Close Menu
newsforce.lknewsforce.lk

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    Facebook YouTube WhatsApp
    Facebook Instagram WhatsApp
    newsforce.lknewsforce.lk
    • මුල් පිට
    • උණුසුම් පුවත්
    • දේශීය
    • විදේශීය
    • ක්‍රීඩා
    • ගොසිප්
    • දේශපාලන
    • විඩියෝ
    • ව්‍යාපාරික
    • විශේෂාංග
    newsforce.lknewsforce.lk
    Home»උණුසුම් පුවත්»කැලණි නදිය ගලා බසී… මැම්බර් මහත්තයා තවමත් ජීවමානයි.
    උණුසුම් පුවත්

    කැලණි නදිය ගලා බසී… මැම්බර් මහත්තයා තවමත් ජීවමානයි.

    Samudra MaduwnthiBy Samudra MaduwnthiJanuary 10, 2026No Comments2 Mins Read
    Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “කැලණි නදිය ගලා බසී – පාලම සවිමත්ය…”

    අවුරුදු ගණනාවක් ගතව ගියද, මේ වදන් පෙළ අදත් මතකයේ ගැඹුරේ රැඳී පවතී. මීට වසර තිහකට ආසන්න කලකට පෙර ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍යය, විනෝදාස්වාදයක් පමණක් නොව සමාජය කියවන්නට දොරටුවක් ද වූයේය.

    එහිදී ජේ. එච්. ජයවර්ධන විසින් පණ පෙවූ චරිතය අදටත් මතකයේ දිග හැරෙන්නේ, “සැනසුම කොතැනද අල්ලපු ගෙදර” වැනි සරල, නමුත් ගැඹුරු අර්ථ රැගෙන ආ සංවාද සමඟය. පෙනෙන විට අහිංසක හාස්‍යයක් සේ හැඟුණ ද, ඒ වදන් තුළ සැඟවුණු සමාජ විවේචනයක් පිළිබිඹු වේ.

    කැලණි පාලම කියන්නේ කැලණි ගංතෙර ජීවත් වූ පවුල් කිහිපයක් මුහුණ දුන් සමාජීය හා ආර්ථික අර්බුද පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය දේශපාලන බලය, මනුෂ්‍ය දුර්වලතා සහ සාරධර්ම පිරිහීම පිළිබඳ ප්‍රබල කතිකාවකි. එහි “මැම්බර් මහත්තයා” ලෙස ජේ. එච්. ජයවර්ධන නිරූපණය කළ චරිතය, ඒ සියල්ල එකට ගැලපුණු සමාජ කැඩපතක් විය.

    කැලණි පාලම ඔහුගේ දිගු කලා ජීවිතයේ එක් සුවිශේෂී සන්ධියක් පමණි. 94 වියැතිව අප අතරින් සමුගත් ජයවර්ධන, ගුවන් විදුලියෙන් ආරම්භ කර වේදිකාව, සිනමාව හා රූපවාහිනිය දක්වා සිය රංගන ශක්තිය විහිදවූ දුර්ලභ කලාකරුවෙකි. ග්ලූකෝමා රෝගය හේතුවෙන් දෑස නොපෙනුණ ද, ඒ අඳුර ඔහුගේ කලා ආලෝකය නිවා දැමීමට සමත් වූයේ නැත.

    රඟපෑමේදී සමහර විට කෙළිලොල්, සමහර විට කටුක චරිත නිරූපණය කළ ඔහු, සැබෑ ජීවිතයේ අතිශය සරල සහ ආදරණීය පවුල් මිනිසෙකි.

    1921 දී උපත ලත් ජයවර්ධන, කොළඹ ආනන්ද විදුහලේ ආදි සිසුවෙකි. පාසල් සමයේ සිටම කලාවට ඇලුම් කළ ඔහුට, එදා නවක කලාකරුවන්ට දොරටුවක් වූ ගුවන් විදුලිය හා වේදිකාව ඉක්මනින්ම හුරු විය. මොනරතැන්න ගුවන් විදුලි නාට්‍යය ඔහුගේ හඬට විශේෂ ජනප්‍රියත්වයක් ගෙන ආවේය. දෑසට නොපෙනුණ ද, ඔහුගේ හඬ අසන්නන්ගේ සිත් තුළ චරිත ගොඩනගන්නට සමත් විය.

