මැදපෙරදිග කලාපීය ගැටුම් නිමා කිරීම අරමුණු කරගනිමින් ඉරානය විසින් සංශෝධනය කරන ලද නව යෝජනාවලියක් පාකිස්ථානය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත භාරදී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ, දෙපාර්ශවය අතර පවතින ප්‍රධාන මතභේදාත්මක කරුණු හේතුවෙන් සාම සාකච්ඡා මේ වන විට අඩාල වී ඇති පසුබිමක පාකිස්ථානය මෙම මැදිහත්වීම සිදුකර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙම නව යෝජනාවලියේ අන්තර්ගත කරුණු මොනවාදැයි මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නැහැ.

Share.
Leave A Reply

Exit mobile version