ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබා දීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, ඉරාන වරායන් වෙත පනවා ඇති අවහිර කිරීම් දිගටම ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළේය.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය ටෘෘත් සෝෂල් (Truth Social) හි සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, පාකිස්තානය ඇතුළු මැදිහත්කාර රටවල ඉල්ලීම් සහ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එකඟතාවල ප්‍රගතිය සලකා මෙම තීරණය ගත් බවය.
“ගිවිසුම අවසන් කර අත්සන් කළ හැකිදැයි බැලීමට අපි කෙටි කාලයකට මෙහෙයුම නවතා දැමීමට එකඟ වුණා,” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

