කෙන්යාවේ වෙරළබඩ කලාපයක් වන ක්වාලේ හිදී කුඩා ගුවන් යානයක් අද උදෑසන කඩාවැටීමෙන්, එහි ගමන් කළ පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

ගුවන් යානයේ කිසිවකු දිවිගලවාගෙන නැති බව එහි සඳහන්.

මෙම සෙස්නා කැරවන් වර්ගයේ ගුවන් යානය, ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මසායි මාරා රක්ෂිතය වෙත ගමන් කරමින් තිබුණා.
මෙම අනතුර සිදුව ඇත්තේ ඩියානි ගුවන් පථයේ සිට කිලෝමීටර් 40ක් (සැතපුම් 25ක්) පමණ දුරින් පිහිටි කඳුකර සහ වනාන්තර ප්‍රදේශයකදීයි.

ගුවන් යානය ගුවන්ගතවී මිනිත්තු කිහිපයකට පසු කඩාවැටී ඇති අතර, එය ගිනිගෙන පුපුරා යාම හේතුවෙන් එම ස්ථානයේ පිළිස්සුණු සුන්බුන් පමණක් ඉතිරි වී තිබෙනවා.

අනතුරට පෙර විශාල පිපිරුම් ශබ්දයක් ඇසුණු බව අසල්වාසීන් පවසා ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයට පැමිණි විට ඔවුන්ට හඳුනාගත නොහැකි මිනිස් සිරුරු කොටස් හමු වී තිබුණා.

යානයේ ගමන් කළ පුද්ගලයන් සියලුදෙනාම විදේශීය සංචාරකයින් බව ක්වාලේ ප්‍රාන්ත කොමසාරිස් ස්ටීවන් ඔරින්ඩේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මගීන්ගේ ජාතිකත්වය හෝ ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ නිශ්චිත සංඛ්‍යාව වහාම තහවුරු කිරීමට බලධාරීන්ට නොහැකි වුණත් පසුව මොම්බාසා එයාර් සෆාරි නම් ගුවන් සමාගම පැවසුවේ ගුවන් යානයේ මගීන් 10 දෙනෙකු රැගෙන ගිය බවයි. හංගේරියානු ජාතිකයන් අට දෙනෙකු සහ ජර්මානුවන් දෙදෙනෙකු වූ අතර නියමුවා කෙන්යානු ජාතිකයෙක් බව ද සඳහන්.

කෙන්යා සිවිල් ගුවන් සේවා අධිකාරිය අනතුරට හේතුව විමර්ශනය කරමින් සිටිනවා. යානයට අයත් මොම්බාසා එයාර් සෆාරි ගුවන් සේවය පවසා ඇත්තේ ඔවුන් සිවිල් ගුවන් සේවා ආයතනය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #කෙන්යාව #ගුවන්යානය #මියගොස් #අපතේකාලය #විදෙස්වාර්තා #සියලුමජනතාවට

Share.
Leave A Reply

Exit mobile version