ගාසා තීරයට ‘දරුණු ප්‍රහාර’ එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ.
අගමැතිවරයා විසින් ඊශ්‍රායල හමුදාවට නියෝගය කර ඇත්තේ, එම ප්‍රහාරය වහාම ක්‍රියාත්මක කරන ලෙසය.
එම නියෝගයෙන් පසු ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ගාසා තීරයට ප්‍රහාර එල්ල කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය සහ ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරයි.
ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් මෙහෙයවනු ලබන සිවිල් ආරක්ෂක ඒජන්සියේ ප්‍රකාශකයෙකු විදෙස් මාද්‍ය වෙත පවසා ඇත්තේ ඊශ්‍රායලය අවම වශයෙන් ගුවන් ප්‍රහාර තුනක්වත් දියත් කළ බවයි.

Share.
Leave A Reply

Exit mobile version