කොළඹ මහ නගර සභාවේ අක්‍රමිකතා විමර්ශනයට ජනාධිපති කොමිෂන් සභාවක්.

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ අක්‍රමිකතා විමර්ශනය සහ පරීක්ෂා කර වාර්තා කිරීම පිණිස ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ.

එහි සාමාජිකයින් ලෙස හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, ගණකාධිකාරී ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක. හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ යන මහත්වරු මෙම කොමිසන් සභාවේ සාමාජිකයින් ලෙස පත්කර ඇති බව සඳහන් ය.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කර තිබේ.

2010 සිට 2025 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්, දේපල සාපරාධි ලෙස පරිහරණය ආදිය විමර්ශනය කිරීම මෙම කොමිසමට පැවරෙන බව සඳහන් ය.

එමෙන්ම රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත්කීරීම්, නීතිවිරෝධී සැලසුම්, නිශ්චල හෝ චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුකර ඇති අක්‍රමිකතා සොයා බලා වාර්තා කිරීම ආදී කාර්යයන් මෙම කොමිසන් සභාවට පැවරෙන බවද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙයි.

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical

Share.
Leave A Reply

Exit mobile version