රුසියා , යුක්‍රේන යුද ගැටුම් අවසන් කිරිමේ අරමුණින් යුක්‍රේන ජනාධිපතිවරයා හෙට දිනයේ දී ඇමෙරිකා ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.
යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි හා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හෙට දිනයේ දී විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කරනවා.
ෆ්ලෝරීඩා හිදී පැවැත්වීමට නියමිත මෙම හමුවේ දී රුසියාව සමග පවත්නා යුද ගැටුම් අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කළ කරුණු 20කින් සමන්විත සාම යෝජනාවලියට ඊයේ දිනයේ දී සංශෝධන එක්කෙරුණු අතර එම සංශෝධන සඳහා යුක්‍රේනය ප්‍රසාදය පළ කර තිබුණා.
මෙම හමුවේ දී සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙන්ම ඇමෙරිකාවෙන් ආරක්ෂාව තහවුරු කිරීමක් පිළිබඳව ද සාකච්ඡා පැවැත්වෙනු ඇති.
කෙසේ වුව ද යෝජනාවලියට එක්කර ඇති සංශෝධන පිළිබඳව රුසියාව තම අප්‍රසාදය පළ කරනවා.

