දකුණු කොරියාවේ ඉහළම ගෞරව සම්මානය වන Grand Order of Mugunghwa අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනමා තිබෙනවා.

ඒ කොරියානු අර්ධද්වීපයේ සාමය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්න වෙනුවෙන්.

දකුණු කොරියානු ජනාධිපති කාර්යාලයට අනුව, මෙම සම්මානය ලැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ට්‍රම්ප්.

මෙම සම්මානය, රාජ්‍ය නායකයන් සඳහා වෙන් කර ඇති කොරියාවේ ඉහළම ගෞරවයයි.

එය දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් විසින් ට්‍රම්ප්ට පිරිනැමුවා.

මෙම කීර්තිමත් සම්මානය පිරිනැමීම සිදුවූයේ ට්‍රම්ප් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවටසහභාගී වෙමින් සිටියදී ග්යොන්ග්ජුහිදීයි.

මෙම පිරිනැමීමේ අරමුණ වූයේ කොරියානු අර්ධද්වීපයේ සාමය ඉදිරියට ගෙන යාමේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිගැනීම සහ කලාපයේ ‘සාමය ඇති කරන්නෙකු’ ලෙස ඔහුගේ කාර්යභාරය දිරිමත් කිරීමට බවයි එරට වාර්තා පවසන්නේ.

රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වයේ සලකුණත් ලෙස, ලී ජනාධිපතිවරයා ට්‍රම්ප්ට පුරාණ කොරියානු කිරුළක අනුරුවක් ද පිරිනැමුවා.

මෙම අනුරුව, සිල්ලා යුගයට අයත් චියොන්මචොන්ග්හි රන් කිරුළේ විශේෂයෙන් රන් ආලේපිත අනුරුවක් ඔහුට පිරිනැමීමට කටයුතු කර තිබුණා.

ට්‍රම්ප් පසුගිය බදාදා උදෑසන කොරියාවට පැමිණියේ වසර හයකට පසුවයි.

ඔහුගේ සංචාරයට ගෞරව කිරීමේ කොරියාවේ කැපවීම සංකේතවත් කරමින් වෙඩි 21ක ආචාර වෙඩිමුරයකින් සමන්විත නිල පිළිගැනීමේ උත්සවයක් ද පැවැත්වුණා.

ට්‍රම්ප් රාජ්‍ය ආගන්තුකයෙකු ලෙස දෙවරක් එම රටට පැමිණි පළමු රාජ්‍ය නායකයා ද වනවා

newsforcelk #සත්‍යයේපෙරමුණ #newsforcelkworld #newsforceleklankanews #newsforcesrilanka #newsforcepolitical #GrandOrderOfMugunghwa #DonaldTrump #SouthKorea #PeacePromotion #KoreanHeritage #DiplomaticHonor #CulturalLegacy #LeadershipRecognition #HistoricVisit #InternationalRelations

Share.
Leave A Reply

Exit mobile version