අමෙරිකාව විසින් ඉන්දියන් සාගරයේදී ඉරානයට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකාවක් තම භාරයට ගෙන ඇති බව අමෙරිකානු නිලධාරීන් තිදෙනෙකු උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Joual) පුවත්පත වාර්තා කර තිබෙනවා.

‘ස්කයිවේව්’ (Skywave) ලෙස හැඳින්වෙන මෙම නෞකාව ඉරාන තෙල් ප්‍රවාහනය කිරීමේ භූමිකාව හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී අමෙරිකාවේ සම්බාධකවලට ලක්ව තිබූ අතර, පෙබරවාරි මාසයේදී ඉරානයේ ‘ඛාර්ග්’ දූපතෙන් (Kharg Island) මෙයට බොරතෙල් බැරල් මිලියනයකට වඩා පටවා ඇති බව එම වාර්තාවේ සඳහන්.

Share.
Leave A Reply

Exit mobile version