.

මෙම ගනුදෙනුවේ කොටසක් ලෙස, ආසියාව, ලතින් ඇමරිකාව සහ අනෙකුත් කලාප පුරා විහිදුණු ජාලයක් සහිත, බීජිං පදනම් කරගත් චන්ද්‍රිකා පාලන සහ දත්ත සේවා සපයන ආයතනයක් වන එම්පෝසැට් (Emposat) විසින් මෙහෙයවනු ලබන වාණිජ භූමික මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) ලැබුණු බව එම පුවත් වාර්තාවේ සඳහන්.

එම චන්ද්‍රිකාව මාර්තු 13, 14 සහ 15 යන දිනවල සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරේ ඡායාරූප ලබාගෙන ඇති බවත් ෆිනෑන්ෂල් ටයිම්ස් සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ

#newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcelocalnews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version