    එහෙත් ජයවර්ධනගේ සම්පූර්ණ රංගන ශක්තිය ප්‍රකාශ වූයේ වේදිකාව මතය. මකරාක්ෂයා, හිරු නැති ලොව, සිහින සාප්පුව, මෝදර මෝල, ඉඩම වැනි නාට්‍ය ඔහුගේ රංගන විවිධත්වයට සාක්ෂි විය. භික්ෂු චරිතවල ඔහු දැක්වූ සන්සුන්භාවය, ඔහුගේ පුද්ගලික ආගමික භක්තිය සමඟ ස්වභාවිකවම ගැළපුණි.

    සිනමාව තුළ ද ඔහු සුවිශේෂී සලකුණක් තැබීය. එදා රෑ සිට අධිෂ්ඨානය දක්වා චිත්‍රපට ගණනාවක රංගනයෙන්, 1982 දී හොඳම සහාය නළුවාට හිමි ජනාධිපති සම්මානය ද දිනාගත්තේය. රූපවාහිනියට පැමිණි පසු ‘ලොක්කේ මාමා’ වැනි ටෙලි නාට්‍ය හරහා ඔහු රසික හදවත්ට තවත් සමීප විය.

    ඔහුගේ අවසන් ගමනේදී, වැලිසර සුසාන භූමියට රැස් වූ ජන ගඟ, කලාකරුවෙකු ලෙස ඔහු දිනාගත් ගෞරවයේ පමණක් නොව, මනුෂ්‍යයෙකු ලෙස ඔහු ලැබූ ආදරයේ ද මිනුමක් විය. අදත් වේදිකාවල ජීවමානව පවතින ‘කැලණි පාලම’ වැනි නාට්‍ය, ජේ. එච්. ජයවර්ධන නම ශ්‍රී ලාංකීය කලා ඉතිහාසයේ සවිමත් පාලමක් ලෙස තබා ගෙන යයි.

    ඔහුගේ සමුගැනීම කලා ක්ෂේත්‍රයට හිස්කමක් වුව ද, ඔහු හැර ගිය රංගන මතක අප අතර සදා ජීවමාන ය.
    අපි ඒ ප්‍රතිභාවට නිවන් සුව පතමු.

    newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Samudra Maduwnthi

    Related Posts

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    බලශක්ති ඇමතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංගයක්

    March 18, 2026

    ඉන්දියානු සාගරය ගැටුම් කලාපයක් නොවිය යුතු බව නාමල් ඉන්දියාවේදී කියයි

    March 18, 2026
    Leave A Reply Cancel Reply

    Don't Miss
    උණුසුම් පුවත්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර…

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026
    Stay In Touch
    • Facebook
    • Twitter
    • Pinterest
    • Instagram
    • YouTube
    • Vimeo
    Our Picks

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026

    ඉරානයේ ඉතිරි වී ඇති දේත් විනාශ කර දමනවා – ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

    March 18, 2026

    Subscribe to Updates

    Get the latest creative news from SmartMag about art & design.

    Demo
    About Us
    About Us

    We are a trusted digital news platform delivering timely, accurate, and unbiased news from Sri Lanka and around the world, covering politics, business, sports, and entertainment.

    වැඩිම නැරබුම්

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    March 20, 2026

    ඉන්ධන මිල යළි වැඩිවෙයිද ? ජනපති පාර්ලිමේන්තුවේදී කියූ දේ

    March 20, 2026

    ඉරාන නෞකාවලට අවසර නොදුන් හේතුව ජනපති හෙළිකරයි

    March 20, 2026
    New Comments
    • Namalee on “ද්වන්ධ – DUET” ශ්‍රී ලාංකේය නවීන චිත්‍ර කලාවේ අර්ථවත් හමුවක්.
    • nick on ජන ඝනත්වය වැඩි වීමත් සමඟ වන ගහනය ක්‍රමයෙන් අඩු වෙලා. සංගනණයෙන් අනාවරණය වෙයි.
    Facebook YouTube TikTok WhatsApp
    • Home
    • ප්‍රධාන පුවත්
    • විදේශීය
    • දේශපාලන
    • ගොසිප්
    Copyrigh 2025 newsforce

    Type above and press Enter to search. Press Esc to cancel.