කවුරු විවේචනය කළත් තමන්ට ප්‍රශ්නයක් නොමැති බවත්, තමන් පැවසිය යුතු දේ නිවැරදිව ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසනවා.

‘ගැහුවොත් ගහනවා’ යනුවෙන් තමන් සිදු කළ ප්‍රකාශයට සිහි බුද්ධියෙන් සවන් දෙන්නේ නම්, එහි අර්ථය ඕනෑම අයෙකුට වටහා ගත හැකි බවයි අද (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය හුදු ප්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගිය, ‍’පරිවර්තනයන්’ සිදු කිරීමට උත්සාහ කරන බව ද, අධ්‍යාපන, කෘෂිකාර්මික, ඩිජිටල් සහ දේශපාලන යන ක්ෂේත්‍රවල පරිවර්තනයන් සිදු කරමින් පවතින බව ද ඔහු පවසා සිටියා.

පැරණි දේශපාලන සංස්කෘතියත්, එයින් පෞද්ගලික වාසි ලැබූ පිරිසත් මෙම නව වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත්, ජනතාව සමඟ සම්බන්ධ වී එය පරාජය කිරීමට හැකි වනු ඇති බවයි අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share.
Leave A Reply

Exit mobile version